The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

සුගීර්දරාජන් ඝාතනයට යුක්තිය නොලැබී දාහත් වසරයි!

T

The Leader Desk

January 24, 2023 • 5:50 PM

සුගීර්දරාජන් ඝාතනයට යුක්තිය නොලැබී දාහත් වසරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අනුස්මරණය මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සහ මඩකලපුව මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනකු 2006 ජනවාරියේ ඝාතනය කෙරුණු බව හෙළි කෙරෙන ඡායාරූප මාධ්‍යවේදී රාජන් විසින් යාපනයේ සුඩරෝලි පුවත්පතේ මුල් පිටුවේ පල කොට දෙසතියක් ගතවත්ම ඔහු ඝාතනය කරන ලදී.
  • වසරේ ජනවාරි 24 අඟහරුවාදා උදෑසන සිය නිවෙසට ආසන්නයේ දී, තිස් අට හැවිරිදි දෙදරු පියකු වූ සුබ්‍ර‍මනියම් සුගීර්තරාජන්, වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු නීතිය ක්‍රියාත්මක වී නැත.
  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)විසින් ලේඛනගත කර ඇති පරිදි 2004 වසරේ සිට 2010 දක්වා කාලය තුළ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 කි.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන ස්මාරකය අසලදී සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල හිටපු ත්‍රිකුණාමලය ප්‍රධාන වාර්තාකරු ‘රාජන්’ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන්ට මලින් පහනින් උපහාර දැක්වුයේ ජනවාරි  24 වැනි අගහරුවාදා දිනයි.

එම අනුස්මරණය මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සහ මඩකලපුව මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනකු 2006 ජනවාරියේ ඝාතනය කෙරුණු බව හෙළි කෙරෙන ඡායාරූප මාධ්‍යවේදී රාජන් විසින් යාපනයේ සුඩරෝලි පුවත්පතේ මුල් පිටුවේ පල කොට දෙසතියක් ගතවත්ම ඔහු ඝාතනය කරන ලදී.

2006 වසරේ ජනවාරි 24 අඟහරුවාදා උදෑසන සිය නිවෙසට ආසන්නයේ දී, තිස් අට හැවිරිදි දෙදරු පියකු වූ සුබ්‍ර‍මනියම් සුගීර්තරාජන්, වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු නීතිය ක්‍රියාත්මක වී නැත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)විසින් ලේඛනගත කර ඇති පරිදි 2004 වසරේ සිට 2010 දක්වා කාලය තුළ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 කි.

ඒ අතුරින් බහුතරය උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ මාධ්‍යවේදීන්ය. 

 

 sugee 1

 sugee 2

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...