The Leader News
BREAKING
Top Ad
පුවත්

'සහස්දනවි ද්‍රවිකෘත විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය ගැනීමේ දී වංචාවක් කරලා' - සජිත්

T

The Leader Desk

August 4, 2025 • 4:11 PM

'සහස්දනවි ද්‍රවිකෘත විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය ගැනීමේ දී වංචාවක් කරලා' - සජිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව ඇති ප්‍රධාන දත්තවල අසත්‍යභාවයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණය කරයි.
  • ඔහු මේ පිළිබඳ අනාවරණය කළේ අද (04) සහස්දනවි විදුලි බලාගාර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.
  • ''මේ කැබිනට් පත්‍රිකාවට අනුව විදුලි ඒකකයක මිල රුපියල් 20.15ක්.
  • එවැනි ගණනය කිරිමකට පදනම් වි ඇත්තේ ඩීසල් ලීටරයක මිල රු.
අකුරු ප්‍රමාණය (Font Size):

බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව ඇති ප්‍රධාන දත්තවල අසත්‍යභාවයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අනාවරණය කරයි.

ඔහු මේ පිළිබඳ අනාවරණය කළේ අද (04) සහස්දනවි විදුලි බලාගාර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු අනාවරණය කළ විපක්ෂ නායකවරයා...

කැබිනෙට්ටුවෙත් ඇස් වැහුවා ද...?

''මේ කැබිනට් පත්‍රිකාවට අනුව විදුලි ඒකකයක මිල රුපියල් 20.15ක්. එවැනි ගණනය කිරිමකට පදනම් වි ඇත්තේ ඩීසල් ලීටරයක මිල රු. 110ක් සහ රුපියලේ විනිමය අනුපාතය 195ක් ලෙස යි. මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අවස්ථාවේ ඩීසල් ලීටරයක මිල රු. 286 යි. ඩොලරයක මිල රු. 300ක්. ඒ අනුව වැරදි දත්ත මත පදනම්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සහස්දනවි විදුලි බලාගාරයට අනුමැතිය ගෙන රටටත් පාරිභෝගික ජනතාවටත් මරු පහරක් එල්ල කරමින් යනවා.  

මෙය අන්ත දූෂිත ක්‍රියාදාමයක්. මේ වරද මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම් දී තිබෙනවා. අවස්ථා 03ක් අනුව එය රු. 35.81ක්, රු. 43.25ක් සහ යථාර්ථවාදීව රු. 72.11ක් විය හැකි බව සත්‍යවාදී යි. මෙහි ඇති බරපතල කරුණ වන්නේ මෙහි කැබිනට් පත්‍රිකාවේ සඳහන් මිල ඒකක සහ දත්ත අතර වැරදිභාවය පෙන්වා දුන්නත් මෙය ක්‍රියාත්මක කිරීමට 2025 මාර්තු අග ගිවිසුමක් පවා අත්සන් කර තිබීම යි. වැරදි දත්ත ඉදිරිපත් වන විට කැබිනට් එකේ සෙසු ඇමතිවරු මෙය නොදැන සිටියා ද කියා ගැටලුවක් පවතිනවා.

ළබැදියාවන් අතර ගැටීමක්

එම නිසා පැහැදිලිව මේ කැබිනට් පත්‍රිකාවට පදනම් වී ඇත්තේ අසත්‍ය තොරතුරු හා දත්ත යි. මේ වරද මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී ඇති මොහොතක එය ගණන් නොගෙන තමන්ට රිසි සේ මේ ව්‍යාපෘතිය රටට බරපතළ පාඩුවක් කර තිබෙනවා. පාරිභෝගික ජනතාවට බරපතළ පාඩුවක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ සෙසු පාර්ශ්ව සමග සාකච්ඡා කර මේ වරද තුළින් රටට වෙන පාඩුව වළක්වා ගැනීමට ගත හැකි ගත යුතු සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පියවර ගන්නවා.

එසේම විදුලි බල මණ්ඩලයේ සහ එල්.ඩී.එල්. එකේ සභාපති එක් අයකු වීම නිසා ළබැදියාවන් අතර ගැටීමක් පවතිනවා. ඒ ළබැදියාවන් අතර ගැටලුව තිබිය දී මෙවැනි ක්‍රියාදාමයක් සිදුවීම හිතාමතාම සිදුකරන වරදක්. එබැවින් දැන්වත් මේ ගැන සොයා බලා සහස්දනවි විදුලි බලාගාර ව්‍යාපෘතිය වෙනුවට පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දිය යුතු යි.''

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරත්න හිමි ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රාශියක් එක්වූහ.

vnnhdfvsd

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...