The Leader News
BREAKING
Top Ad
පුවත්

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයත් එකඟයි ! - විදෙස් මාධ්‍ය කියයි

T

The Leader Desk

January 22, 2023 • 5:16 PM

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයත් එකඟයි ! - විදෙස් මාධ්‍ය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක
  • ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නිල වශයෙන් සහාය ලබා දෙන බව ඉකුත් 16 වැනිදා ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙන ලදි.
  • ඒ සම්බන්ධයෙන් වන ලිඛිත අනුමැතිය චීනයේ එක්සිම් බැංකුව විසින් ඊයේ දිනයේදී ලබාදී ඇති බව ද  NDTV පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බව නිල වශයෙන් ඉන්දියාව ප්‍රකාශ කර දින කිහිපයක් තුළ චීනයද මූල්‍ය සහතික ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බවත් පවසමින් ලිපියක් චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින්  NDTV පුවත් සේවය පෙන්වා දී තිබේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නිල වශයෙන් සහාය ලබා දෙන බව ඉකුත් 16 වැනිදා ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙන ලදි.

ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති ණය කෙටි කාලීනව අත් හිටුවීමට චීනය තීරණය කර ඇති බවත් මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ණයහිමියන් එකතු වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කළ බව  NDTV පුවත් සේවය පෙන්වා දී ඇත.

ඒ සම්බන්ධයෙන් වන ලිඛිත අනුමැතිය චීනයේ එක්සිම් බැංකුව විසින් ඊයේ දිනයේදී ලබාදී ඇති බව ද  NDTV පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.


After India, China Backs Sri Lanka's Bid To Secure IMF Bailout Package

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...