The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මූල්‍ය සේවා මත වැට් බද්ද 20.5% දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා

T

The Leader Desk

May 4, 2026 • 4:59 AM

මූල්‍ය සේවා මත වැට් බද්ද 20.5% දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමගින් මේ වසරේ ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට් බදු කිහිපයක් පැනවීමට යෝජිතය.
  • ඒ අනුව මූල්‍ය සේවා මත වැට් බදු 18% සිට 20.5%ක් දක්වා වැඩි කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබේ.
  • එමෙන්ම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ගෙන් 18%ක වැට් අය කිරීම ද මෙම වසරේ ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීම ද එමගින් යෝජිතය.
  • එමෙන්ම මාර්ගගත උපදේශනය, ඩිජිටල් බෙහෙත් වට්ටෝරු, කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත රෝග විනිශ්චයන්, ඩිජිටල් සෞඛ්‍ය නිරීක්ෂණ සහ දුරස්ථ වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ සේවා ද ඊට ඇතුළත් කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එමගින් මේ වසරේ ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට් බදු කිහිපයක් පැනවීමට යෝජිතය.

ඒ අනුව මූල්‍ය සේවා මත වැට් බදු 18% සිට 20.5%ක් දක්වා වැඩි කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබේ.

එමෙන්ම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ගෙන් 18%ක වැට් අය කිරීම ද මෙම වසරේ ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීම ද එමගින් යෝජිතය.

මෙය පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද එය මේ වසර දක්වා කල්දැමිය.

සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙම වැට් අය කිරීමට යටත් වේ.


* නව කෙටුම්පතින් නිර්වාසික තැනැත්තෙකු එනම් විදේශයක සිටින තැනැත්තෙකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා මාර්ගගත පාඨමාලා, සම්මන්ත්‍රණ, පුහුණු, ඩිජිටල් අධ්‍යාපන වේදිකා, අතථ්‍ය පන්ති කාමර, වෙළෙඳපොළවල් හි ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධති සහ පාඨමාලා ඇතුළු අධ්‍යාපන සේවා සැපයීමේදී ද වැට් අය කිරීමට යෝජිතය.

* එමෙන්ම මාර්ගගත උපදේශනය, ඩිජිටල් බෙහෙත් වට්ටෝරු, කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත රෝග විනිශ්චයන්, ඩිජිටල් සෞඛ්‍ය නිරීක්ෂණ සහ දුරස්ථ වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ සේවා ද ඊට ඇතුළත් කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මගින් සේවා සපයනු ලබන නිර්වාසික තැනැත්තකුගේ,

2026 ජූලි මස 01 වන දින හෝ එදිනට පසු එවකට අවසන් වන මාස 12ක කාල සීමාව තුල එම සේවා සැපයුම්වල සමස්ත වටිනාකම, රුපියල් මිලියන තිස් හයක් හෝ වෙනත් යම් ව්‍යවහාර මුදලකින් ඊට සමාන මුදලක් ඉක්මවා ඇත්නම් එම තැනැත්තා මෙම පනත් කෙටුම්පත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව ද සඳහන් වේ.

ලියාපදිංචි කිරීම සඳහා වන සීමාව අඩු කරයි

මේ අතර වැට් බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා වන සීමාව අඩු කිරීම ද මේ වසරේ ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට මෙම කෙටුම්පතින් යෝජිතය.

ඒ අනුව 2026 වසරේ ජූලි මස පළමු වැනි දින හෝ එදිනට පසු ශ්‍රී ලංකාව තුළ යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරන හෝ කරගෙන යනු ලබන සෑම තැනැත්තෙකුම,

(අ) යම් බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේදී එම තැනැත්තාගේ එම බදු අය කළ හැකි කාලසීමාව තුළදී, ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සහ සේවාවල බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 9 ඉක්මවා ඇත්නම් එම තැනැත්තා මෙම පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව කෙටුම්පතේ දක්වා තිබේ.

(ආ) එමෙන්ම එවකට අවසන් වන මාස 12ක කාලසීමාව තුළදී එම තැනැත්තාගේ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සහ සේවාවල බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 36ක් ඉක්මවා ඇත්නම් එම තැනැත්තා ද මෙම පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව කෙටුම්පතේ සඳහන් වේ.

එම පනත් කෙටුම්පත මෙතැනින් බලන්න (Click)


| hirunews


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...