ගිනි රාජ්‍යයේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මේ රටට ඇතුළුවීමට තැත් කර

ආගමන විගමන දෙපාර්තමේන්තුවට හසුවී පිටිවහල් කිරීමට සැරසී සිටිය දී තම නිවාස ව්‍යාපෘතියක ආයෝජකයෙක් බව කියමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් ලියුම් ලියා නිදහස් කරගෙන රට ඇතුළට ගැනීමට තැත් කළ සැකකාර චීන ජාතිකයා, චීන රජයේ වරෙන්තු කරුවෙක් බව නීතිපතිවරයා අද (29) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා කළ ලිඛිත දැනුම් දීමෙන් පසු මෙම සැකකාර  චීන ජාතිකයා නිදහස් කළ ද පසුව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස්ගේ උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සූදානම් කළේය.

ඒ අවස්ථාවේ දී අත් අඩංගුවට පත් සැකකාර චීන ජාතිකයා, චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, තමන් පැමිණි ඩුබායි රාජ්‍යයට පිටුවහල් කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.



එම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ආගමන විගමන පාලක වෙත මැයි 27 දා නිකුත්කර ඇති ලිපියකින් හෙළිදරවු වූයේ මෙම චීන ජාතිකයා චීන රජය තුළ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබ චීන රජයෙන් වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු බවය. ඒ අනුව, සැකකාර චීන ජාතිකයා විසින් ඉදිරිපත් කළ පෙත්සම ද ඉල්ලා අස් කර ගැනීමට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කටයුතු කළේය.



000011000011200001130000114චීන තානාපති කාර්යාලයෙන් නිකුත්කර තිබු ලිපිය


මෙම චීන ජාතිකයා තවත් චීන ජාතිකයෙක් සහ ඊජිප්තු ජාතිකයෙක් සමග ගිනි රාජ්‍යයේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළේ පසුගිය 18 වැනිදා ය.  ඔවුන් එදින රාත්‍රී 09.50ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

උක්ත චීන ජාතිකයා ඩුබායි සිට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කළ විදෙස් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව තහවුරු වීමත්, ඔහු ලඟ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබීමත් හේතුවෙන් කටුනායක  ආගමන විගමන නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තේය. ඒ අවස්ථාවේ දී ඔහුත්, ඔහු සමග පැමිණි පුද්ගලයින් දෙදෙනාත් කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

xxxereව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය.


ඔවුන් තිදෙනාම අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් ඔවුන් යළි හරවා යැවීම සඳහා රඳවා ගැනීමේ කුටියක් වෙතට යොමු කරන්නේ ඉන් අනතුරුවය.

මේ අවස්ථාවේ දී දිගින් දිගටම බලවතුන්ගෙන් බලපෑම් සහිත දුරකථන ඇමතුම් ලැබී ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් මුලින් කලහකාරී ලෙස හැසිරුන ද  පසුව අත්අඩංගුවෙන් මිදීම සඳහා ආගමන නිලධාරීන්ට මුදල් අල්ලස් ලබා දීමට උත්සාහ කර තිබිණි.


රාජ්‍ය  අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිද්ධියට මැදිහත් වන්නේ ඔහුගේ මිතුරකු වන කීර්ති නමැති අයකුගේ මැදිහත්වීම හරහාය. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා පසුදාම (මැයි 19) ආගමන විගමන පාලකකට ලිපියක් යොමුකර තිබිණ. ඇමතිවරයා එහි සඳහන් කර ඇත්තේ, මෙම පුද්ගලයා තම අමාත්‍යංශයේ නිවාස ව්‍යාපෘතියක ආයෝජකයකු බැවින් ඔහුව නිදහස් කර හරින ලෙසයි.

 
 
fgfgඅරුන්දික ඇමතිගේ ලිඛිත ඉල්ලීම


ඇමතිවරයා කරන ලද ලිඛිත දැන්වීම පදනම් කරගෙන  ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මෙම ව්‍යාජ විදෙස් ගමන් බලපත් චීන ජාතිකයාට රට තුළට ඇතුල්වීමට අවසර දෙන ලෙස ගුවන්තොටුපල නිලධාරීන්ට උපදෙස් දී තිබිණ.  සැකකාර චීන ජාතිකයා කටුනායකින් රට තුළට පිවිසුනේ එලෙසය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ පුළුල් අනාවරණය කෙරින.

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා විසින් ලබා දෙන ලද ලිපියකට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රටට ඇතුළු වීමට අවසරය ලබා දුන් චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යළි කැඳවා ප්‍රකාශයක් ලබාගෙන රටින් පිටුවහල් කරන ලෙස ආගමන විගමන පාලකවරයා වෙත  මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් දැනුම් දී තිබුනේ මේ අතරය.

ඒ අනුව පසුගිය 22 දා මෙම චීන ජාතිකයාව ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනුණි. එම ප්‍රකාශ සහ මෙම චීන ජාතිකයා ගේ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු වහාම රටින් පිටුවහල් කිරීමට තීන්දු විය.


දැන් හෙළි වන්නේ මේ ව්‍යාජ විදෙස් ගමන් බලපත් හිමි චීන ජාතිකයා, චීන රජයේ අපරාධකරුවෙක් බවය. අපරාධ චෝදනා මත වරෙන්තු නිකුත් වූ පුද්ගලයෙක් බවය. වාර්තාවන ආකාරයට ඩුබායි හි නිත්‍ය පදිංචිකරුවකු වන මෙම චීන ජාතිකයා එරට තුල දැවැන්ත ආයෝජනයන් සිදුකර තිබේ.


fdgsrt44

ඔහුට මෙරට තුල ආයෝජනය කරන ලෙස ඉල්ලීමක් කර ඇත්තේ කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ප්‍රකට චීන අවන්හලක් පවත්වාගෙන යන චීන ජාතිකයෙකි.

ඒ අනුව, චෝදනාවට ලක්ව ඇති චීන ජාතිකයා, චීන ජාතිකයින් සඳහා දැවැන්ත සාප්පු සංකීරණයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ආයෝජනයක් කිරීම සඳහා මෙරටට පැමිණි බව වාර්තාවේ.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ, චෝදනා ලද මෙම චීන ජාතිකයා නිදහස් කිරීම සඳහා මැයි 18 අලුයම ගුවන් තොටුපලට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආරක්ෂක නිලධාරියකු, කොල්ලුපිටියේ ව්‍යාපාර පවත්වාගෙන යන චීන ජාතිකයගෙන් ලක්ෂ 50ක අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇති බවට  පැමිණිල්ලක් ලැබී ඇති බවයි.


මේවනවිට වැලිසර කඳවුරක රඳවා සිටින සැකකාර චීන ජාතිකයා, තමාව චීනයට බාරනොදී තමන්ට නේවාසික පදිංචිය ලබාදී ඇති ඩුබායි වෙත බාරදීමට හෝ මෙරට තුළ රැඳී සිටිමින් ඇමරිකානු ඩොලර් මිලියන දහස් ගණනක ආයෝජන සිදුකිරීමට අවස්ථාව දෙන ලෙසට සිය නීතිඥයින් මාර්ගයෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ද වාර්තාවේ.



( උපුටා ගැනීම් - lankasara.com)



සබැඳි පුවත් :
අරුන්දක ගෙන ආ චීනාව පිටුවහල් කිරීමට නියෝග

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්