The Leader News
BREAKING
Top Ad
පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව පියවර ගන්නවා - ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව

T

The Leader Desk

August 5, 2025 • 3:32 AM

 මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව පියවර ගන්නවා - ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ත්‍රිවරුන් 500කට ආසන්න පිරිසක් සාමාජිකත්වය ගෙන ඇති එම එකමුතුව මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ බොහොමයක් විශ්‍රාමික මන්ත්‍රිවරුන්ට මේ වනවිට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවයි.
  • විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව පවසන්නේ මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
  • සිය පවුලේ මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට මෙම විශ්‍රාම වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවන පසුබිමක පවතින විශ්‍රාම වැටුප ද අහෝසි කිරීමෙන් ඇතිවන තත්ත්වය ඉතා අසාධාරණ බව විශ්‍රාමික මන්ත්‍රිවරුන්ගේ එකමුතුව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ කියා සිටින්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පියවර ගතහොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දක්වාම සිටි කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ අනීතිකව ලබා ගත් වැටුප නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්නට සිදුවනු ඇති බවය.

මන්ත්‍රිවරුන් 500කට ආසන්න පිරිසක් සාමාජිකත්වය ගෙන ඇති එම එකමුතුව මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ බොහොමයක් විශ්‍රාමික මන්ත්‍රිවරුන්ට මේ වනවිට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවයි.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව පවසන්නේ මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විශ්‍රාමික මන්ත්‍රිවරුන්ගෙන් බොහොමයන් මේ වනවිට වයෝවෘධ හෝ රෝගී තත්ත්වයන්ගෙන් පසුවන අතර අඩුම තරමින් විශ්‍රාමික මන්ත්‍රිවරුන්ට රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

සිය පවුලේ මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට මෙම විශ්‍රාම වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවන පසුබිමක පවතින විශ්‍රාම වැටුප ද අහෝසි කිරීමෙන් ඇතිවන තත්ත්වය ඉතා අසාධාරණ බව විශ්‍රාමික මන්ත්‍රිවරුන්ගේ එකමුතුව පවසයි.

නව රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටද පසුගියදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

(aruna | අශිකා ජයවීර)


සබැඳි පුවත් :

'පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා' - නන්දන ගුණතිලක

ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...