The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●
Top Ad
පුවත්

ඉහල දැමූ බැංකු පොලියට ලංකා ගුරු සංගම් විරෝධය

T

The Leader Desk

January 4, 2023 • 4:08 PM

ඉහල දැමූ බැංකු පොලියට ලංකා ගුරු සංගම් විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දී ඇති ණය මුදල් සඳහා පොලිය ඉහළ දැමීම වහාම නතර කරන ලෙස දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ඉල්ලා සිටි.
  • මහජන බැංකුවේ මහා කළමනාකාරවරයා හමුවීමට ගුරුවරු පිරිසක් සමග ජනවාරි 2 වැනි සදුදා ගිය ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කළමනාකරු වෙත ලිඛිතවම එම ඉල්ලීම භාර දීමට කටයුතු කර තිබේ.
  • අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස් විසින් මහජන බැංකුවෙන් විශාල වශයෙන් එම ණය ලබාගෙන ඇති අතර, මේ වන විටත් අදාළ ණය වාරික සහ පොලී ගෙවීමට කටයුතු කරමින් සිටින බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.
  • "මෙම ‘ගුරු සෙත’ ණය පසුගිය කාලයේ ලබාදෙන ලද්දේ 9.5% ක පොලී අනුපාතයකටය.
අකුරු ප්‍රමාණය (Font Size):

දී ඇති ණය මුදල් සඳහා පොලිය ඉහළ දැමීම වහාම නතර කරන ලෙස දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ඉල්ලා සිටි.

මහජන බැංකුවේ මහා කළමනාකාරවරයා හමුවීමට ගුරුවරු පිරිසක් සමග ජනවාරි 2 වැනි සදුදා ගිය ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  කළමනාකරු වෙත ලිඛිතවම එම ඉල්ලීම භාර දීමට කටයුතු කර තිබේ.

පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මහජන බැංකුව මගින් ‘ගුරු සෙත’ ණය ලබාදීම සිදු කරනු ලැබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස් විසින් මහජන බැංකුවෙන් විශාල වශයෙන් එම ණය ලබාගෙන ඇති අතර, මේ වන විටත් අදාළ ණය වාරික සහ පොලී ගෙවීමට කටයුතු කරමින් සිටින බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.



"මෙම ‘ගුරු සෙත’ ණය පසුගිය කාලයේ ලබාදෙන ලද්දේ 9.5% ක පොලී අනුපාතයකටය. එම අනුපාතයට අනුව එම ණය ගෙවමින් තිබියදී මේ වන විට 9.5% සිට 15.5% දක්වා එම පොලී අනුපාතය වැඩි කරන බවට මේ වන විට ‘ගුරු සෙත’ ණය ලබාගත් ගුරුවරුන්ට මහජන බැංකු ශාඛාවන්  මගින් ලිපි ලැබෙමින් පවතී." මෙය බරපතල පීඩාකාරී මෙන්ම අසාධාරණ තත්වයක් බව ලංකා ගුරු සංගමය  බැංකු කළමනාකාරීත්වයට පෙන්වා දී තිබේ.


විශේෂයෙන් ම ණය ලබාදීමේදී බැංකුව විසින් 40% ක ණය අවකරණ සීමාව සලකා බලන අතර, එම අවරකරණ සීමාවට යටත්ව 9.5% ක පොලියට ලබාදුන් ණය සඳහා 15.5% ක් ලෙස පොලිය ඉහළ දැමීමෙන් ඉහත දැක්වූ 40% අවකරණ සීමාව ද ඉක්මා යන තත්වයක් ඇති වී ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා පෙන්වා දෙන පරිදි මහජන බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව අනුව මිලියන 14.5 ක් වන ගනුදෙනුකරුවන්ගෙන් 1.9% ක් එනම් ගණුදෙනුකරුවන් 275500 ක් පමණ වන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස් සඳහා ණය ලබා දී ඇත.

මේ තත්වය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ලබාදුන් ණය සඳහා පොලී අනුපාත වැඩි කිරීමෙන් එම ණය ලබාගත් සියලූ දෙනා පවතින ආර්ථික අර්බුදකාරී තත්වය තුළ තවදුරටත් පීඩාවට පත් වන බව  සිය ලිපිය මගින් ගුරු සංගම් නායකයා පෙන්වා දී තිබේ.

මෙම තත්වය පිළිබඳව අවධානය යොමු කර අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ලබාදුන් ණය සඳහා පොලී අනුපාත වැඩි කිරීමට ගෙන ඇති තීරණය නතර කරන ලෙසත්, විශේෂයෙන් ‘ගුරු සෙත’ ණය ක්‍රමය යටතේ ණය ලබාගෙන ඇති ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ණය පොලී 9.5% සිට 15.5% දක්වා ඉහළ දැමීමේ තීරණය නතර කර, ණය ලබාගත් අවස්ථාවේ එකඟ වු 9.5% පොලී අනුපාතයම අය කිරීමට කටයුතු යොදන ලෙසත් ඉල්ලා  ලංකා ගුරු සංගමය ඉල්ලා ඇත.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රහස්පතින්දා දින වනවිට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවයි.
 


 

JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉහල දැමූ බැංකු පොලියට ලංකා ගුරු සංගම් විරෝධය | The Leader