හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සිය පෞද්ගලික විදෙස් සංචාරය නිමවා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඇය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් MH 179 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.25ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවී තිබේ.
කටුනායක 'ගෝල්ඩ් රූට්' පර්යන්තයෙන් පිටවීම
ගුවන්තොටුපොළට පැමිණි ඇය, සාමාන්‍ය මගී පර්යන්ත මඟහැර කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත ගාස්තු ගෙවා ලබාගන්නා විශේෂ ප්‍රභූ පහසුකම වන 'Gold Route' හරහා පිටව යාමට පියවර ගෙන තිබිණි.
ඇමෙරිකානු ඩොලර් 216ක නිල ගාස්තුවකට යටත්ව හිමිවන මෙම සේවාව යටතේ, ගමන් මලු ලබාගැනීම මෙන්ම ආගමන විගමන හා රේගු නිශ්කාශන කටයුතු කඩිනමින් එම විශේෂ පරිශ්‍රය තුළදීම නිලධාරීන් විසින් සම්පූර්ණ කර දෙනු ලබයි.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා අලුයම ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගියේ සිය පුත් රෝහිත රාජපක්ෂ ගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා සමඟිනි. කෙසේවෙතත්, ලිවේරා මහත්මිය මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ සිටියාය.
සිරිලිය සවිය ගිණුම සහ අපේක්ෂිත ඇප අයැදුම
ශිරන්ති රාජපක්ෂ මෙලෙස දිවයිනට පැමිණෙන්නේ ආන්දෝලනාත්මක 'සිරිලිය සවිය' අරමුදල් ගිණුමේ මූල්‍ය ගනුදෙනු විමර්ශනයකට අදාළව නීතිමය පියවර කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමකය.
අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇයට මීට පෙර දැනුම්දීම් සිදුකර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින්, සති දෙකක කාලයක් තුළ ඒ සඳහා පෙනී සිටින බව ඇය සැප්තැම්බර් 24 වැනිදා ලිඛිතව දැනුම් දී තිබූ බව වාර්තා වේ.
මේ අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබා යළි මෙරටට පැමිණීමේදී තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින්, ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙස ඉල්ලා ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ද ගොනු කළාය. එහි වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර තිබේ.
නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අදාළ අපේක්ෂිත ඇප අයැදුම පිළිබඳ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ ප්‍රකාශය ලබාදීම ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බවයි.
අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට
Nethmini
October 6, 2026 • 9:12 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සිය පෞද්ගලික විදෙස් සංචාරය නිමවා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
- ඇය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් MH 179 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.25ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවී තිබේ.
- ඇමෙරිකානු ඩොලර් 216ක නිල ගාස්තුවකට යටත්ව හිමිවන මෙම සේවාව යටතේ, ගමන් මලු ලබාගැනීම මෙන්ම ආගමන විගමන හා රේගු නිශ්කාශන කටයුතු කඩිනමින් එම විශේෂ පරිශ්‍රය තුළදීම නිලධාරීන් විසින් සම්පූර්ණ කර දෙනු ලබයි.
- පසුගිය සැප්තැම්බර් 16 වැනිදා අලුයම ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගියේ සිය පුත් රෝහිත රාජපක්ෂ ගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා සමඟිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


