The Leader News
BREAKING
Top Ad
පුවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂ 19 දක්වා රිමාන්ඩ්

T

The Leader Desk

August 6, 2025 • 11:26 AM

ශෂීන්ද්‍ර රාජපක්ෂ 19 දක්වා රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කර තිබුණි.
  • මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.
  • ඌවේ මහ ඇමති ධූරය සහ ඇමති ධූර හතරක් දැරූ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ 2009 – 2015 කාල සීමාවේ ඌව පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා ද වේ.
  • ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අමාත්‍ය ධූර කිහිපයක් හොබවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.

 

එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ ට චෝදනා එල්ල වී තිබේ.

 

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ ව එලෙස අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනයක් නිකුත් කර තිබිණි.



ඌවේ මහ ඇමති ධූරය සහ ඇමති ධූර හතරක් දැරූ බස්නායක නිලමේ

ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ 2009 – 2015 කාල සීමාවේ ඌව පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා ද වේ.

හිටපු කතානායක චමල් රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඥාති පුත්‍රයෙකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අමාත්‍ය ධූර කිහිපයක් හොබවා තිබේ.

ඔහු වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2020 වසරේදී පත් කරනු ලැබී ය.

2021 වසරේ සිට 2022 අප්‍රේල් දක්වා ඔහුට කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සහ සැපයුම් නියාමනය කිරීම සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි විය.

2022 වසරේ සිට 2024 දක්වා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2024 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ, ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ ය.

2021 වසරේ චීන සමාගමකින් ගෙන්වූ පොහොර තොගයක් ප්‍රමිතියෙන් තොර වීම නිසා රජයට ඩොලර් මිලියන 6.9ක අලාභයක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මැයි මාසයේදී දැනුම් දී තිබිණි.

(උපුටාගැනීම් - බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...