The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් 1926 අමතන්න

T

The Leader Desk

December 8, 2025 • 4:58 AM

ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් 1926 අමතන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ආපදා තත්ත්වයන් මනසට ඍජුවම බලපාන හෙයින්, මානසික පීඩනය ඇතිවීම සුලබ බව විශේෂඥයෝ පෙන්වා දෙති.
  • හදිසි උපදෙස් සහ උපදේශන සේවා ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම්, ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකථන අංකය අමතා අවශ්‍ය උපදේශන නොමිලේ ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත.
  • රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ එවැනි පීඩනයකට ඔබ ලක්ව සිටින්නේ නම් ප්‍රථමයෙන් ගැටලුව හඳුනා ගත යුතු අතර පසුව එම ගැටලුවට විසඳුම හඳුනා ගත යුතු බවයි.
  • දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්නම්, ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද වෛද්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ආපදා තත්ත්වයන් මනසට ඍජුවම බලපාන හෙයින්, මානසික පීඩනය ඇතිවීම සුලබ බව විශේෂඥයෝ පෙන්වා දෙති.

හදිසි උපදෙස් සහ උපදේශන සේවා


ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම්, ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකථන අංකය අමතා අවශ්‍ය උපදේශන නොමිලේ ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත.

රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ එවැනි පීඩනයකට ඔබ ලක්ව සිටින්නේ නම් ප්‍රථමයෙන් ගැටලුව හඳුනා ගත යුතු අතර පසුව එම ගැටලුවට විසඳුම හඳුනා ගත යුතු බවයි.

දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්නම්, ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද වෛද්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී සිටියි.

මානසික පීඩනයේ ලක්ෂණ

වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පෙන්වා දෙන පරිදි, පීඩාවට පත් වූ පුද්ගලයෙකු තුළ තරහා යෑම, නින්ද නොයෑම, ආහාර රුචියක් නොමැති වීම, තෙහෙට්ටුවක් දැනීම ආදී ලක්ෂණ ඇති විය හැකිය.

ව්‍යසනයෙන් පසු මනසට මුලින්ම දැනෙන්නේ "අපිට ලොකු කරදරයක් වුණා" යනුවෙන් ඇතිවන දැඩි දුක් සහිත තත්ත්වයයි. එමෙන්ම හිස් බව, කම්පනය (ෂොක් එකක්), කිසිම දෙයක් කරන්න උනන්දුවක් නැති තත්ත්වයක් ඇතිවීමටද පුළුවන.

දරුවන් සාමාන්‍යකරණය කිරීම

මෙම ව්‍යසනය හේතුවෙන් දරුවන් පීඩනයට පත්ව ඇත්නම්, ඔවුන්ගේ ජීවිතය හැකිතාක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළ යුතු බව මහාචාර්ය චන්ද්‍රදාස අවධාරණය කරයි. උදාහරණයක් ලෙස,හැකි ලෙසකින් ඔවුන්ට සෙල්ලම් කිරීමට වටපිටාවක් නිර්මාණය කරදීම.යාලුවෝ මුණ ගැසීමට අවස්ථාවක් සලසා දීම.

බලාපොරොත්තුව අත් නොහරින්න

අපේ රට විවිධ අවස්ථාවල ස්වභාවික ව්‍යසන සහ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති බව සිහිපත් කළ වෛද්‍ය මහාචාර්යවරයා, ජනතාවගේ එකමුතු බව, ධෛර්යවන්තකම සහ නොපසුබට උත්සාහය හේතුවෙන් එවැනි තත්ත්වයන් හමුවේ රට ගොඩනැගීමට හැකි වූ බව සඳහන් කළේය.

"මේ ආපදා තත්ත්වය නිසා ඔබ හිංසනයට කරදරයට පත්වෙලා තිබෙනවා නම් ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හැමෝම උදව් කරන්න පෙනී සිටිනවා. එම නිසා ඔබේ උත්සාහය, අනාගතය ගැන තියෙන බලාපොරොත්තු අත්හැර ගන්න එපා. නිවස නැති වුණා නම්, පවුලේ කෙනෙක් නැතිවුණා නම්... ඔබේ හිතේ තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා," යනුවෙන් මහාචාර්යවරයා පීඩාවට පත් ජනතාවට ධෛර්යය ලබා දුන්නේය.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...