The Leader News
BREAKING
Top Ad
පුවත්

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: CIDය කොටුව අධිකරණයට අලුත් කරුණු කියයි

T

The Leader Desk

June 3, 2026 • 4:30 PM

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: CIDය කොටුව අධිකරණයට අලුත් කරුණු කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධියට අදාළ ඉන්ටර්නෙට් සර්වර් පද්ධතියේ දත්ත පිටපත් කර ඇති අතර, සීඩී තැටි 4ක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික පරිගණක අංශයට (Forensic Computer Unit) යොමු කිරීමට අධිකරණ නියෝග ලබා ගැනිණි.
  • මේ වන විට පුද්ගලයන් 42කුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වැඩ තහනමට ලක්ව සිටියදී මියගිය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණ පරීක්ෂණ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
  • මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ (FINAL BUDGET POSITION REPORT – ANNUAL REPORT 2025) මේ පිළිබඳව අවම වශයෙන් පාද සටහනක් (Footnote) හෝ ඇතුළත් කර නැත.
  • නමුත් ජාතික විගණන කාර්යාලය සිය නිරීක්ෂණ මඟින් (පිටුව 11) 'Non-disclosures in the Financial Statements' යටතේ පෙන්වා දී ඇත්තේ, 2025 වසරේදී ඩොලර් 1,091,419ක් (රු.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණය හමුවේ කරුණු දැක්වූ CID නිලධාරීන් අනාවරණය කළේ, ණය ගෙවීම් කටයුතු සිදු කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුල් ගිවිසුම පිළිබඳ කිසිදු තොරතුරු විමසීමක් හෝ තහවුරු කර ගැනීමක් නොකර, ‘එක්ස්පෝට් ෆයිනෑන්ස් ඔස්ට්‍රේලියා’ (Export Finance Australia) ආයතනයේ ඊමේල් ලිපිනයට සමාන ව්‍යාජ ලිපිනයකින් ලැබුණු ඉන්වොයිසියක් මත පදනම්ව මෙම ගෙවීම් කර ඇති බවයි.

සිද්ධියට අදාළ ඉන්ටර්නෙට් සර්වර් පද්ධතියේ දත්ත පිටපත් කර ඇති අතර, සීඩී තැටි 4ක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික පරිගණක අංශයට (Forensic Computer Unit) යොමු කිරීමට අධිකරණ නියෝග ලබා ගැනිණි.

මේ වන විට පුද්ගලයන් 42කුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වැඩ තහනමට ලක්ව සිටියදී මියගිය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණ පරීක්ෂණ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


අපකීර්තිමත්ම මංකොල්ලය ඉතිහාසයෙන් මකා දැමීමේ ලැජ්ජාසහගත උපක්‍රමය


මේ අතර, ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් බරපතළ චෝදනාවක් කරමින් කියා සිටින්නේ, ලංකා ඉතිහාසයේ සිදුවූ මෙම අපකීර්තිමත්ම මංකොල්ලය වසා දමා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය බහුවිධ උපක්‍රම දියත් කර ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ (FINAL BUDGET POSITION REPORT – ANNUAL REPORT 2025) මේ පිළිබඳව අවම වශයෙන් පාද සටහනක් (Footnote) හෝ ඇතුළත් කර නැත.

නමුත් ජාතික විගණන කාර්යාලය සිය නිරීක්ෂණ මඟින් (පිටුව 11) 'Non-disclosures in the Financial Statements' යටතේ පෙන්වා දී ඇත්තේ, 2025 වසරේදී ඩොලර් 1,091,419ක් (රු. මිලියන 333ක්) සහ 2026 ජනවාරි මාසයේදී ඩොලර් 1,418,011ක් ලෙස සමස්තයක් ලෙස ඩොලර් 2,509,430ක මුදලක් ණයකරුවන් නොවන තුන්වන පාර්ශවයකට (හැකර්වරුන්ට) ගෙවා ඇති බවයි.


"මේක ‘Bedtime reading’ සඟරාවක් නෙවෙයි" - පාර්ලිමේන්තුව මඟහරින වගකිවයුත්තෝ

"භාණ්ඩාගාර කොල්ලය පිළිබඳ වාර්තාව නින්දට යන වෙලාවට කියවන ‘Bed time reading’ සඟරාවක් නොවෙයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මූල්‍ය පිළිබඳ පරමාධිපත්‍ය වගකීමක්," යැයි තෙන්නකෝන් අවධාරණය කරයි.

මුදල් අමාත්‍යවරයා දිගින් දිගටම පාර්ලිමේන්තුව මඟහරිද්දී, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නොමඟ යවන සුළු ප්‍රකාශ කර සැඟවී සිටින බවත්, පළමු ගෙවීම් ලිපිගොනු සකස් කළ මහ බැංකුව "අපට කියන තැනට සල්ලි යැවීම හැර වෙනත් වගකීමක් නැතැයි" කියමින් අතසෝදාගෙන ඇති බවත් ඔහු පවසයි.

හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව (COPF) මේ සඳහා ප්‍රශ්නකාරී ලෙස මාසයක කාලයක් ලබා දෙමින් ප්‍රශ්නය යට ගැසීමට ආණ්ඩුවට සහ මහ බැංකුවට ඉඩ සලසා දී ඇති අතර, තවමත් එම වාර්තා කාරක සභා සාමාජිකයන්ගෙන් සැඟවීමට මුදල් අමාත්‍යාංශය දැඩි උත්සාහයක නිරත වන බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය වැඩිදුරටත් අනාවරණය කරයි.

 Free123

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: CIDය කොටුව අධිකරණයට අලුත් කරුණු කියයි | The Leader