The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●
Top Ad
පුවත්

හිටපු සාමාජිකයන්ගේ විස්තර පලකිරීමෙන් LTTE නැවත නැගිටීවි යයි පොලිසිය බියෙන්

T

The Leader Desk

April 7, 2023 • 10:19 PM

හිටපු සාමාජිකයන්ගේ විස්තර පලකිරීමෙන් LTTE නැවත නැගිටීවි යයි පොලිසිය බියෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහිත විස්තර ජනමාධ්‍ය තුළ පල කිරීම එම සංවිධානය නැවත ගොඩ නැගිමට අනුබලයක් වනු ඇති බවට පොලීසිය බිය පළ කර තිබේ.
  • ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) එම බිය පළ කර ඇත්තේ කොටි සංවිධානය සමග එක්ව සටන් කොට දිවි පිදූ කදුකරයේ දෙමළ ජනතාවගේ නාම ලේඛනයක් ඇතුලත් කරමින් ලියු ලිපියක් සම්බන්ධයෙන් නිදහස් මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
  • ප්‍රශ්න කිරීමේදී වධබන්ධන පැමිණවීම ගැන කුප්‍රකට ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) නමින් කලින් හඳුන්වනු ලැබූ CTID ය මාධ්‍යවේදියා කැඳවීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසින් ලොවපුරා මානව හිමිකම් ක්‍රියාධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා තිබෙන ජාත්‍යන්තර සංවිධානයක් විසින් හෙලා දැක තිබේ.
  • ඒ ඔවුන් මානව හිමිකම් නගා සිටුවීම සහ කෙලෙසීම් අනාවරණය කිරීමට උත්සාහ දැරීම නිසා බව පෙනීයයි,” යනුවෙන් ඩබ්ලින් නුවර මුලස්ථාන කොටගත් ෆ්‍රන්ට්ලයින් ඩිෆෙන්ඩර්ස් (පෙරමුණේ රැකවලුන්) සංවිධානය පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සහිත විස්තර ජනමාධ්‍ය තුළ පල කිරීම එම සංවිධානය නැවත ගොඩ නැගිමට අනුබලයක් වනු ඇති බවට පොලීසිය බිය පළ කර තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය  (CTID) එම බිය පළ කර ඇත්තේ කොටි සංවිධානය සමග එක්ව සටන් කොට දිවි පිදූ කදුකරයේ දෙමළ ජනතාවගේ නාම ලේඛනයක් ඇතුලත් කරමින් ලියු ලිපියක් සම්බන්ධයෙන් නිදහස් මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

නිදහස් මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත් අප්‍රේල් 6 වැනි බ්‍රහස්පතින්දා නුවරඑළිය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට කැඳවූ නිලධාරීන් එහිදී පැය දෙකකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ “ඊලාම් විමුක්ති අරගලයේදී මියගිය කදුකරයේ දෙමළ ජනතාව” මැයෙන් මාධ්‍යවේදියා 2018 වසරේ මැයි මාසයේදී සිය "පච්චෙයි තංගම් " බ්ලොග් අඩවියට ලියු වාර්තාව සම්බන්ධයෙනි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් හිටපු පාර්ලිමේන්තු වාර්තාකරුවෙකුද වන මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත්ගෙන් කදුකර දෙමළ ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දෙන ලෙස කිතුසර කණ්ඩායම අගනගරයේ විරෝධතා දියත් කළ දිනයේය.  

99ihih


ප්‍රශ්න කිරීමේදී වධබන්ධන පැමිණවීම ගැන කුප්‍රකට ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) නමින් කලින් හඳුන්වනු ලැබූ CTID ය මාධ්‍යවේදියා කැඳවීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසින් ලොවපුරා මානව හිමිකම් ක්‍රියාධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා තිබෙන ජාත්‍යන්තර සංවිධානයක් විසින් හෙලා දැක තිබේ.

“ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීති සහ ඊට සම්බන්ධ යාන්ත්‍රණ ඓතිහාසිකව යොදාගෙන තිබෙන්නේ දෙමළ හා මුස්ලිම් අයට විරුද්ධව නිසා, රාමචන්ද්‍රන් සනත් TIDයට කැඳවීම ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුකරයි. මානව හිමිකම් ආරක්ෂකයන්, සාමකාමී විරෝධතාකරුවන් සහ මාධ්‍යවේදීන් එල්ල කර සිදුකෙරෙන අඩන්තේට්ටම් ගැන නිරන්තර වාර්තා ලැබේ. ඒ ඔවුන් මානව හිමිකම් නගා සිටුවීම සහ කෙලෙසීම් අනාවරණය කිරීමට උත්සාහ දැරීම නිසා බව පෙනීයයි,” යනුවෙන් ඩබ්ලින් නුවර මුලස්ථාන කොටගත් ෆ්‍රන්ට්ලයින් ඩිෆෙන්ඩර්ස් (පෙරමුණේ රැකවලුන්) සංවිධානය පවසා තිබේ.


dty77ty


රාමචන්ද්‍රන් සනත් කැඳවීමට හේතුවූ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ CTID නිලධාරීන් මාධ්‍යවේදියාට පවසා ඇත්තේ හිටපු කොටි සාමාජිකයන්ගේ නම් සහ ඡායාරූප ප්‍රචාරය කිරීම එම සංවිධානය නැවත ගොඩ නැගීමට හා සටන් කිරීමට පුද්ගලයන් තුළ අදහස් ජනිත කිරීමට හේතු වන බවයි.

තමා වාර්තා කළ තොරතුරු වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගත් තොරතුරු බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට පැවසු මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත් එහිදී වැඩි දුරටත් පවසා ඇත්තේ, හිටපු විමුක්ති කොටි සාමාජිකයන් සම්බන්ධයෙන් සිදු කරන වාර්තාකරණයේදී මේ වන විටත් අනෙකුත් ජනමාධ්‍යද ඔවුන්ගේ ඡායාරූප යොදා ගන්නා බවයි.


සල්ලි කොහෙන්ද?

"පච්චෙයි තංගම් " බ්ලොග් අඩවිය පවත්වාගෙන යෑම සදහා පිටස්තර පුද්ගලයන්ගෙන් මුල්‍ය ආධාර ලැබේනවාදැයි, කදුකරයේ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය සහ වැටුප් අරගලය වෙනුවෙන් ද දිගින් දිගටම පෙනී සිටින මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වැඩි දුරටත් විමසා තිබේ.

ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා මාධ්‍යවේදියා හිරිහැරයට ලක්ව ඇත්තේ මේ අවස්ථාවේ පමණක් නොවේ.

“ශ්‍රී ලංකාවේ මලයහ වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් සහ ඉඩම් අයිතිය ලබා දෙන ලෙස ඉදිරිපත් කෙරෙන ඉල්ලීම් සම්බන්ධ ඔහුගේ මාධ්‍යකරණය නිසා රාමචන්ද්‍රන් සනත් අඩන්තේට්ටම්වල ඉලක්කයක් වී ඇති අතර සෝදිසි කිරීමට ලක්වී ඇත. 2021 පෙබරවාරියේ වැටුප් උද්ඝෝෂණයකට සහභාගි වීමෙන් පසු ඔහු අඩන්තේට්ටමටත්, සෝදිසි කිරීමටත් ගොදුරු විය. බුද්ධි අංශ නිලධාරීන් යයි කියාගත් හඳුනාගත නොහැකි පුද්ගලයන් 2021 මාර්තු සහ මැයි මාසවල ඔහුගේ නිවසට පැමිණ ඔහු ආගිය තැන් හා ක්‍රියාකාරකම් ගැන විමසා තිබේ. මේ මානව හිමිකම් ක්‍රියාධරයා අඩන්තේට්ටමට ප්‍රතිචාර වශයෙන් 2021 මැයි 25 වැනිදා පොලිස්පතිට ලියා දන්වා ඇතත්, මේතාක් දුරට කිසිදු පියවරක් ගෙන නැත,” යි ෆ්‍රන්ට්ලයින් ඩිෆෙන්ඩර්ස් පවසයි.

“ඊලාම් විමුක්ති අරගලයේදී මියගිය කදුකරයේ  දෙමළ ජනතාව” මැයෙන් සිදු කළ වාර්තාකරණය නිසා තමන්  අත්අඩංගුවට ගත හැකි බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අනතුරු ඇඟවූ බව සදහන් කරන මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත් අවධාරණය කරන්නේ පොලීසියේ එම බියගැන්වීම  භාෂණයේ නිදහසට බාධාවක් බවයි.

fggdf

xgfrg

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...