The Leader News
BREAKING
Top Ad
පුවත්

චීන ජාතිකයාගේ කෝටි 2ක මුදල් කොල්ලයට හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් රිමාන්ඩ්!

T

The Leader Desk

July 23, 2026 • 3:46 PM

චීන ජාතිකයාගේ කෝටි 2ක මුදල් කොල්ලයට හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් රිමාන්ඩ්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැය 24ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් පසු සැකකරුවන් 5 දෙනාම ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
  • පොලිස් විමර්ශන සහ ක්‍රිප්ටෝ කරන්සි ගනුදෙනු අධිකරණය හමුවේ කරුණු දැක්වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ, අදාළ මුදල් පැහැරගැනීමේ ජාලය මෙහෙයවා ඇත්තේ 5 වන සැකකාර අනුද ජනාදිත් නැමැත්තා විසින් බවයි.
  • ඔහු සතු ජාතික හැඳුනුම්පත් අංකයට ලබාගෙන ඇති දුරකථන වාර්තා, බැංකු ගිණුම් වාර්තා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) හරහා සිදුකර ඇති ගනුදෙනු පිළිබඳව ද නීතිවිරෝධී ලෙස යොදාගෙන තිබේදැයි දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.
  • එමෙන්ම, මහේස්ත්‍රාත් නිල මැදිරියේදී අද පස්වරුවේ පවත්වන ලද හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, සිද්ධියේ පළමු සැකකරු වන අජිත් ප්‍රියන්ත නැමැත්තා දෙවන සාක්ෂිකරු විසින් නිවැරදිව හඳුනාගත් බව ද නිලධාරීහු පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාලය මෙහෙයවූයේ අනුද බවට පොලිසිය කියයි; ක්‍රිප්ටෝ කරන්සි ගනුදෙනු සහ සීසීටීවී දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශන

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගැනීමේ සිද්ධියකට අදාළව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පැය 24ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කළේය.

ජූලි 21 වනදා අත්අඩංගුවට ගත් අනුද ජනාදිත් නැමැති 5 වන සැකකරු, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු මෙලෙස නැවත අධිකරණය හමුවට පමුණුවන ලදී.

පොලිස් විමර්ශන සහ ක්‍රිප්ටෝ කරන්සි ගනුදෙනු

අධිකරණය හමුවේ කරුණු දැක්වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ, අදාළ මුදල් පැහැරගැනීමේ ජාලය මෙහෙයවා ඇත්තේ 5 වන සැකකාර අනුද ජනාදිත් නැමැත්තා විසින් බවයි. ඔහු සතු ජාතික හැඳුනුම්පත් අංකයට ලබාගෙන ඇති දුරකථන වාර්තා, බැංකු ගිණුම් වාර්තා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) හරහා සිදුකර ඇති ගනුදෙනු පිළිබඳව ද නීතිවිරෝධී ලෙස යොදාගෙන තිබේදැයි දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

එමෙන්ම, මහේස්ත්‍රාත් නිල මැදිරියේදී අද පස්වරුවේ පවත්වන ලද හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, සිද්ධියේ පළමු සැකකරු වන අජිත් ප්‍රියන්ත නැමැත්තා දෙවන සාක්ෂිකරු විසින් නිවැරදිව හඳුනාගත් බව ද නිලධාරීහු පැවසූහ. සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ ඇති සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරුවන් එහි රැඳී සිටි ආකාරය තහවුරු වී ඇති බවත්, අපරාධයට යොදාගත් වාහනය සහ පලාගොස් සිටින තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අවධාරණය කළේය.

විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ, හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ප්‍රථම පළමු සැකකරුගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබූ බවයි. 5 වන සැකකාර අනුද ජනාදිත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක පෙන්වා දුන්නේ, තම සේවාදායකයා මෙම පැමිණිලිකාර චීන ජාතිකයන් පිළිබඳව කිසිදු දැනුවත්භාවයක් නොමැති බවත්, ඔහු ප්‍රධාන සැකකරු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සම්පීණ්ඩන වාර්තාවක් පොලිසිය ඉදිරිපත් කර නොමැති බවත්ය.

දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම්වලින් අනතුරුව, විමර්ශන නිලධාරීන්ට සිද්ධියට අදාළ සාක්ෂි සම්පීණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සියලු සැකකරුවන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අධිකරණ තීන්දුව:
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට ඇති බැවින් සැකකරුවන් සියලුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, අදාළ නඩුව ලබන 27 වනදා නැවත කැඳවීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...