The Leader News
BREAKING
Top Ad
පුවත්

සබරගමුව හිටපු මහඇමැති මහීපාල වැඩිපුර තෙල් ගහලා ! - ලීටර් 1700 වෙනුවට 4700ක් අරන්

T

The Leader Desk

August 8, 2025 • 8:50 AM

 සබරගමුව හිටපු මහඇමැති මහීපාල වැඩිපුර තෙල් ගහලා ! - ලීටර් 1700 වෙනුවට 4700ක් අරන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනුවට මසකට ඉන්ධන ලීටර් 4700ක් භාවිත කර ඇති බවත් ඒ සඳහා රුපියල් අනූ අටලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක මුදලක් වැයවී ඇති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.
  • අයකුට හිමි ඉන්ධන දීමනාව තවත් අයකුට ලබා දීමට ප්‍රතිපාදන නොමැති පසුබිමක ආණ්ඩුකාරවරයා ද රටින් බැහැරව සිටින අවස්ථාවක මහඇමැතිවරයා මෙසේ තමන්ට හිමි ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම්වරියට ගෙවා ඇතැයි මෙහිදී හෙළි කෙරිණි.
  • එවකට ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව කටයුතු කර ඇත.
  • එහිදි නිලධාරීන් කියා සිටියේ හිමි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනුවට මසකට ඉන්ධන ලීටර් 4700ක් භාවිත කර ඇති බවත් ඒ සඳහා රුපියල් අනූ අටලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක මුදලක් වැයවී ඇති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

අයකුට හිමි ඉන්ධන දීමනාව තවත් අයකුට ලබා දීමට ප්‍රතිපාදන නොමැති පසුබිමක ආණ්ඩුකාරවරයා ද රටින් බැහැරව සිටින අවස්ථාවක මහඇමැතිවරයා මෙසේ තමන්ට හිමි ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම්වරියට ගෙවා ඇතැයි මෙහිදී හෙළි කෙරිණි.

රජයේ ගිණුම් කාරක සභාවට පසුගියදා සබරගමුව පළාත් සභා නිලධාරීන් කැඳවා තිබූ අතර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

එවකට ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව කටයුතු කර ඇත.

සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මෙහිදී අසා සිටියේ ආණ්ඩුකාරවරයාට ඉන්ධන දීමනාවක් හිමි ද යන්නයි. එහිදි නිලධාරීන් කියා සිටියේ හිමි බවයි.

ආණ්ඩුකාරවරයා රටේ නැති අවස්ථාවක ඔහුගේ පෞද්ගලික ලේකම්ට එය ගෙවන්න පුළුවන්දැයි මෙහිදී සභාපතිවරයා අසා සිටි අතර එසේ ගෙවීමට නොහැකි බව මෙහිදී නිලධාරීහු කීහ.

සභාපතිවරයා ;

කවුද ඒකට උපදෙස් දුන්නේ?


පිළිතුර;

හිටපු ආණ්ඩුකාරතුමාම තමයි

කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියඅආරච්චි,


ලිඛිතව ලබා දී තිබෙනවා ද?


සභාපතිවරයා;

විදේශගතව සිටින අවස්ථාවක ඉන්ධන දීමනාව නොගෙවන ලෙස කොතැනක හෝ සඳහන් කර තිබේ ද යන්න ඉදිරිපත් කරන්න. ඒ මිනිට් එක කවුද දාලා තිබෙන්නේ?


පිළිතුර;

ආණ්ඩුකාර ලේකම් එච්.ජී. සිසිර. පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල.


කමිටු සාමාජික චන්දන සූරියආරච්චි;

ඒ මිනිට් එකෙන් කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා කියලා අනියමින් බලපෑමක් නේද?


සභාපතිවරයා;

මේකට වගකිවයුතු අය හඳුනාගෙන තිබෙනවා ද?

පිළිතුර;

ඔව්. හිටපු ආණ්ඩුකාර ලේකම්තුමා


සභාපතිවරයා;

මේ මුදල් ගෙවන්න කියලා දැනුම් දීමක් කර තිබෙනව ද?


පිළිතුර;

ඔව්.

සභාපතිවරයා;

කවදට කලින් ගෙවන්න කියලා ද කියලා තිබෙන්නේ?


පිළිතුර;

2025-08-03 වැනිදාට පෙර ගෙවන්න කියලා. අපි දැනුම් දීම කළා.


කමිටු සාමාජික මන්ත්‍රීවරයකු;

එම ගෙවීම කරන්න කියලා කියපු ආණ්ඩුකාරවරයාට එරෙහිව මොකක්ද කළේ?


සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සුනිතා එදිරිසූරිය;

ආණ්ඩුකාරවරයාටත් දැනුම් දුන්නා. එතුමා පිළිතුරක් එවා තිබෙනවා. එතුමා පත්කළ ජනාධිපතිවරයා ගෙවනවා කියලා ඒ වගේ ලියලා අපිට කොහොම ද ලිවුම එවන්නේ කියලා ලියලා තිබෙන්නේ.


සභාපතිවරයා;

හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට වාහන තුනක් වෙනුවෙන් මසකට ඉන්ධන ලීටර් 1700ක් සඳහා 2014 වසරේ සිට රුපියල් අනූ අටලක්ෂ පනස් එක්දහස් එකසිය හැත්තෑවක් ගෙවා තිබෙනවා. සබරගමුව පළාත් සභාවේ හිටපු මහඇමැතිවරයා මාසයකට පාවිච්චි කළ ඉන්ධන ලීටර් ප්‍රමාණය කිවුවා නම් ඇති.


පිළිතුර;

1500 ගාණේ තුන්දහසක් අරගෙන තිබෙනවා.


සභාපතිවරයා;

ඒ කාලේ සභාපතිවරයා කවුද?


පිළිතුර;

මහීපාල හේරත් මහතා


සභාපතිවරයා;

එයාට හිමි ඉන්ධන ලීටර් ප්‍රමාණය කීයද?


පිළිතුර;

ඩීසල් ලීටර් පන්සියයක් හා පෙට්‍රල් ලීටර් එක්දහස් දෙසීයයක්.


කමිටු සභාපතිවරයා;

අනුමත කරගෙන ඇති ප්‍රමාණය කොච්චර ද?


පිළිතුර ;

අමතරව ඩෙක්මා ආයතනයෙන් පෙට්‍රල් ලීටර් එක්දහස් පන්සියයක් සහ මාර්ගස්ථ මගී සේවා ප්‍රවාහන අධිකාරියෙන් තවත් එක්දහස් පන්සියයක් අනුමත කරගෙන තිබෙනවා.


කමිටු සභාපතිවරයා;

එතකොට එකතුව හාරදහස් හත්සියයක්. එතකොට සබරගමුව මහඇමැතිවරයා මාසයකට ඉන්ධන ලීටර් හාරදහස් හත්සියයක් අරන් තිබෙනවා.


කමිටු සාමාජික;

කැබිනට් අමාත්‍යවරයෙක්ටත් මාසයකට ලැබෙන්නේ ලීටර් එක්දහස් හත්සියයක්. එතකොට මහඇමැතිතුමා රටේම දිවුවා වගේ තමයි. එතකොට දවසකට ලීටර් 155ක් විතර පාවිච්චි කරලා තිබෙනවා.


කමිටු සාමාජික;

එස්.එම්. චන්ද්‍ර‍ෙස්න මහතාගේ නෝනා අවුරුදු 16කට බරපතළ වැඩ සහිතව හිරේ ඉන්නේ ලක්ෂ විසිහයකට.


කමිටු සභාපතිවරයා;

මහඇමැතිවරයා තමයි මේ තරම් ප්‍රමාණයක් වැඩිකර දෙන්න කියලා ඉල්ලන්නේ.

කමිටු සාමාජික මන්ත්‍රීවරයකු;

එතුමා ලිඛිතව ඉල්ලා තිබෙනවා ද?

පිළිතුර ;

ඔව්.

කමිටු සාමාජික මන්ත්‍රීවරයකු ;

මෙතන තිබෙන බරපතළ වරද තමයි නීතිය දැන දැනම ප්‍රධාන අමාත්‍යවරයා මෙම වැරැද්ද සිදු කිරීම.

| dinamina

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සබරගමුව හිටපු මහඇමැති මහීපාල වැඩිපුර තෙල් ගහලා ! - ලීටර් 1700 වෙනුවට 4700ක් අරන් | The Leader