එහිදී තුෂේන් සිල්වා දැක්වූ දක්ෂතාවය මීටර් 4.70කි.
ශ්‍රී ලංකාවට මෙලෙස ආසියානු තරගාවලියකදී රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් හිමි වන්නේ වසර 72කට පසුව වීම විශේෂත්වයකි.
තුෂේන් සිල්වා මාරිස්ටෙලා විද්‍යාලයේ සිසුවෙක් වේ.
අප්‍රේල් 27 සිට 30 දක්වා පැවැත්වෙන ආසියානු යොවුන් (U18) ශූරතාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහභාගී වී සිටියි.
1951 දී නවදිල්ලියේ දී පැවති ආසියානු මලලක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ එම්.ඒ. අක්බාර් රිටි පැනීම ඉසව්වෙන් රිදී පදක්කම හිමිකර ගනු ලැබිය. ඔහුගේ දක්ෂතාව වූයේ මීටර 3.38කි.




