The Leader News
BREAKING
Top Ad
පුවත්

ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ

Nethmini

Nethmini

October 6, 2026 • 10:28 AM

ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ වරප්‍රසාද නෑ: සාමාන්‍ය සිරකරුවෙකු ලෙස ලියාපදිංචිය අභියාචනාධිකරණ නියෝගය මත ඊයේ (05) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නීතිමය ක්‍රියාපටිපාටියට අනුකූලව සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කර ඇත.
  • බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක පල්ලේතැන්න සඳහන් කළේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ උන්වහන්සේට ජම්පර් කට්ටල දෙකක්, ආහාර පිඟානක්, කෝප්පයක් සහ අවශ්‍ය උපකරණ ලබා දුන් බවයි.
  • සමාව අවලංගු වීම සහ නීතියේ ක්‍රියාකාරිත්වය 2018 වසරේදී අභියාචනාධිකරණය මගින් පැනවූ වසර හයක සිරදඬුවමෙන් මාස නවයක් ගෙවී යද්දී, 2019 මැයි මස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දෙන ලදී.
  • එම තීරණය නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලධර්මයට පටහැනි බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ ජනාධිපති සමාව නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින් අවලංගු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ වරප්‍රසාද නෑ: සාමාන්‍ය සිරකරුවෙකු ලෙස ලියාපදිංචිය

අභියාචනාධිකරණ නියෝගය මත ඊයේ (05) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නීතිමය ක්‍රියාපටිපාටියට අනුකූලව සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කර ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක පල්ලේතැන්න සඳහන් කළේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ උන්වහන්සේට ජම්පර් කට්ටල දෙකක්, ආහාර පිඟානක්, කෝප්පයක් සහ අවශ්‍ය උපකරණ ලබා දුන් බවයි. කිසිදු විශේෂ පහසුකමක් හෝ ආරක්ෂක වරප්‍රසාදයක් ලබා දී නොමැති අතර, අනෙකුත් සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකම උන්වහන්සේව රඳවා තැබීමට පියවර ගෙන තිබේ.

සමාව අවලංගු වීම සහ නීතියේ ක්‍රියාකාරිත්වය

2018 වසරේදී අභියාචනාධිකරණය මගින් පැනවූ වසර හයක සිරදඬුවමෙන් මාස නවයක් ගෙවී යද්දී, 2019 මැයි මස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දෙන ලදී.

එම තීරණය නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලධර්මයට පටහැනි බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ ජනාධිපති සමාව නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින් අවලංගු කළේය. ඒ අනුව මුල් දඬුවමේ ඉතිරි කාලය ගෙවීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අධිකරණය නියෝග නිකුත් කර තිබේ.

ඉදිරි නඩු කටයුතු

විවෘත වරෙන්තුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් උන්වහන්සේ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ නියෝග පරිදි මෙලෙස බන්ධනාගාරගත කෙරිණි.

උන්වහන්සේට එරෙහිව පවතින තවත් නඩු කටයුත්තකට අදාළව අද (06) දිනයේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අධිකරණ ආරංචි මාර්ග තහවුරු කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...