The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක කොල්ලය ගැන IMF සීරුවෙන්

T

The Leader Desk

April 25, 2026 • 3:41 PM

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක කොල්ලය ගැන IMF සීරුවෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේද (IMF) විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
  • සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ ප්‍රකාශය මෙන්ම ඒ කාරණය පිළිබඳව පැවැත්වෙන විමර්ශන පිළිබඳවද එම අරමුදල අවධානයෙන් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව 2022 වසරේදී අත්විඳි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අඛණ්ඩව මූල්‍ය ආධාර සපයයි.
  • මෙම මුදල් සොරකම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම මුදල් අමාත්‍යාංශයද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේද (IMF) විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ ප්‍රකාශය මෙන්ම ඒ කාරණය පිළිබඳව පැවැත්වෙන විමර්ශන පිළිබඳවද එම අරමුදල අවධානයෙන් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව 2022 වසරේදී අත්විඳි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අඛණ්ඩව මූල්‍ය ආධාර සපයයි.

මෙම මුදල් සොරකම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම මුදල් අමාත්‍යාංශයද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයෙන් ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී. විපක්ෂය ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදීද මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.


මුදල් සොරාගැනීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට දුන්නා - භාණ්ඩාගාර ලේකම්

xfgdfffk
මේ අතර භාණ්ඩාගාර ලේකම්,  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසන්නේ, මුදල් අමා­ත්‍යාං­ශයේ විදේශ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක පද්ධ­ති­යට ඇතුළු වූ සයි­බර් අප­රා­ධ­ක­රු­වන් පිළි­බඳ විම­ර්ශන අන්ත­ර්ජා­තික විශේ­ෂ­ඥ­යන්ගේ සහය ඇතිව සිදු කරන බවයි.

ඒ මුදල් නැවත අය කර ගැනී­මට කළ හැකි සියල්ල සිදු කර ඇති බව ඔහු සඳහන්ත් කළේය.

 අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විදේ­ශ­යන්ට ගෙවිය යුතු ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යට තාක්ෂ­ණික සහ නීති­මය වශ­යෙන් උප­දෙස් ගැනී­මට පත් කර ගනු ලැබූ අන්ත­ර්ජා­තික විශේ­ෂ­ඥ­යන්ගේ සහ­යද මේ සඳහා ලබා ගැනී­මට අපේක්ෂා කරන බවයි.

“මේ සොර­කම සම්බ­න්ධ­යෙන් අමා­ත්‍යාං­ශය විසින් නීතිය බලා­ත්මක කරන ආය­තන සහ අදාළ අනෙ­කුත් අංශ දැනු­වත් කිරී­මට පිය­වර ගෙන තියනවා. මහා භාණ්ඩාගා­රයේ නියෝජ්‍ය ලේක­ම්ව­රුන් දෙදෙ­නකු ඇතුළු නිල­ධාරි කමි­ටු­වක් පත් කර, සිද්ධිය සම්බ­න්ධ­යෙන් අභ්‍ය­න්තර පරී­ක්ෂ­ණ­යක් සිදු කොට, හඳුනාගත් අයට නීත්‍ය­නු­කූ­ලව විනය පිය­වර ගෙන තියෙනවා.''

'' සයි­බර් අප­රා­ධය සම්බ­න්ධ­යෙන් මුදල් අමා­ත්‍යාං­ශය සකස් කළ විශේෂ වාර්තා­වක් පාර්ලි­මේ­න්තු­වට භාර දුන්නා” යයි ද භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙ­රුම වැඩි දුරටත් පැව­සීය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක කොල්ලය ගැන IMF සීරුවෙන් | The Leader