The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

නැගෙනහිර අක්කර 500ක් 'සිංහල ගොවීන්ට වගාවට දීලා'

T

The Leader Desk

January 17, 2023 • 5:19 PM

නැගෙනහිර අක්කර 500ක් 'සිංහල ගොවීන්ට වගාවට දීලා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල ගොවීන් පිරිසක් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වගා කිරීම නිසා තමන් දිනෙන් දින මහත් අපහසුතාවයකට පත් වෙමින් සිටින බවට නැගෙනහිර පළාතේ දෙමළ කිරි ගොවීහු චෝදනා කරති.
  • ඔවුන් පෙන්වා දෙන්නේ සිය ගවයන්ට තණකොළ කෑම සදහා රජය විසින් වෙන් කර තිබු ඉඩම් ප්‍රමාණයෙන් හතරෙන් එකක පමණ භුමි භාගයක් සිංහල ගොවීන්ගේ වගා කටයුතු වෙනුවෙන් පවරා දී තිබීම නිසා ඉදිරි මාස කිහිපය තුලදී තමන්ගේ ආර්ථික තත්වය තවත් පහලට අද වැටෙන බවයි.
  • නමුත් මේ වන විට එම අවට ගම්වල වාසය කරන සිංහල ජනතාව රජයේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව කෘෂිකාර්මික වගා කටයුතු වෙනුවෙන් ඉඩම් අක්කර 500 ක් පමණ භාවිත කර ඇති බව වාර්තාකරුවන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
  • තමුන් මුහුණ දී සිටින අපහසුතාවය පිළිබදව පොලිසියට පැමිණිල කළද ඒ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා කරන දෙමළ කිරි ගොවීන් පෙන්වා දෙන්නේ යම් හෙයකින් තමන්ගේ ගවයකු ගොවීන්ගේ වගා භුමි පාළු කළහොත් ඊට වන්දි ගෙවන ලෙස පොලීසිය නියෝග කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිංහල ගොවීන් පිරිසක් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වගා කිරීම නිසා  තමන් දිනෙන් දින මහත් අපහසුතාවයකට පත් වෙමින් සිටින බවට නැගෙනහිර පළාතේ දෙමළ කිරි ගොවීහු චෝදනා කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ සිය ගවයන්ට තණකොළ කෑම සදහා රජය විසින් වෙන් කර තිබු ඉඩම් ප්‍රමාණයෙන් හතරෙන් එකක පමණ භුමි භාගයක් සිංහල ගොවීන්ගේ වගා කටයුතු වෙනුවෙන් පවරා දී තිබීම නිසා ඉදිරි මාස කිහිපය තුලදී තමන්ගේ ආර්ථික තත්වය තවත් පහලට අද වැටෙන බවයි.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, කින්නියා, තම්බලගාමම් සහ මුල්ලිපොත්තානෙයි ආදී ගම්වල කිරි ගොවීන්ට සිය ගවයන්ට තණ කැවීම සදහා කන්තලේ සීනි කම්හල ආසන්නයේ ඉඩම් අක්කර 2000 ක භුමියක් රජය විසින් වෙන් කර තිබු බවයි.‍



කිරි ගොවීන්ගෙන් වැඩි පිරිස දෙමළ ජාතිකයන් වන අතර මුස්ලිම් සහ සිංහල කිරි ගොවීන් කිහිප දෙනෙකුද වේ. නමුත් මේ වන විට එම අවට ගම්වල වාසය කරන සිංහල ජනතාව රජයේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව කෘෂිකාර්මික වගා කටයුතු වෙනුවෙන් ඉඩම් අක්කර 500 ක් පමණ භාවිත කර ඇති බව වාර්තාකරුවන් වැඩි දුරටත් පෙන්වා දෙයි.



තමුන් මුහුණ දී සිටින අපහසුතාවය පිළිබදව පොලිසියට පැමිණිල කළද ඒ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා කරන දෙමළ කිරි ගොවීන් පෙන්වා දෙන්නේ යම් හෙයකින් තමන්ගේ ගවයකු ගොවීන්ගේ වගා භුමි පාළු කළහොත් ඊට වන්දි ගෙවන ලෙස පොලීසිය නියෝග කරන බවයි.

සිංහල ගොවීන් විසින් තමන්ගේ ගවයන් සොරාගෙන මස් පිනිස ඝාතනය කර ඇති බවටත් චෝදනා කරන දෙමළ කිරි ගොවීන් වැඩි දුරටත් පවසන්නේ, තෘණ භුමියේ ඉඩම් අල්ලාගෙන ගොවිතැන් කටයුතු වල නිරතවී සිටින සිංහල ගොවීන් නිසා තමන් නිරන්තරයෙන් පීඩාවට පත් වන බවයි.

මෙම ගැටළුවට විසදුම් ලබා දීම සදහා වහාම මැදිහත් වන ලෙස ඔවුහු රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

00100A 1

00100A 2

00100A 3

00100A 4

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...