කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ මෙම නඩුව අද (05) කැඳවනු ලැබිය.
ඉන් අනතුරුව එම නඩුවට අදාළව විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සිදුකෙරින.
අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිදු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර ඇත.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
ඉන්පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමටද අධිකරණය නියම කළේය.
ඉන් අනතුරුව නඩුව යළිත් සැප්තැම්බර් මස 24 වන දා කැඳවීමටය අධිකරණය නියම කෙරිණ.
මෙම සිද්ධියට අදාළව මීට පෙර නීතිපතිවරයා විසින් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර එම චෝදනා පත්රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.
එම නඩුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබෙන බැවින් එම අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට විත්තිකරුවන් කටයුතු කරන්නේ නම් සම්බන්ධයෙන් නියෝගයක් ලබා දිය හැකි බව මහාධිකරණ විනිසුරුවරයා ප්රකාශ කළේය.
ඒ අනුව අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීම සඳහා මෝෂන් පත්රයක් තමන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව එම කටයුතුවල ප්රගතිය මීළඟ නඩු දිනයේ දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා පාර්ශව කරුවන්ට නියම කළේය.
| hirunews
සබැඳි පුවතක් :
නදුන් චින්තක (හරක් කටා) තවදුරටත් ත්රස්ත පනත යටතේ රඳවා තබා ගැනීමට අලුත් නඩුවක් !




