The Leader News
BREAKING
Top Ad
පුවත්

නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’

Nethmini

Nethmini

October 6, 2026 • 9:13 AM

නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත් කරගනිමින් හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන යාපනයේ තයියිට්ටියේ, තිස්ස විහාරයට තුන් වසරකට වැඩි කාලයක් තිස්සේ දෙමළ ජනයා දක්වන විරෝධය නොතකා එහි තවදුරටත් අලුත් ඉදිකිරීම් සිදු කරන බවට චෝදනා එල්ල වේ.
  • ආණ්ඩුව පොරොන්දු ඉටු කර නෑ - සභා මන්ත්‍රී පත්මනාදන් සාරුජන් වලිකාමම් උතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී පත්මනාදන් සාරුජන් ප්‍රකාශ කරන්නේ තයියිට්ටි, තිස්ස විහාරය ඉදිකර තිබෙන දෙමළ ජනයාගේ ඉඩම් නිදහස් කරන බවට දුන් පොරොන්දු ඉටු කිරීමට ජාතික ජන බලවේග රජය මේ දක්වාම අසමත්ව සිටින බවයි.
  • එම භූමිය තුළ අලුතින් ඉදිකරන ලද වැසිකිළි පද්ධතියක් මේ වනවිට දැකගත හැකි බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.
  • විහාර භූමියට ඇතුළුවීමට මන්ත්‍රීවරයාට අවසර නෑ එය නීතිවිරෝධී ඉදිකිරීමක් බැවින් එය නතර කිරීමට වත්මන් පාලකයන් ක්‍රියාකළ යුතු බව පෙන්වා දෙන පත්මනාදන් සාරුජන් අවධාරණය කරන්නේ තවත් බරපතළ කාරණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත් කරගනිමින් හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන යාපනයේ තයියිට්ටියේ, තිස්ස විහාරයට තුන් වසරකට වැඩි කාලයක් තිස්සේ දෙමළ ජනයා දක්වන විරෝධය නොතකා එහි තවදුරටත් අලුත් ඉදිකිරීම් සිදු කරන බවට චෝදනා එල්ල වේ.

ආණ්ඩුව පොරොන්දු ඉටු කර නෑ - සභා මන්ත්‍රී පත්මනාදන් සාරුජන්

වලිකාමම් උතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී පත්මනාදන් සාරුජන් ප්‍රකාශ කරන්නේ තයියිට්ටි, තිස්ස විහාරය ඉදිකර තිබෙන දෙමළ ජනයාගේ ඉඩම් නිදහස් කරන බවට දුන් පොරොන්දු ඉටු කිරීමට ජාතික ජන බලවේග රජය මේ දක්වාම අසමත්ව සිටින බවයි. එවන් පසුබිමක, විහාරය පිහිටි භූමිය තුළ නීතිවිරෝධී අලුත් ඉදිකිරීම් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

එම භූමිය තුළ අලුතින් ඉදිකරන ලද වැසිකිළි පද්ධතියක් මේ වනවිට දැකගත හැකි බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.

විහාර භූමියට ඇතුළුවීමට මන්ත්‍රීවරයාට අවසර නෑ

එය නීතිවිරෝධී ඉදිකිරීමක් බැවින් එය නතර කිරීමට වත්මන් පාලකයන් ක්‍රියාකළ යුතු බව පෙන්වා දෙන පත්මනාදන් සාරුජන් අවධාරණය කරන්නේ තවත් බරපතළ කාරණයකි. 

විහාර භූමියේ අලුතින් කර ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ, එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් සහ හමුදා නිලධාරීන් තමන්ට විහාරස්ථානය පිහිටා ඇති භූමියට ඇතුළු වීමට අවසර ලබා නොදුන් බව ඔහු සඳහන් කරයි.

දෙමළ පවුල් 16ක ඉඩම් අක්කර අටහමාරක් අහිමි වෙලා

තිස්ස රජමහා විහාරස්ථානය ඉදිකර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පසළොස්වක පොහෝ දිනයේ විහාරස්ථානය සමීපයේ දෙමළ ජනයා විරෝධතාවයේ නිරත වෙති. ඔවුන් නඟන චෝදනාව පැහැදිලිය. දෙමළ පවුල් 16කට අයත් අක්කර අටහමාරකට ආසන්න භූමියක් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදිකර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ඉතිහාසය ගැන යුද හමුදාව කියන කතාව

“ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැයි” යුද හමුදාව පවසයි.

"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023 අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

‘මේක සැබෑ තිස්ස විහාරය නොවේ’ - නාගදීප නාහිමි

දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත් කරගනිමින් තයියිට්ටියේ ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් ද මීට පෙර ප්‍රකාශ කර තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’ | The Leader