The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදාවට ලක්වූ කර්මාන්ත යළි නගා සිටුවීමට රු. ලක්ෂ 2ක දීමනාවක්!

T

The Leader Desk

December 8, 2025 • 10:53 AM

ආපදාවට ලක්වූ කර්මාන්ත යළි නගා සිටුවීමට රු. ලක්ෂ 2ක දීමනාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම දීමනාව ලබා ගැනීමේ හැකියාව ඇත්තේ පහත ආයතනවල ලියාපදිංචි වී ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන්ට ය: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර්මාන්ත.
  • ඉල්ලීම් ඉදිරිපත් කරන ආකාරය: කර්මාන්ත හිමියන්ට මෙම දීමනාව ලබා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි ආකාර දෙකක් අමාත්‍යාංශය විසින් දක්වා ඇත: ඔන්ලයින් ක්‍රමය: www.industry.gov.lk වෙබ් අඩවිය හරහා.
  • ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ දත්ත ලබා දීම (අනිවාර්යයි): 'දිට්වා' සුලි කුණාටුව ඇතුළු ආපදාවෙන් හානියට පත් කර්මාන්ත නැවත නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබා දීම සඳහා එම කර්මාන්ත පිළිබඳ දත්ත ලබා ගැනීම අමාත්‍යාංශය විසින් දියත් කර ඇත.
  • දත්ත ලබා දීමේ අවසන් දිනය: දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2.00ට පෙර.
අකුරු ප්‍රමාණය (Font Size):


දීමනාව හිමි කාටද?

මෙම දීමනාව ලබා ගැනීමේ හැකියාව ඇත්තේ පහත ආයතනවල ලියාපදිංචි වී ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන්ට ය:


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර්මාන්ත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB).

කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB).

ජාතික ව්‍යවසායකත්වය සංවර්ධන අධිකාරිය (NEDA).

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය.

ජාතික ශිල්ප සභාව.

ජාතික මෝස්තර මධ්‍යස්ථානය.

ඉල්ලීම් ඉදිරිපත් කරන ආකාරය:

කර්මාන්ත හිමියන්ට මෙම දීමනාව ලබා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි ආකාර දෙකක් අමාත්‍යාංශය විසින් දක්වා ඇත:

ඔන්ලයින් ක්‍රමය: www.industry.gov.lk වෙබ් අඩවිය හරහා.

නිලධාරීන් මාර්ගයෙන්: දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්, අපනයන සංවර්ධන නිලධාරීන් හා ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් මගින්.

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ දත්ත ලබා දීම (අනිවාර්යයි):


'දිට්වා' සුලි කුණාටුව ඇතුළු ආපදාවෙන් හානියට පත් කර්මාන්ත නැවත නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබා දීම සඳහා එම කර්මාන්ත පිළිබඳ දත්ත ලබා ගැනීම අමාත්‍යාංශය විසින් දියත් කර ඇත.

දත්ත ලබා දීමේ අවසන් දිනය: දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2.00ට පෙර.

තොරතුරු ඇතුළත් කිරීමේ වෙබ් ලිපිනයන්:

www.industry.gov.lk හරහා හෝ

https://aid.floodsupport.org/business-impact හරහා.

තොරතුරු ලබා දීමේ සහය සඳහා ක්ෂණික දුරකථන අංකය: 0712666660

අවශ්‍ය සහයෝගය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ද ලබා ගත හැකි බව අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ, ආපදාවට පත්වූ සියලුම කර්මාන්තකරුවන් මෙම තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන ලෙසත්, එමගින් අවශ්‍ය සහාය ලබා දීමට සහ සම්බන්ධීකරණය කර ගැනීමට හැකි වන බවත්ය.

 

WhatsApp Image 2025 12 08 at 3.20.46 PM

 WhatsApp Image 2025 12 08 at 3.21.07 PM

WhatsApp Image 2025 12 08 at 3.21.18 PM

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...