The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

BMICH පොත් ප්‍රදර්ශනය: නව ලිබරල් ධනවාදී ඉල්ලුම සහ සැපයුම

Nethmini

Nethmini

October 10, 2026 • 9:46 AM

BMICH පොත් ප්‍රදර්ශනය: නව ලිබරල් ධනවාදී ඉල්ලුම සහ සැපයුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතු පළ වන්නේ ඔහු මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳ විමසුම් ඇස යොමු කළ පසු දක්නට ලැබුණු ආකාරය පිළිබඳ ඔහුගේ විග්‍රහය යි.
  • අංක 3,4,5 අළෙවි ප්‍රවණතාවය 35% කි.
  • ඇටකුණා වීම සහ/හෝ කිරීම: කෙටියෙන් පවසතොත් කොසොල් රජු දුටු දෙවන සිහිනය, එනම් වියතක් දෙකක් පමණ උස ගස්වල ගසේ තරමට ඔරොත්තු නොදෙන තරම් වූ විශාල ගෙඩි හටගන්වන්නට අනුබල දීමක් ද පොත පත වෙතින් සිදුවන බව පෙනෙයි .
  • කිසියම් වෘත්තියක නිරත නොවන අංක 3 දරන ග්‍රාහක පිරිස, මා පිය, වැඩිහිටි හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් හෝ අවශ්‍ය ප්‍රතිපාදන (ක්‍රයශක්තිය) සොයා ගනී.
අකුරු ප්‍රමාණය (Font Size):

මතු පළ වන්නේ ඔහු මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳ විමසුම් ඇස යොමු කළ පසු දක්නට ලැබුණු ආකාරය පිළිබඳ ඔහුගේ විග්‍රහය යි.

අලෙවි ප්‍රවණතාවයේ නිර්නායක:

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලෙවි ප්‍රවණතාව තෝරාගත් නිර්නායක කිහිපයක් පාදක කරගෙන කිසියම් දැනුවත් කිරීමක් උදෙසා , පහත දැක්වෙන ආකාරයට පෙළ ගස්වන්නට යෙදිණි.

(1 ) පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය (30%)

(2) ආධ්‍යාපනික පත පොත (20%)

(3) සංක්‍රාන්තික යෞවනය - වයස අවු 12 සිට18 (15%)

(4) යෞවනය  - වයස 18 සිට30 (10%)

(5) වයසේ තරමට මුහුකුරා නොගිය (ඇට්ටකුණා වූ) වැඩිහිටි (10%)

(6) හුදීජන බැතිමතුන් ගේ පහන් සංවේගයට අදාළ (10%)

(7) වෙනත් (5%)

ඉල්ලුම සහ සැපයුම මගින් තීන්දු තීරණ ගත්, වෙනත් කිසිදු පෙලඹවීමක බලපෑමකින් තල්ලුවක් නොළත්, මිලදී ගැනීම් පමණක් මෙහි දී සැලකිල්ලට ගනු ලැබිණි .

අංක 3,4,5 අළෙවි ප්‍රවණතාවය 35% කි. මේ තුළ කුමර බඹසර, කුමරි බඹසර දැහැන් බිඳිනා පොත් ද, Bl Gl නමින් හඳුන්වන පොත් ද, හොඳපිට කනපිට හැරවූ පොත් ද අන්තර්ගත ය.


ඇටකුණා වීම සහ/හෝ කිරීම:

කෙටියෙන් පවසතොත් කොසොල් රජු දුටු දෙවන සිහිනය, එනම් වියතක් දෙකක් පමණ උස ගස්වල ගසේ තරමට ඔරොත්තු නොදෙන තරම් වූ විශාල ගෙඩි හටගන්වන්නට අනුබල දීමක් ද පොත පත වෙතින් සිදුවන බව පෙනෙයි .

කිසියම් වෘත්තියක නිරත නොවන අංක 3 දරන ග්‍රාහක පිරිස, මා පිය, වැඩිහිටි හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් හෝ අවශ්‍ය ප්‍රතිපාදන (ක්‍රයශක්තිය) සොයා ගනී. ඉතිරි පිරිසෙන් වැඩි කොටසක් අ.පො.ස උසස් පෙළ දක්වා උගත්, වෙහෙසකර සහ කාර්යබහුල රැකියාවන්හි නිරත පිරිස් වෙති. ඔවුහු තම වැටුපෙන් නිර්ලෝභීව ප්‍රතිපාදන වෙන්කර ගන්නට සමත් පිරිසක් වෙති.

ලංකාවේ කිසියම් පොත් නිෂ්පාදකයෙක් උක්ත තොරතුරු අව්‍යාජත්වයෙන් තොරව, ත්‍රාසය, කුතුහලය, අධිශෘංගාරය (රාගය) අතිශයෝක්තියෙන් යුතුව සම්මිශ්‍රණය කර මේ පාඨක පිරිස වෙත ඉදිරිපත් කළොත් කල්ලමරේ ය; ලොතරැයි දිනුමක් ඇදුණා හා සමාන උරුමයකට හිමිකම් පාන්නේ ය.


ඉන්පසු කිසියම් දවසක කරුමයකට ද කර ගසන්නේ ය.

ආරියපාල ඉඹුල්දෙණිය

ආරිය ප්‍රකාශන අධිපති

(වර්තමානයේ පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.)

View all stories by ආරියපාල ඉඹුල්දෙණිය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Colombo International Book Fair
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...