ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක
ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බව නිල වශයෙන් ඉන්දියාව ප්‍රකාශ කර දින කිහිපයක් තුළ චීනයද මූල්‍ය සහතික ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බවත් පවසමින් ලිපියක් චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් NDTV පුවත් සේවය පෙන්වා දී තිබේ.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නිල වශයෙන් සහාය ලබා දෙන බව ඉකුත් 16 වැනිදා ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙන ලදි.
ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති ණය කෙටි කාලීනව අත් හිටුවීමට චීනය තීරණය කර ඇති බවත් මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ණයහිමියන් එකතු වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කළ බව NDTV පුවත් සේවය පෙන්වා දී ඇත.
ඒ සම්බන්ධයෙන් වන ලිඛිත අනුමැතිය චීනයේ එක්සිම් බැංකුව විසින් ඊයේ දිනයේදී ලබාදී ඇති බව ද NDTV පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
After India, China Backs Sri Lanka's Bid To Secure IMF Bailout Package