අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් භාවිත කරමින් සිදුකළ බව කියන ලන්ඩන් විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළය.
මේ අතර එම විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක හෙට (05දා) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව සඳහන් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කාර්යාලය පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබිණ.
මෙම පුවතට අදාල වැඩි දුරටත් විස්තර ;
ලන්ඩන් සංචාරය ගැන කළ චෝදනාවලට රනිල් උත්තර බඳී !

රනිල් රජයේ මුදලින් වයිෆ්ගෙ කොන්වකේෂන් එකට ගිය එක ගැන පරීක්ෂනයක් යනවනෙ. ඒකට අද කටඋත්තර ගන්න පටන්ගත්තනෙ. වියදම නෙමෙයි ප්‍රශ්නය, ඒ මූලධර්මයම තමා ජනාධිපති ලේකම් නිල වාහනයයි නිල ඉන්ධනයි නිල රියදුරුයි පවුලේ වැඩට ලබාදීමට අදාල වෙන්නෙත්.




