The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක ගෙවීම පිළිබඳ විමර්ශනයක් වහා සිදු කළ යුතුයි - 'දිනණ දකුණ' සාමූහිකය

T

The Leader Desk

April 22, 2026 • 7:50 AM

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක ගෙවීම පිළිබඳ විමර්ශනයක් වහා සිදු කළ යුතුයි - 'දිනණ දකුණ' සාමූහිකය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සමුහිකයේ නායකත්ව මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක විසින් අද (22) නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • ''ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක්, කොටසක් සහ පොළිය ලෙස ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නියමිතව තිබී ඇත.
  • එම මුදල පරිගණක "හැකරුන්" විසින් වංචනික ගිණුම් අංකයක් ලබාදී ඒ හරහා මුදල් ලබා ගෙන ඇති බව දැනගන්නට ඇත.
  • මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහා භාණ්ඩගාරය විසින් මෙම මුදල, මෙයට මාස 4 කට පෙර ගෙවා ඇති බව දැනගන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සමුහිකයේ නායකත්ව මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක විසින් අද (22) නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

''ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක්, කොටසක් සහ පොළිය ලෙස ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නියමිතව තිබී ඇත.  එම මුදල පරිගණක "හැකරුන්" විසින් වංචනික ගිණුම් අංකයක් ලබාදී ඒ හරහා මුදල් ලබා ගෙන ඇති බව  දැනගන්නට ඇත.

 

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහා භාණ්ඩගාරය විසින් මෙම මුදල, මෙයට මාස 4 කට පෙර ගෙවා ඇති බව දැනගන්නට ඇත.  මෙම ගෙවීමට සම්බන්ධ බැංකු ගිණුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, මහා භාණ්ඩාගාරයේ අවධානය ද, ගෙවීම සිදු කිරීමට පෙර යොමු කර තිබී ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ ණය සම්බන්ධයෙන් වන වගකීම දරණු ලබන්නේ මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමණාකරණ කාර්යාලය විසිනි. රාජ්‍ය ණය කළමණාකරණය, මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිවරයාගේ ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ සෘජු අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ කටයුතු කරයි. එබැවින් මේ ගෙවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තු ද, මහා භාණ්ඩාගාරය ද, මුදල් අමාත්‍යාංශය ද වගකීම් දැරිය යුතුය.

 

මෙම සිදුවීමෙන් මාස 4 කට පසුව සිද්ධිය පිළිබඳ විමසීමට "තාක්ෂණික විමර්ශන කමිටුවක්" අතිරේක භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකු ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇත. මෙය "හොරාගේ අම්මාගෙන් පේන ඇසීම" හා සමාන තත්වයකි.

 

මේසා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වන නිර්දේශ හා අනුමැතිය ලබාදිය යුතුව ඇත්තේ මහා භාණ්ඩාගාරයේ අතිරේක ලේකම් සහ භාණ්ඩගාර ලේකම්වරයාය.

තව ද එවැනි ගෙවීමක වගකීම, මුදල් අමාත්‍යාංශය විසින් දැරිය යුතුව ඇත.

මේ දක්වා අනාවරණය වී ඇති කරුණු අනුව මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතිය හරහා රුපියල් මිලියන 800 කට වැඩි මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් ජාතික විගණන කොමිෂන් සභාව හෝ මුදල් අමාත්‍යාංශයේ පාලනයෙන් බැහැර විමර්ශන කණ්ඩායම් විසින් විමර්ශන සිදු කළ යුතු බව ‍’"දිනණ දකුණ" අවධාරණය කරයි.

තව ද මේ සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණයක්, මහ බැංකුව පරීක්ෂණයක් සහ රාජ්‍ය ණය කළමණාකරණ කාර්යාලය මගින් පාර්ලිමේන්තුවට වාර්තාවක් කැඳවීමට පියවර ගත යුතු බව ද අවධාරණය කෙරේ.
WhatsApp Image 2026 04 22 at 10.42.58

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...