The Leader News
BREAKING
Top Ad
පුවත්

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක ‘හැකර්’ මංකොල්ලය: හර්ෂගේ ගෙදරට ආ රහස් වාර්තාව හරවා යවයි!

T

The Leader Desk

June 3, 2026 • 4:43 AM

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක ‘හැකර්’ මංකොල්ලය: හර්ෂගේ ගෙදරට ආ රහස් වාර්තාව හරවා යවයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම අතිශය සංවේදී හා රහසිගත වාර්තාව "පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි" යන ලේබලය යටතේ හර්ෂ ද සිල්වාගේ පෞද්ගලික නිවසටම යැවීමට කටයුතු කර තිබීම මෙහිදී දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.
  • "මට ඕනෑ පුද්ගලික ඩීල් නෙවෙයි, පාර්ලිමේන්තු පාරදෘශ්‍යභාවයයි" තමන් එම වාර්තාව නිවසට භාරගැනීම සෘජුවම ප්‍රතික්ෂේප කළ බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා, එය වහාම හරවා යවමින් නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
  • මුදල් පිළිබඳ පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.
  • ජනතා මුදල් සම්බන්ධයෙන් වන මෙවැනි බරපතළ වංචා සඟවා තැබීමට නිලධාරී තන්ත්‍රය දරන උත්සාහය පිටුපස ඇති සැබෑ වුවමනාව කුමක්දැයි දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි ප්‍රශ්න කිරීම් මතු වෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම අතිශය සංවේදී හා රහසිගත වාර්තාව "පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි" යන ලේබලය යටතේ හර්ෂ ද සිල්වාගේ පෞද්ගලික නිවසටම යැවීමට කටයුතු කර තිබීම මෙහිදී දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.

"මට ඕනෑ පුද්ගලික ඩීල් නෙවෙයි, පාර්ලිමේන්තු පාරදෘශ්‍යභාවයයි"

තමන් එම වාර්තාව නිවසට භාරගැනීම සෘජුවම ප්‍රතික්ෂේප කළ බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා, එය වහාම හරවා යවමින් නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

"මේක මගේ පුද්ගලික පරිශීලනයට ඉල්ලපු එකක් නෙවෙයි. පොදු ජනතාවගේ මුදල් කොල්ලකෑමක් ගැන රජයේ මුදල් කමිටුවේදී සාකච්ඡා කරන්නයි අපි මේ වාර්තාව ඉල්ලුවේ. මුදල් පිළිබඳ පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. වාර්තාව මගේ ගෙදරට එවලා ඒ වගකීම කමිටුවෙන් උදුරාගන්න ඉඩ දෙන්න බැහැ," යැයි සභාපතිවරයා අවධාරණය කරයි.

ඇත්ත නැත්ත හෙට එළියට?

ජනතා මුදල් සම්බන්ධයෙන් වන මෙවැනි බරපතළ වංචා සඟවා තැබීමට නිලධාරී තන්ත්‍රය දරන උත්සාහය පිටුපස ඇති සැබෑ වුවමනාව කුමක්දැයි දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි ප්‍රශ්න කිරීම් මතු වෙමින් පවතී.

 මුදල් කාරක සභාවේ ඒකමතික එකඟතාවය මත හෙට දිනයේදී මෙම වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන්පසු මෙරට මූල්‍ය ඉතිහාසයේ සිදු වූ මෙම සූක්ෂ්ම මංකොල්ලයේ සුලමුල රට හමුවේ අනාවරණය වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...