The Leader News
BREAKING
Top Ad
පුවත්

අපේ වැඩ පෙන්නන්නේ අවුරුදු 15කින් - නියෝජ්‍ය ඇමති කියයි

T

The Leader Desk

August 10, 2025 • 6:09 AM

අපේ වැඩ පෙන්නන්නේ අවුරුදු 15කින් - නියෝජ්‍ය ඇමති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත් දැනට එය ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙය සංක්‍රාන්ති සමයක් බව ද අවධාරණය කළේය.
  • මහජන කැමැත්තෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තේරී පත් වූ මෙම රජය, ඉදිරි වසර පහ, දහය පමණක් නොව කාලයක් රට පාලනය කරන බව ඔහු පැවසීය.
  • මෙම සංක්‍රාන්ති සමයට බිය වූ පුද්ගලයන් සහ පාලකයන් විසින්, ලෝකයේ දැවැන්ත සමාජ, කාර්මික සහ තාක්ෂණික විප්ලවයන් සිදුවන විට, ශ්‍රී ලංකාව වසර 76ක් පුරා අඳුරු යුගයක තැබූ බවද නියෝජ්‍ය අමාත්‍යවර තවදුරටත් පැවසීය.
  • ''ලංකාවේ ආර්ථික වර්ධනය 8.3%යි.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත් දැනට එය ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙය සංක්‍රාන්ති සමයක් බව ද අවධාරණය කළේය.

මහජන කැමැත්තෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තේරී පත් වූ මෙම රජය, ඉදිරි වසර පහ, දහය පමණක් නොව කාලයක් රට පාලනය කරන බව ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ උත්සව සභාවක් අමතමිනි.

මෙම සංක්‍රාන්ති සමයට බිය වූ පුද්ගලයන් සහ පාලකයන් විසින්, ලෝකයේ දැවැන්ත සමාජ, කාර්මික සහ තාක්ෂණික විප්ලවයන් සිදුවන විට, ශ්‍රී ලංකාව වසර 76ක් පුරා අඳුරු යුගයක තැබූ බවද නියෝජ්‍ය අමාත්‍යවර තවදුරටත් පැවසීය.

''ලංකාවේ ආර්ථික වර්ධනය 8.3%යි.. ''

අද වන විට මෙරට විදේශ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් බව නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් සඳහන් කරයි.

නමුත් වර්තමාන ආණ්ඩුව බලය ලබා ගනිද්දී ඇමරිකානු ඩොලර් තුනක්වත් වියදම් කිරීමට හැකි මුදල් නොතිබූ බවත් හෙතෙම කියා සිටී.

අද වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 8.3%ක් අත්පත් කර ඇති බවත් හෙතෙම කියා සිටී.

ඒ ආකාරයෙන් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අත්පත් කර ගනිමින් ඇති බවද ඔහු අවධාරණය කර සිටියි

(මුලාශ්‍රය - ඇත්ත පුවත්පතින් )

ikuygu

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...