ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට පනවන ලද පාපන්දු තහනම

රටේ ප්‍රශ්නයක් ලෙස සලකා එම තහනම ඉවත් කර ගැනීම පිණිස  ජනාධිපතිවරයා ගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් පවසයි.

ඔහු එබව පැවසුයේ කොළඹ දී අද (23 ) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2023 ජනවාරි 21 වැනිදා සිට නැවත දැනුම්දෙන තුරු පනවා ඇති මෙම අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියලුම සාමාජික අයිතිවාසිකම් අහිමි වන බවය.

ඒ අනුව අදාල අත්හිටුවීම ඉවත් කරන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නියෝජිතයින්ට සහ මෙරට අන්තර් සමාජ කණ්ඩායම්වලට තවදුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමට අයිතියක් නැති බවට එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සාමාජිකයන්ට හෝ නිලධාරීන්ට, අන්තර් ජාතික පාපන්දු සම්මේලන හෝ ආසියානු පාපන්දු සම්මේලනයේ කිසිදු සංවර්ධන වැඩසටහනකට, පාඨමාලාවකට හෝ පුහුණුවකට සම්බන්ධ විය නොහැකි බවද එහි සඳහන් වේ.

එමෙන්ම මෙම අත්හිටුවීම පවතින කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග කිසිදු ක්‍රීඩා සබඳතාවයක් ඇති කර නොගන්නා ලෙස අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සිය සාමාජිකයන්ට දැනුම් දී තිබේ.

fiffa 1

fifa 2

fifa 3

එම පාපන්දු තහනම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් මේ වන විටත් වේලාවක් ඉල්ලා ඇති බවද රටක් වශයෙන් ශ්‍රී ලංකාව තහනම් වීම රටට කැළලක් බව ද ජස්වර් උමාර් අද පැවති මාධ්‍ය හමුවේදී පැවසිය.

මේ ප්‍රශ්නය මත ජනාධිපතිවරයා හමුවීමට යෑම ක්‍රීඩා ඇමතිවරයා ඉක්මවා යාමක් නොවන බවද රටට ඇති වී තිබෙන මේ අපකීර්තිය මකා ගැනීම සඳහා කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ ද වගකීමක් ලෙස සලකන බවද හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා ඇති ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගැනීමට රටක් වශයෙන් සියලු දෙනාම එකට එකතු විය යුතු බවත් ඒ සඳහා අදාළ  පාර්ශවයන් සම්බන්ධ කර ගැනීමේ කටයුතු සඳහා තමන් පෙරමුණ ගෙන කටයුතු කරන බවත් හිටපු සභාපතිවරයා පැවසීය.

 

 

මෙම ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා දිගු කාලීන සහ කෙටි කාලීන වශයෙන් ක්‍රම දෙකක් ඇති බවත් කෙටි කාලීන ක්‍රමය නම් අමාත්‍යංශය මට්ටමෙන් මෙම ප්‍රශ්නයට මැදිහත් වී ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයේ බේරුම්කාර කමිටුවක් හෙවත් අන්තර්කාලීන කමිටුවක් පත්කර කටයුතු ඉදිරියට ගෙන යාම බව හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එය සතියකින් හෝ කළ හැකි කාරණයක් බවත් අනතුරුව එම කමිටුවට ලබා දෙන කාලය අනුව ඉදිරි අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කොන්දේසි මත පත් වන එම කමිටු කාලයේදී ශ්‍රී ලංකාවට යම් සීමාවක් මත මුදල් ලැබෙන බවද ඔහු පැවසීය.

{gallery}Minister of Sports and FIFA officials{/gallery}
පාපන්දු ප්‍රශ්නය විසඳන්න පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ලංකාවට පැමිණි FIFA ලොක්කෝ සහ ක්‍රීඩා ඇමති අතර සාකච්ඡාවක්.  
 


ශ්‍රී ලංකාවට පැනවූ මෙම ජාත්‍යන්තර තහනමට මූලික හේතුව වුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වෙත ශ්‍රී ලංකාවෙන් පොරොන්දු වූ පරිදි පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම බව ද, එය සංශෝධනය කරන බව කියමින් දිගින් දිගටම ඊට කල් මැරීම බව ද හිටපු සභාපතිවරයා සදහන් කළේය.

එමෙන්ම පසුගිය නිලවරණය පැරණි  ව්‍යවස්ථාව යටතේ පැවැත්වීම ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එකඟතාවයට පටහැනිව සිදුවූවක් බව ද එයද ශ්‍රී ලංකාවට එරෙහි තහනමට බලපා ඇති බව ද හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ව්‍යවස්ථා සම්පාදනය සහ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සම්මේලනය ශ්‍රී ලංකාවට ලබාදුන් මාර්ග සිතියම උල්ලංඝනය  කරමින් ශ්‍රී ලංකාව කටයුතු කිරීම ද මෙරටට ජාත්‍යන්තර තහනම පැනවීම පිණිස බලපා ඇති බව ජාත්‍යන්තර පාපන්දු  සම්මේලනය විසින් අපේ රටේ පාපන්දු තහනම් කරමින් යොමු කර ඇති ලිපියේ දැක්වෙන බව ද හිටපු සභාපති වරයා සඳහන් කළේ ය.


දිගුකාලීන ක්‍රමය ලෙස ක්‍රීඩා පනත සංශෝධනය කර පාපන්දු ව්‍යවස්ථාව සහ ක්‍රීඩා පනත ගැටෙන තැන් නිදොස් කර නව ව්‍යවස්ථාව අනුව නිලවරණය පැවැත්වීම දැක්විය හැකි බවත් මෙම කාර්යයන් සඳහා අප ගත කරන කාලය අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් මිදීමට ගතවන කාලය තීරණය වනු ඇති බවත් ජස්වර් උමාර් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට වසරකට ලැබෙන ඩොලර් මිලියන 2 ක මුදල මේ තහනම හේතුවෙන් අපට අහිමි වී ඇති බවත් ඒ අනුව පාපන්දු සම්මේලනයද ඉදිරියේ දී රටට බරක් වන ආයතනයක් වන බවත් හිටපු සභාපතිවරයා පැවසීය.

එමෙන්ම ජාතික පාපන්දු කණ්ඩායමට ලබන මාර්තු, ජුනි සහ ඔක්තෝම්බර් මාසවල යෙදී තිබූ ජාත්‍යන්තර තරගාවලි අවලංගු වූ බවද ඔහු කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු සභාපති ජස්වර් උමාර් මෙසේ ද කීය.


''ඇත්තටම මේ තහනම හේතුවෙන් අපව ජගත් පාපන්දු පිටියෙන් කොන් කරලා තියෙන්නේ. අපේ විනිසුරුවරුන්ට ජාත්‍යන්තර තරඟ ලැබෙන්නේ නැහැ. පිටරටවල ලීග ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට නැවත ලංකාවට පැමිණෙන්න වෙනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේනය හෝ ඊට අනුබද්ධිත රටවල් සමග කුමන ආකාඅයේ සම්බන්ධතාවයක්වත් පැවැත්වීමට අපට තහනම් .ඊ මේල්, ලිපි හුවමාරු, දුරකථන ඇමතුම් සියල්ල තහනම් .කොටින්ම අපේ පාපන්දු අවුරුදු විස්සක් ආපස්සට ගියා වගේ දැනෙන්නේ.


මේ තහනම ඉවත් කර ගැනීම සඳහා මම කොන්දේසි විරහිතව ඉදිරියට එනවා. මගේ සටන ඊළඟ ඡන්දෙට එන එක නෙවෙයි. මේ කළු පැල්ලමෙන් ශ්‍රී ලංකාව බේරාගන්නා එකයි. මගේ මුළු සේසතම වියදම් කරල හරි මම මේ වෙනුවෙන් කැපවෙනවා. මෙහිදී මට යහළුවො නැති වෙන්න පුළුවන්. ලීග නැතිවෙන්න පුළුවන්. ඒවට සැලෙන්නේ නැහැ.''

පසුගිය දෙසැම්බර් 14 දා පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහය ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා ජයග්‍රහණය අත්කර ගත්තේ ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමි කිරීම තුලයි.



සබැඳි පුවත් :

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් !

ක්‍රීඩා ඇමතිගේ ගෑසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් නඩු මගට

පාපන්දු නිලවරණය වලංගුද? නැද්ද? උසාවියෙන් නොතිසි

අලුත් පාපන්දු සම්මේලන නිලධාරින්ට එරෙහිව පෙනල්ටියක් !

ගෝලිව ඉවත් කර ගෝල් ගැසූ පාපන්දු නිලවරණය!

පාපන්දු නිලවරණයට පැය කිහිපයක් තිබියදී ඇමති රොෂාන් ෆවුල් පිට ෆවුල් ගසයි !

පාපන්දු නිලවරණය: ජස්වර් උමාර් සහ ශ්‍රී රංගා තරඟයට එයි

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් ලොක්කෝ රැසක් දොට්ට !

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ : ක්‍රීඩා සංගම්වලට තහංචි පැනවේ!

ක්‍රීඩා ඇමති ගේමට බසී - ක්‍රීඩා සම්මේලන තනතුරු වලට සිමා පනවයි !

මෙරට තරුණ කණ්ඩායමට ආසියානු පාපන්දු තරගාවලිය අහිමි වෙයි!

පාපන්දුවට පංච පුද්ගල 'අතුරු කමිටුවක්' ! - අභියාචනාධිකරණයේදී එකඟවේ

පාපන්දු අර්බුදය : අභියාචනාධිකරණයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට නොතිසි !

'ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනමක් අබියස' - ජස්වර් උමර්

පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්

ක්‍රිකට් හා පාපන්දු සභාපතිවරු ඉලක්කකර අභියාචනා කමිටුවක් !

දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ලංකාව පාපන්දු තහනමක් අභියස!

පාපන්දු සම්මේලනය වසා දමයි! - වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්

පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව සම්මතයි -නිලවරණය ඔක් 23

පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය අධීක්ෂණයට විදෙස් නියෝජිතයෝ එති

පාපන්දු නිලවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයක් !

පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්

Football අර්බුදය පාර්ලිමේන්තුවට - අනුරගෙන් ඇමතිට ප්‍රශ්න 03ක්

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්