The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ඇවිදින පුස්තකාල ටික ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත්

T

The Leader Desk

April 23, 2026 • 3:36 PM

ඇවිදින පුස්තකාල ටික ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
  • ඩොලර් මිලියන 2.5ක් අහිමිවීම යන සිදුවීම මාස 4-5 සගවා ගෙන පාර්ලිමේන්තුව දැනුවත් නොකළේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මුදල් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව බවත් මෙවැනි බරපතල සිදුවීම් සිදුව තිබියදී එය රහසක් ලෙස තබා ගත්තේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
  • මුදල් අමාත්‍යාංශය වගකිවයුතු ලෙස කටයුතු නොකළේ ඇයි?
අකුරු ප්‍රමාණය (Font Size):

අනපනත් අනුව එහි ප්‍රධාන වගකීම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයට සහ විදේශ සම්පත් ආයතනයට පැවරූ බවත් මේ පැවරීම ක්‍රියාත්මක කරන විට විදේශ ණය, වාරික හා පොලි වාරික ගෙවීමේ ක්‍රමවේදයන් නිශ්චිත ආරක්ෂා සහිතව නිර්මාණය වූයේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් මේ වන විට ඔස්ට්‍රේලියාවේ ණය වාරික ගෙවීමට තිබූ ඩොලර් ලක්ෂ 25ක මුදල අතුරුදන්වීම තුළ මේ ගැටලුව දැවැන්ත ලෙස ඉස්මතු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ, ජනතාවගේ සහ රජයේ බදු අරමුදල් වන ඇ. ඩොලර් ලක්ෂ 25ක් හැකර්කරුවකු පිට්පොකට් ගහනවා කියන්නේ අප රටේ මූල්‍ය සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතු කිරීමක් බවත් මේ සිදුවීම ජනවාරි මාසයේ සිදුවූ පසු මාර්තු මාසයේ මේ ගැන සොයන්න කමිටුවක් පත්කර ඇති බවත් මේ කරුණු ඊයේ දින අනාවරණය වන තුරු වත්මන් රජය සහ මුදල් අමාත්‍යාංශය විසින් මේ මුදල් අහිමි වීම රහසක් ලෙස පවත්වාගෙන ගියේ  ඇයිද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇයි මේ ගැන පාර්ලිමේන්තුවෙන් සැගවූයේ

මේ මූල්‍ය පාඩුව සිදුවූ පසු ඒ ගැන සොයන්න පත් කළ තාක්ෂණ කමිටුව සහ කණ්ඩායමේ ස්වාධීනත්වය සහ වැඩපිළිවෙළේ ක්‍රමවේදය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් මේ කරුණු ගැන සොයා බලන්න ඒ ආයතනයේම අය පත් කිරීම ගැටලුවක් බවත් මෙවැනි බරපතල සයිබර් ආරක්ෂක ගැටලුවක් මතුව ඇ. ඩොලර් මිලියන 2.5ක් අහිමිවීම යන සිදුවීම මාස 4-5 සගවා ගෙන පාර්ලිමේන්තුව දැනුවත් නොකළේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මුදල් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව බවත් මෙවැනි බරපතල සිදුවීම් සිදුව තිබියදී එය රහසක් ලෙස තබා ගත්තේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැන අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍යයි

මේ ඩොලර් ලක්ෂ 25 අහිමි වීමට ප්‍රධාන ලෙස වගකිවයුතු රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය මේ ගැන පරීක්ෂණ කරන විට පවා පොදු රාජ්‍ය මණ්ඩලීය ණය කළමනාකරණ සම්මානයක් පවා ලබා ඇති බවත් මේ ආයතනය සම්මාන ලබන විට පවා මේ තරම් විශාල මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමට යැවීම ගැන පරීක්ෂණ සිදුවන බවත් රජයන් දෙකක් අතර සිදුවන මෙවැනි ගණුදෙනුවක් තුළ මේ ආකාරයෙන් බරපතල මුදල් අහිමිවීමක් සිදු වුයේ කෙසේද කියා තවදුරටත් සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මුදල් අමාත්‍යාංශය වගකිවයුතු ලෙස කටයුතු නොකළේ ඇයි?

බැංකු පද්ධතිය හරහා මූල්‍ය හුවමාරු සිදුවන විට අනුගමනය කරන ආරක්ෂිත ක්‍රමවේද ගණනාවක් ඇති බවත් Registered White listed email වැඩපිළිවෙළ, Email indemnities වැඩපිළිවෙළ, Call of verification වැනි වැඩසටහන් රැසක් මෙහි දී සිදු වන බවත් බැංකු ගනුදෙනු සිදුවන විට සයිබර් ආරක්ෂාව සුරක්ෂිතවන වැඩපිළිවෙළ ක්‍රමවේද රැසක් පැවැතියත් ඒවා ක්‍රියාත්මක කිරිමට මුදල් අමාත්‍යාංශය සහ වගකිවයුතු ආයතන කටයුතු නොකළේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහබැංකුව පවා මේ ගැන අනතුරු අඟවුවා 

එසේම මේ ගනුදෙනු ක්‍රියාවලිය තුළ මහබැංකුව අවස්ථා කිහිපයකදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම ණය කළමනාකරණ ආයතනයට අනතුරු අගවා තිබියදී පවා නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් මෙ ගැන ස්වාධින පරීක්ෂණයක් විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය බවත් මෙය පාර්ලිමේන්තුවෙන් සැගවූයේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඇවිදින පුස්තකාල ටික හැකර්කරුවකුට අහුවෙලා
අද සමාජය තුළ සයිබර් ආරක්ෂාව ගැන කතා වෙන බවත් රාජ්‍ය ආයතන සහ බැංකු පද්ධතියේ ඇති සයිබර් අනාරක්ෂිතභාවය ගැන අනතුරු අගවන විට මේ ආරක්ෂාව තහවුරු කරන්න රජය නිසි පියවර නොගත්තේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මේ සයිබර් ආරක්ෂාව ගැන මීට වඩා වැඩි උනන්දුවක් දැක්වීම සිදු නොකළේ ඇයිද ගැටලුවක් ඇති බවත් සුහුරු ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියා සුහුරු ලෙස රට ඩිජිටල් කරනවා කියා ඩිජිටල් යටිතල පසුකම් ක්‍රමවේදවලට යොමු වෙනවා යැයි කිව්වත් අද වන විට සුහුරු රාජ්‍ය පාලනය අභිබවා ගොස් වංචනික හැකර්කරුවකු අප රටේ ඩොලර් ලක්ෂ 25ක් පිට්පොකට් පසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පාඩුව ජනතාව කරපිට පටවන්න එපා
ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ රාජ්‍ය දේපල සම්පත් සාංගික සම්පත් ලෙස ආරක්ෂා කරනවා කියා බලයට පැමිණ අවසානයේ රටේ මූල්‍ය සුරක්ෂිතභාව තහවුරු කරන්න නොහැකි වී ඇති බවත් රටේ අද ඇත්තේ වැඩබැරි රජයක් බවත් මේ ඩොලර් ලක්ෂ 25 අහිමිවීම ගැන ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු බවත් මේ අහිමි වූ මුදලට වන්දි ගෙවිය යුත්තේ රටේ ජනතාවගේ බදු මුදලින්ද කියා ප්‍රශ්න කරන බවත් මේවාට රජය කඩිනම් පිළිතුරු දිය යුතු බවත් දැන්වත් රටේ සයිබර් ආරක්ෂාව හා මූල්‍ය ගනුදෙනු ගැන උනන්දු වී නව ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.
 

 
 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇවිදින පුස්තකාල ටික ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත් | The Leader