The Leader News
BREAKING
Top Ad
පුවත්

1990 සුවසැරිය පණ අදී ! - 'Adopt an ambulance' නව ව්‍යාපෘතියක් එයි !

T

The Leader Desk

April 2, 2023 • 4:42 AM

1990 සුවසැරිය පණ අදී !  - 'Adopt an ambulance' නව ව්‍යාපෘතියක් එයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයක් සමඟ භාණ්ඩාගාරයට තවදුරටත් “සුවසැරිය” හදිසි සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
  • 2018 සිට ලාබ නොලබන අර්ධ රාජ්‍ය සමාගමක් මගින් නඩත්තු වන මේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවට කලින් භාණ්ඩාගාරය මගින් බිලියන 3.9ක් වෙන්කළ නමුදු මේ වසරේ සිට එය බිලියන 2.5කට සීමා කර ඇත.
  • ඒ සමඟ පැය 24 ම ගිලන් රථ 297ක් සේවයේ යෙදවීම රටේ පවතින ආර්ථික තත්ත්වය යටතේ අපහසු වී තිබේ.
  • මේ නිසා දානපතියන්ගේ ආධාර ලබා ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):



සුවසැරිය සේවාව පවත්වාගෙන යාම සඳහා අරමුදල් හිඟවීම හේතුවෙන් ඒ සඳහා දානපතියන්ගේ ආධාර පැතීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු යොදා ඇත.

2018 සිට ලාබ නොලබන අර්ධ රාජ්‍ය සමාගමක් මගින් නඩත්තු වන මේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවට කලින් භාණ්ඩාගාරය මගින් බිලියන 3.9ක් වෙන්කළ නමුදු මේ වසරේ සිට එය බිලියන 2.5කට සීමා කර ඇත.

ඒ සමඟ පැය 24 ම ගිලන් රථ 297ක් සේවයේ යෙදවීම රටේ පවතින ආර්ථික තත්ත්වය යටතේ අපහසු වී තිබේ. මේ නිසා දානපතියන්ගේ ආධාර ලබා ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය කියයි.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ට ලංකාවට ලැබුණු “සුවසැරිය” හදිසි සේවාව ගිලන් රථ 297 ක් සමගින් දිනකට හදිසි ප්‍රතිචාර 1050කට වඩා සහ මිනිත්තු 11.5 කට අඩු කාලයකින් සේවාව ලබා දෙමින් ක්‍රියාත්මක වේ.

සුවසැරිය මේ වනවිට ලක්ෂ 14කට වැඩි පිරිසකට සේවා සපයා තිබේ. මේ එක් ගිලන්රථයක් සඳහා වසරකට ලක්ෂ 50ක් වැය කළ යුතුව ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය කියයි.


'Adopt an ambulance'


මෙම තත්ත්වය තුළ “සුවසැරිය” හදිසි සේවාවේ කලමනාකාර මණ්ඩලය “Adopt an ambulance” නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට සහ ඇති හැකි පුද්ගලයින්ට මෙම සේවාව තවදුරටත් පවත්වාගෙන යෑමට මේ ව්‍යාපෘතිය හරහා උදව් උපකාර කළ හැක.

එක් ගිලන් රථයක වියදම මිලියන 5ක් වේ.

වැඩිදුර තොරතුරු සඳහා :- 076 – 8335 615 ceo@1990.lk

PHOTO 2023 04 02 09 59 15



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...