The Leader News
BREAKING
කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට●කොළඹ වරායේ ඩොලර් බිලියන ගනුදෙනුව අත්හැරියේ ඇයි?●විලාසිතා ලෝකයේ සදාචාරාත්මක පසුබෑම: අලුත් වාර්තාවකින් හෙළිදරව්වක්●වරාය නගරයේ අනුමැති ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ප්‍රශ්න●ලිංගික අතවර චෝදනාවට සුරංජිත් සිල්වා ඕස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි●ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ලක්ෂ දහයක පැටලැවිල්ලක්●චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට●
Top Ad
පුවත්

පුරා විද්‍යාව භාරයේ තිබෙන හින්දු කෝවිලකට බරපතල හානි

T

The Leader Desk

March 30, 2023 • 5:20 AM

පුරා විද්‍යාව භාරයේ තිබෙන හින්දු කෝවිලකට බරපතල හානි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට හානි සිදු කළ පිරිස කඳු මුදුනේ තැන්පත් කර තිබූ ආදිලිංගේශ්වරර් ප්‍රතිමාව ගලවා ලඳු කැලෑවට දමා ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • ආදී ලිංගේස්වර පිළිමයට අමතරව එම ස්ථානයේ තැම්පත් කර තිබු පිල්ලෙයාර්, අම්මන් සහ වයිරවර් යන ප්‍රතිමා ත්‍රිත්වයත් එම ස්ථානයෙන් අතුරුදහන් කර ඇති බව ඔවුහු වැඩි දුරටත් පවසති.
  • කෝවිලට සිදු කර තිබෙන හානිය පිළිබදව වව්නියාවේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය කාර්යාලයට මාර්තු 27 වැනිදා පැමිණිලි කළ කෝවිලේ පාලනාධිකාරිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමටද කටයුතු කරන බවයි.
  • එයට හේතු ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ වෙඩුක්කුනාරි කන්ද තම පාලනය යටතේ පවතින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):



වව්නියාව  දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට හානි සිදු කළ පිරිස කඳු මුදුනේ තැන්පත් කර තිබූ ආදිලිංගේශ්වරර් ප්‍රතිමාව ගලවා ලඳු කැලෑවට දමා ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ආදී ලිංගේස්වර පිළිමයට අමතරව එම ස්ථානයේ තැම්පත් කර තිබු පිල්ලෙයාර්, අම්මන් සහ වයිරවර් යන ප්‍රතිමා ත්‍රිත්වයත් එම ස්ථානයෙන් අතුරුදහන් කර ඇති බව ඔවුහු වැඩි දුරටත් පවසති.

කෝවිලට සිදු කර තිබෙන හානිය පිළිබදව වව්නියාවේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය කාර්යාලයට මාර්තු 27 වැනිදා පැමිණිලි කළ කෝවිලේ පාලනාධිකාරිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමටද කටයුතු කරන බවයි.

වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට වසර දෙසීයක කාලයක් තිස්සේ පරම්පරා පහකට අයිති ප්‍රදේශයේ හින්දු බැතිමතුන් වන්දනාමාන කළත් 2018 වසරේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇත්තේ වව්නියාව, නෙදුන්කේනි, ඕලුමඩු ප්‍රදේශයේ පිහිටි වෙඩුක්කුනාරි කන්දට නොයන ලෙසයි.

එයට හේතු ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ වෙඩුක්කුනාරි කන්ද තම පාලනය යටතේ පවතින බවයි.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන පරිදි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එවැනි නිවේදනයක් නිකුත් කර තිබුනද නෙදුන්කේනි පොලීසිය දැනුවත් කිරීමෙන් පසු සෑම සිකුරාදා දිනකම ආදී ලිංගේස්වර කෝවිලේ දේව වන්දනය සිදු කිරීමට දෙමළ හින්දු බැතුමතුන් කටයුතු කර ඇත.

පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකට හානි කරන බවට චෝදනා කරමින් කෝවිලේ පාලනාධිකාරියට එරෙහිව 2021 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළ තිබෙන අතර නඩු කටයුතු වවුනියාව අධිකරණයේ විභාග වන අතරවාරයේ ම  කෝවිලේ ප්‍රධාන හින්දු පූජකවරයෙකු ඇතුළුව තුන් දෙනෙකු බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුව ඔවුන් තිදෙනා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළත් එම නඩුව තව දුරටත් විමර්ශනය කෙරෙන බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.

පළාතේ දෙමළ  ජනතාව අද වන විට මෙම කෝවිල වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල ලෙස හැදින්නුවද අතීතයේ එම ස්ථානය හදුන්වා ඇත්තේ වඩ්ඩමාන පර්වත විහාරය ලෙස බව සිංහල බෞද්ධයන් අතර මතයක්ද පවති.

02030104050607
08

10

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...