The Leader News
BREAKING
ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

හමුදා විහාරයට එරෙහි උතුරේ විරෝධතාකරුවන් අත්අඩංගුවේ

T

The Leader Desk

May 24, 2023 • 7:22 PM

හමුදා විහාරයට එරෙහි උතුරේ විරෝධතාකරුවන් අත්අඩංගුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෞද්ධ විහාරයක් ඉවත් කර සිය භූමිය නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතා දියත් කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ නායකත්වය යටතේ විරෝධතාවයට එක්ව සිටි දෙමළ ජාතිකයන් නම දෙනෙකු 23 වැනි අගහරුවාදා පලාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන උද්ඝෝෂණයේ අයිතිය තහවුරු කරමින් අධිකරණය විසින් දී ඇති නිර්දේශයක්ද තිබියදීය.
  • කන්කසන්තුරේ වලිකාමම් උතුරේ තයියිට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් අලුතින් ඉදි කර තිබෙන තිස්ස විහාරස්ථානය සමීපයේ මැයි 22 සහ 23 යන දෙදින තුළ උද්ඝෝෂණ දියත් කිරීමට විරෝධතා කරුවන් කටයුතු කර තිබේ.
  • විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව විසින් තිස්ස විහාරස්ථානය ඉදිකරතිබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බෞද්ධ විහාරයක් ඉවත් කර සිය භූමිය නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතා දියත් කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ නායකත්වය යටතේ විරෝධතාවයට එක්ව සිටි දෙමළ ජාතිකයන් නම දෙනෙකු 23 වැනි අගහරුවාදා පලාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන උද්ඝෝෂණයේ අයිතිය තහවුරු කරමින් අධිකරණය විසින් දී ඇති නිර්දේශයක්ද තිබියදීය.

 කන්කසන්තුරේ වලිකාමම් උතුරේ තයියිට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් අලුතින් ඉදි කර තිබෙන තිස්ස විහාරස්ථානය සමීපයේ මැයි 22 සහ 23 යන දෙදින තුළ උද්ඝෝෂණ දියත් කිරීමට විරෝධතා කරුවන් කටයුතු කර තිබේ.



විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව විසින් තිස්ස විහාරස්ථානය ඉදිකරතිබෙන බවයි.



 '' කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය'' අප්‍රේල්  27 වැනි  දින සිදු කළ බව අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ සදහන් කර තිබුනි.

'' ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,'' යි යුද හමුදාව පවසයි.

 මැයි 22 වැනිදා දියත් කළ විරෝධතාවයට එක්ව සිටි නීතිඥ සුගාෂ් කනගරත්නම් චෝදනා කළේ සිංහල බෞද්ධ රජය දෙමළ ජනතාවගේ හැඟීම්වලට ගරු නොකරන බවයි.

'' ජනතාවගේ ඉඩම් ජනතාවට දෙන්න කියලා අරගල රැසක් අපි දිගින් දිගටම මෙහෙයවා තිබෙනවා. නමුත් අපේ ඉල්ලීම් නොසලකන සිංහල බෞද්ධ රජය, තමන්ගේ මර්දන කොටස් ලෙස හමුදාව, පොලිසිය තියාගෙන, දෙමළ ජනතාවගේ හැඟීම්වලට ගරු නොකර, අපේ ඉඩම් අල්ලාගෙන, අපේ මිනිස්සුන්ව ඉඩම්වලින් පන්නා දමලා, අපේ කෝවිල්  වනසලා, දෙමළ ජනතාවගේ ඉඩම්වල නීතිවිරෝධි ගොඩනැගිල්ලක් ඉදිකරලා ඒක විවෘත කරන්න යනවා.”


මහනාහිමියන්ට ආයාචනයක්

මෙම නීති විරෝධී ආක්‍රමණවලට එරෙහිව සටන් කිරීමට තමන් සමග එක්වන ලෙස නීතිඥ සුගාෂ් කනගරත්නම් ඒහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්ට ආයාචනයක් ද කළේය.

'' අස්ගිරි සහ මල්වතු පාර්ශව ඒක දෙයක් සලකා බැලිය යුතුයි. අපි බුද්ධාගමට ගරු කරනවා, සිංහල ජනතාවට ආදරෙයි. අපි විරුද්ධ වෙන්නේ බෞද්ධ ආක්‍රමණයට යි. අපි යාපනයේ නාග විහාරයට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ නැහැ. අපි නීති විරෝධී ආක්‍රමණවලට එරෙහිව සටන් කරනවා. එබැවින් අපගේ සාධාරණත්වය තේරුම් ගෙන මෙම නීති විරෝධී ආක්‍රමණවලට එරෙහිව සටන් කිරීමට අප හා එක්වන ලෙස ගෞරවනීය අස්ගිරි සහ මල්වතු පාර්ශවයෙන් අපි ඉල්ලා සිටිනවා. “

 පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ තිස්ස විහාරස්ථානය සමීපයේ පිහිටි පෞද්ගලික ඉඩමේ විරෝධතා දියත් නොකරන ලෙස පොලීසිය කළ දැනුම්දීම නොතකා විරෝධතා දියත් කිරීම නිසා පොලීසිය එම පිරිස අත්අඩංගුවට  ගෙන ඇති බවයි.



විරෝධතාවට එක්ව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ ඔසවාගෙන ගොස් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නිල ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.
 

විහාරය ඉදිකිරීමට විරුද්ධව මැයි 3 වැනිදා සිට 5 වැනිදා දක්වා විරෝධයක් දියත් කිරීමට ජනතාව කටයුතු කළ අවස්ථාවේ පානීය ජලය හා බෙහෙත් ඇතුළු විරෝධතාකරුවන්ට අත්‍යාවශ්‍ය දෑ ලබාදීමට පොලිසිය පනවා තිබු අවහිර ඉවත්කරවා ගෙන තිබුනේ මානව හිමිකම් කොමිසමේ මැදිහත් වීමෙනි.

 ස්ථානය පරීක්ෂා කිරීමට මැයි 3 වැනිදා පැමිණි මල්ලාකම් මහේස්ත්‍රාත් ගයාත්‍රි සේලවන් විනිසුරුවරිය ප්‍රකාශ කොට තිබුනේ එතැන විරෝධතා පැවැත්වීමේ අයිතියක් මහජනතාවට තිබෙන බවයි.

විරෝධතාවයේ නිරත ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ  එම්.ඒ.සුමන්තිරන් පවසන පරිදි  තිස්ස විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය ලබා නොදීමට 2021 වසරේදී තෙලිප්පලෙයි ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේදී තිරණයක් ගෙන තිබේ.

විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොමැති බව උද්ඝෝෂණයේ යෙදී සිටින දෙමළ ජනයා සදහන් කරයි.

 

Walikamam 1

Walikamam 2

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...