The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට

T

The Leader Desk

May 9, 2026 • 9:18 AM

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ වෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
  • විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.
  • බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
  • ඒ අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව  එම කොමිෂන් සභාව සඳහන් කළේය.

විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

කෙසේවෙතත් රු. බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන බව සඳහන් වෙයි.

18%ක විදුලි ගාස්තු වැඩිවීම සිදුවන අයුරු...

* ගෘහස්ථ පාරිභෝගික ඒකක 0 - 180 අතර, විදුලි ගාස්තු වැඩිවීමක් නොමැති අතර, 180ට වැඩි නම් 18%ක්

* පොදු කාර්යය (GP 1/) ඒකක 180ට අඩු කාණ්ඩ සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, GP 2/GP 3 කාණ්ඩ සඳහා  18%ක්

* සියලුම රාජ්‍ය ආයතන සඳහා 18%ක්

* හෝටල් ක්ෂේත්‍රයේ H1 සහ H2 සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර, පරිභෝජනය වැඩිනම් 18%ක්

* සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, විශාල ප්‍රමාණයේ කර්මාන්ත සඳහා18%ක්

* විදුලි පරිභෝජනය ඒකක 180ට අඩු පූජනීය ස්ථාන සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර,

* ඒකක 180ට වැඩි නම් 18%ක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට | The Leader