වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට අප රටේ මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කරන්න හැකියාවක් නොමැති බව මේ අනුව පෙනී යන බවත් අප රටේ ඩොලර් සල්ලි හැකර්කරුවන්ට ව්‍යාජ තොරතුරු හා තහවුරු කිරීම් ඉදිරිපත් කර මුදල් අහිමි කරන්න හැකි තත්ත්වයක් නිර්මාණය කර ඇත්නම් රටේ මූල්‍ය ආරක්ෂාව පවා අනතුරේ බවත් මේ මූල්‍ය පද්ධතියේ දුර්වලතාව නිසා තවත් බරපතල ගැටලුවක් ජාතික ආරක්ෂක ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (22) කතරගම කන්ද විහාරය සහ යෝදකන්ඩිය රනකෙළිය උද්දකන්දර රජමහා විහාරයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුණ ගැසී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමිනි.
පරිගණක හැකර්කරුවකුට අප රටේ විදේශ ණය වාරිකයක් ව්‍යාජ ලෙස ලබා ගන්න හැකි වූයේ කෙසේද කියා ප්‍රශ්නයක් ඇති බවත් මුදල් යවන විට ණය කළමනාකරණ කාර්යාලය, විදේශ සම්පත් කාර්යාලය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව ආදී ආයතන නිශ්චිත නිවැරදි ක්‍රියාවලියක් හා යාන්ත්‍රණයක් නිර්මාණය කර නොමැති ද කියා ගැටලුවක් ඇති බවත් මෙය බරපතල ගැටලුවක් බවත් රටේ මූල්‍ය ස්ථායිතාව හා කළමනාකරණය සම්බන්ධ ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ කරුණ ගැන නිවැරදි විනිවිදභාවයෙන් යුක්ත පාරිදෘෂ්‍ය වගවෙන වගකියන යාන්ත්‍රණයක් හා පරීක්ෂණයක් අවශ්‍ය බවත් සත්‍ය සොයා බැලිය යුතු බවත් අප රටේ භාණ්ඩාගාරයෙන් මෙ මුදල් පිට්පොකට් ගැහුවේ කෙසේද කියා සොයා බැලිය යුතු බවත් මේ මුදල් යැවීමට පෙර නිවැරදි තහවුරුකිරීමක් සිදු නොකළේ ඇයි ද කියා ප්‍රශ්නයක් ඇති බවත් හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ නැතිව අපක්ෂපාතීව ස්වාධින පරීක්ෂණයක් හරහා මේ ගැන සෙවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.
රටේ මූල්‍ය ආරක්ෂාව අනතුරේ ! - විදේශ රටකට ගෙවිය යුතු ඇ. ඩො. මි. 2.5ක මුදලක් හැකර්කරුවකුගේ ග්‍රහණයට නතුවෙලා
T
The Leader Desk
April 22, 2026 • 11:59 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (22) කතරගම කන්ද විහාරය සහ යෝදකන්ඩිය රනකෙළිය උද්දකන්දර රජමහා විහාරයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුණ ගැසී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



