The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සොරකම විමර්ශන සඳහා FBI කැඳවයි

T

The Leader Desk

May 4, 2026 • 3:56 AM

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සොරකම විමර්ශන සඳහා FBI කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට අමතරව, ඊමේල් හැකින් සහ තොරතුරු සොරකම් කිරීම් (Phishing) හඳුනා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඇමරිකානු සයිබර් ආරක්ෂණ සමාගමක සහාය ද විමර්ශන සඳහා ලබාගෙන තිබේ.
  • පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මාර්තු 28 වනදාය.
  • භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විදේශ ණය පියවීමට අදාළ ලේඛන කිහිපයක් ද මෙම සයිබර් අපරාධකරුවන් විසින් සොරාගෙන හෝ පිටපත් කර ඇති බවට දැඩි සැකයක් පවතින බවයි.
  • මේ හේතුවෙන් මින් ඉදිරියට ඕනෑම මුදල් හුවමාරුවකට පෙර ඊමේල් පණිවිඩ සහ අනෙකුත් දත්ත දැඩි ලෙස පරීක්ෂා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට අමතරව, ඊමේල් හැකින් සහ තොරතුරු සොරකම් කිරීම් (Phishing) හඳුනා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඇමරිකානු සයිබර් ආරක්ෂණ සමාගමක සහාය ද විමර්ශන සඳහා ලබාගෙන තිබේ.

මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය, වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද ඒ පිළිබඳ තොරතුරු සොයමින් සිටියි.

දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහාය ද මීට ලැබෙමින් පවතින බැවින් මෙය ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබේ.

 පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මාර්තු 28 වනදාය.

භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විදේශ ණය පියවීමට අදාළ ලේඛන කිහිපයක් ද මෙම සයිබර් අපරාධකරුවන් විසින් සොරාගෙන හෝ පිටපත් කර ඇති බවට දැඩි සැකයක් පවතින බවයි. මේ හේතුවෙන් මින් ඉදිරියට ඕනෑම මුදල් හුවමාරුවකට පෙර ඊමේල් පණිවිඩ සහ අනෙකුත් දත්ත දැඩි ලෙස පරීක්ෂා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇත.


ප්‍රංශ ලිපි ලේඛන අතුරුදහන් වීම අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

මේ අතර, පසුගිය සතියේ පුවත්පතක පළ වූ ප්‍රංශ ණය ලේඛන අතුරුදන් වී ඇති බවට වන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ණය හිමියන් සමඟ නිසි සන්නිවේදන කටයුතු පවත්වා ගනිමින් නියමිත පරිදි ණය වාරික ගෙවන බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ මෙම ඩොලර් මිලියන 2.5 ක අතුරුදන් වීම සහ තවත් මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇත්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වන බවයි.

මෙම දැවැන්ත සයිබර් මංකොල්ලය පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

| lankadeepa


FBI called in to probe Treasury theft Ministry denies French papers missing - By Damith Wickremasekara 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සොරකම විමර්ශන සඳහා FBI කැඳවයි | The Leader