මෙසේ විශ්‍රාම ගිය පිරිසෙන් එන්.එස්.ඕ සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාලය නියෝජනය කරන පිරිසට අවශ්‍ය වන්දි මුදලෙන් 50%ක් ද අනෙක් සමාගම් නියෝජනය කරන පිරිසට අවශ්‍ය වන්දි මුදලෙන් 100%ක් ද මහා භාණ්ඩාගාරය විසින් දරනු ලබන බව ඇමැතිවරයා කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ ද කීය.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය සමග ප්‍රධාන ආයතන 4කට බෙදුණා. ඒ ආයතනවලට සම්බන්ධ වෙන්න අකමැති සේවකයන්ට ස්වෙච්ඡාවන් විශ්‍රාම යන්න අවස්ථාව දුන්නා. ඒ වන්දිය ඉක්මනින් දෙන්න අපි උත්සාහ කළත් විශේෂ හේතු නිසා පමා වුණා. ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය සංඛ්‍යාව 1896ක්. ඔවුන්ට වන්දිය සඳහා රුපියල් බිලියන 8.5ක් ගෙවිය යුතුයි. එය මහා භාණ්ඩාගාරයෙන් දැරීමට තීන්දු කළා. ඊ.ඩී.එල් සමාගමේත් ජාතික සම්ප්‍රේෂණ ජාලයේත් එන්.එස්.ඕ ආයතනයේත් මේ පිරිස සිටින්නේ. මෙයින් එන්.එස්.ඕ සමාගමේත් සම්ප්‍රේෂණ ජාලයේත් අවශ්‍ය වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයෙන් දෙනවා. අනික් ආයතනවලට සම්පූර්ණයෙන් දරනවා. අද කැබිනට් අනුමැතිය ගන්න නියමිතයි. මේ සතියේම එම වන්දි ගෙවන්න අවශ්‍ය පියවර ගන්න පුළුවන් වේවි.
සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිංසස්කරණ කටයුතු සිදුකරන බව හිටපු බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි පැවසුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 15 වැනිදාය.
ඔහු ඒ බව පැවසුවේ, ලංකා විදුලි බල පනතේ සංශෝධන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා එදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.
විදුලිබල මණ්ඩලයේ 23,000කට ආසන්න සේවකයින් සංඛ්‍යාවක් සේවයේ යෙදෙන බවත්, විදුලිබල මණ්ඩලයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ යටතේ එම සියලු ම සේවකයින් මෙම ආයතක 04ට අනුයුක්ත කිරීම සිදු කරන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එම ආයතන 100%ක් රජය සතු කොටස් හිමි මහා භාණ්ඩාගාරය සතු සමාගම් බව ද ඔහු කීවේය.
එම සමාගම්වලට එක්වීමට ඇතැම් සේවකයන්ගෙන් මතු වූ අකැමැත්ත මත මෙසේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑමට අවස්ථාව සැලැසිණි.
(සටහන | ගිම්හාන් ද සිල්වා)
ලංවිමෙන් ගෙදර ගිය 1896කට වන්දි දෙන්න බිලියන 8.5ක්
T
The Leader Desk
May 11, 2026 • 11:41 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙසේ විශ්‍රාම ගිය පිරිසෙන් එන්.එස්.ඕ සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාලය නියෝජනය කරන පිරිසට අවශ්‍ය වන්දි මුදලෙන් 50%ක් ද අනෙක් සමාගම් නියෝජනය කරන පිරිසට අවශ්‍ය වන්දි මුදලෙන් 100%ක් ද මහා භාණ්ඩාගාරය විසින් දරනු ලබන බව ඇමැතිවරයා කීවේය.
- ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය සමග ප්‍රධාන ආයතන 4කට බෙදුණා.
- ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය සංඛ්‍යාව 1896ක්.
- ඔවුන්ට වන්දිය සඳහා රුපියල් බිලියන 8.5ක් ගෙවිය යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



