The Leader News
BREAKING
Top Ad
පුවත්

අපරාධ නිවාරණයට මහජනතාව දායක කර ගත යුතුයි - හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු

T

The Leader Desk

August 4, 2025 • 3:23 PM

 අපරාධ නිවාරණයට මහජනතාව දායක කර ගත යුතුයි - හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දායක කර ගැනීම බව ප්‍රජා අපරාධ නිවාරණ ජාතික පදනමේ සම සභාපති විශ්‍රාමික පොලිස්පති නීතිඥ චන්ද්‍රා ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
  • අපරාධ නිවාරණය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී සමාජයේ සෑම අයෙකුම අපරාධයට වින්දිතයෙකු බවට පත් නොවීමට වග බලා ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
  • අපරාධ වැලැක්වීමට ඇති හොඳම මග වින්දිතයෙකු වීමේ අවස්ථාවන් අවම කිරීම බව පදනම විශ්වාස කරන බවද ඔහු පැවසීය.
  • රටේ අපරාධ වැලැක්වීම සඳහා සාමූහික වගකීමක් සෑම දෙනාටම ඇතැයි අවධාරණය කළ හිටපු පොලිස්පතිවරයා, පොලිසියට, අධිකරණයට සහ පුනරුත්ථාපන ආයතන වලට පමණක් ව්‍යවස්ථාපිත වැරැදි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට භාරදී නොසිටිය යුතු බව පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දායක කර ගැනීම බව ප්‍රජා අපරාධ නිවාරණ ජාතික පදනමේ සම සභාපති විශ්‍රාමික පොලිස්පති නීතිඥ චන්ද්‍රා ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ප්‍රජා අපරාධ නිවාරණ ජාතික පදනමේ 2025/2026 වාර්ෂික සමුළුව ඉකුත්ද කොළඹ පොලිස් ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී චන්ද්‍රා ප්‍රනාන්දු මේ බව කීය.

අපරාධ නිවාරණය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී සමාජයේ සෑම අයෙකුම අපරාධයට වින්දිතයෙකු බවට පත් නොවීමට වග බලා ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

අපරාධ වැලැක්වීමට ඇති හොඳම මග වින්දිතයෙකු වීමේ අවස්ථාවන් අවම කිරීම බව පදනම විශ්වාස කරන බවද ඔහු පැවසීය.

රටේ අපරාධ වැලැක්වීම සඳහා සාමූහික වගකීමක් සෑම දෙනාටම ඇතැයි අවධාරණය කළ හිටපු පොලිස්පතිවරයා, පොලිසියට, අධිකරණයට සහ පුනරුත්ථාපන ආයතන වලට පමණක් ව්‍යවස්ථාපිත වැරැදි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට භාරදී නොසිටිය යුතු බව පෙන්වා දුන්නේය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයන්ද සමගින් මහජනතාව පුළුල් ලෙස දැනුවත් කොට අපරාධ වලින් තොර නීතිය හා සාමය සුරැකෙන රටක් හා සමාජයක් ගොඩ නැගීමට අප සියලු දෙනා එක්විය යුතු බව ඔහු කීය.


''අද සමාජය සංකීර්ණවී අනෝන්‍ය බැඳීම් අඩුවීමත් අපරාධ වැඩිවීමට හේතුවක්''- හිටපු මහාචාර්ය ධනපාල විජේසිංහ

dhtretygg
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ධනපාල විජේසිංහ

පැරණි සමාජයේ අපරාධ වලින් ආරක්ෂාවීමට ග්‍රාමීය ප්‍රජාවගේ තිබූ එකමුතුකම සහ සංවිධානාත්මක ස්වරූපය නිසා ඉඩ ලැබුණා. අද සමාජය සංකීර්ණය වී පිරිස් අතර තිබෙන අනෝන්‍ය බැඳීම් අඩුවී තිබෙනවා. මෙම නිසා අපරාධයන් සිදුවීමට තිබෙන අවස්ථා වැඩිවී නිවාරණයට තිබෙන අවස්ථා මග හැරී ගොස් තිබෙනවා. අප මේ අවස්ථාවේදී කළ යුත්තේ හැකිතරම් අපරාධ අවම කිරීමට අවශ්‍ය අවස්ථා වැඩි කිරීමයි.

 

ප්‍රජා අපරාධ නිවාරණ ජාතික පදනමේ සම සභාපති ආචාර්ය අනුෂා එදිරිසිංහ

අපරාධ වලක්වා ගැනීමට කටයුතු කිරීම යනු නීති විරෝධී ක්‍රියාකාරකම් අඩු කිරීමයි. ඒවා පාලනය කිරීමයි. යළි සිදුවීම වැලැක්වීමයි. මෙහිදී අපි අපරාධ සිදුවී ලතවෙනවාට වඩා ඒවැන්නක් සිදුවීමට පෙර වැලැක්වීමට ක්‍රියා කළ යුතුයි. 

 
අපරාධ වලක්වා ගැනීමත් සමග ජාතික ධනය ඉතිරි වෙනවා. අපරාධයක වැය බරක් තිබෙනවා. එය සමහර විට මිල කළ නොහැකියි. ඒ නිසා අප මිනිස් ජීවිත දේපළ ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි.
 
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය කෞෂල්‍යා හේවාවසම්
අපරාධ නිවාරණය සාර්ථක වුවහොත් ඕනෑම රටකට තිරසර සංවර්ධනයක් සෞභාග්‍යමත් අනාගතයක් වේගයෙන් ළගා කර ගැනීමට හැකියි. එවන් රටක ජීවත් විමට කවුරුත් කැමැතියි. අපත් අපේ රට ඒ තත්ත්වයට පත් කර ගත යුතුයි.

ප්‍රජා අපරාධ නිවාරණ ජාතික පදනමේ වසර 2025/2026 නව නිලධාරී මණ්ඩලය මෙහිදි පත් කර ගන්නා ලද අතර, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුලු ආයතන ගණනාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

(සටහන | ජේ.මුණසිංහ)
hkjjdfhke

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...