The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

නාකොටික් අත් අඩංගුවේ දෙදරු පියා මියයාම පිළිබඳව පරීක්ෂණ ඇරඹේ

T

The Leader Desk

January 13, 2023 • 8:59 PM

නාකොටික් අත් අඩංගුවේ දෙදරු පියා මියයාම පිළිබඳව පරීක්ෂණ ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
  • ඝාතනයට ලක් වු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයකු වු දෙදරු පියකු වන ඒ ජී සමන්ත ප්‍රීතී කුමාර‍ගේ බිරිද මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන්ද චෝදනා කරන්නේ පහර දීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී ඇති බවයි.
  • මාළිගාකන්ද මහේස්ත්‍රාත් නියමයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්ගේ වාර්තාව අනුව මරණය සිදුවී ඇත්තේ අභ්‍යන්තර ලේ ගැලීමකින් බව පොලිස් ප්‍රකාශක නිහාල් තල්දුව පවසයි.
  • “මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා කැඳවා ඇති අතර 2023.01.16 වන දින මෙම සිද්ධියට අදාළ වන සියලු පාර්ශවයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැත්වෙන පරීක්ෂණයට කැඳවීමට නියමිත,” යැයි කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඝාතනයට ලක් වු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයකු වු දෙදරු පියකු වන ඒ ජී සමන්ත ප්‍රීතී කුමාර‍ගේ බිරිද මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන්ද චෝදනා කරන්නේ පහර දීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී ඇති බවයි.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් නියමයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්ගේ වාර්තාව අනුව මරණය සිදුවී ඇත්තේ අභ්‍යන්තර ලේ ගැලීමකින් බව පොලිස් ප්‍රකාශක නිහාල් තල්දුව පවසයි.

"අධිකරණ වෛද්‍යතුමා කියනවා මේක මේ පහරදීලා මරලාදාලා. මටත් හිතා ගන්න බෑ. මේ අමානුෂික විදිහට. මොට ආයුධවලින් හිසට පහර දීලා. කකුල් වලට පහර දීලා. අතපය වලට පහර දීලා. සිදුවීමෙන් සිදු වු ඝාතනයක් කියලා අපිට මරණ පරීක්ෂණ වාර්තාව දැන් ලැබිලා තියනවා. ඒකෙන්ම ඔප්පු වෙනවා මේක පහරදීලා ඝාතනය කිරීමක් කියලා."

ඝාතනයට ලක් වු සමන්ත ප්‍රීතී කුමාර‍ගේ බිරිද වන ශිරානි දිල්රුක්ෂි ප්‍රියදර්ශනි ජනවාරි 12 වැනි සිකුරාදා  සිය සැමියායට සාධාරණයක් ඉටු කරන ලෙස  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට  පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු ජනමාධ්‍ය වෙත ඒ බව සදහන් කළාය.

“මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා කැඳවා ඇති අතර 2023.01.16 වන දින මෙම සිද්ධියට අදාළ වන සියලු පාර්ශවයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැත්වෙන පරීක්ෂණයට කැඳවීමට නියමිත,” යැයි කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක නිකුත් කළ නිවේදනයක දැක්වේ.



පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනවාරි 11 වැනිදා පැය 1930 ට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හෙරොයින් ග්‍රෑම් 15 ට ආසන්න ප්‍රමාණයක් සමග ජනවාරි 10 වැනි දින හවස් කාලයේදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩි දුර ප්‍රශ්න කිරීම් අතුරතුර  "ඇති වු සිදුවීමකින්  පසු" කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදි මියගොස් ඇති බවයි.



"මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම අතරතුර සැකකරු විසින් නිලධාරීන්ට විරෝධය පා කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එය පාලනය කිරීමට යාමේදී ඇති වු සිද්ධියක් හේතුවෙන් සැකකරු ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත," යි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

මියගිය රජයේ සේවකයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස කිසිදු හේතු සාධකයකින් තොරව අවමානයට පත් කළ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය කෙරේ බිරිඳ ඇතුළු ඥාතීන්ගේත් මානව හිමිකම් ක්‍රියාධාරීන්ගෙත් කෝපාන්විත විරෝධය පල විය.



"මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පුද්ගලයව මැරුවා. දෙරණ  මාධ්‍යයෙන් ළමයිවයි, බිරිදවයි සම්පුර්ණයෙන්ම ඝාතනය කිරීමක් වගේ දෙයක් කරා. මොකද ඔහු කුඩු විකුණනවා කියලා දෙරණෙන් ලොකු ප්‍රචාරයක් කරා. අපි අහන්නේ මාධ්‍යයෙන් කරන්න ඔනේ මොකක්ද ? මාධ්‍යයෙන් අහන්න ඔන ගෙදර අයගෙනුත්. මේ පොලීසියයි මේ ඉන්න මිනි මරුවෝ ටික කියන දේද දාන්නේ?"



මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණ සිටි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් චෝදනා කළේය.

පොලිස් අත්අඩංගුවේදී නඩු නැතිව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට පසුගිය වසර කිහිපය තුලදී අවස්ථා ගණනාවකදීම චෝදනා එල්ල වී තිබුනි. ඉන් බොහොමයක් මත්ද්‍රව්‍ය චෝදනා නගා අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේය.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාකොටික් අත් අඩංගුවේ දෙදරු පියා මියයාම පිළිබඳව පරීක්ෂණ ඇරඹේ | The Leader