The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දියාවේ සාංචි නුවර කඨින පුණ්‍ය මහෝත්සවය මෙවර අති උත්කර්ෂවත්ව පැවැත්වීමේ සුදානමක්

T

The Leader Desk

August 5, 2025 • 4:11 PM

ඉන්දියාවේ සාංචි නුවර කඨින පුණ්‍ය මහෝත්සවය මෙවර අති උත්කර්ෂවත්ව පැවැත්වීමේ සුදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
  • | බානගල විමලතිස්ස නායක හාමුදුරුවෝ ඒ අනුව ඔක්තෝම්බර් මස 25 දින සර්ව රාත්‍රික පිරිත් පින්කම සහ 26 වැනි දින සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පැවසූහ.
  • ශාසන නියමයන්ට අනුකූලව කඨිනාරාධනාව පසුගියදා අරණායක මෙත්දහර සදහම් වන්දනා සංගමය විසින් සාංචි පුද බිමේ දී සිදු කළ බව විමලතිස්ස හිමියෝ තවදුරටත් සඳහන් කළහ.
  • ශ්‍රී ලංකාවෙන් බැතිමතුන් දෙසීයකට වැඩි පිරිසක් ඉන්දියාවට මෙම සාංචි චේතියගිරි කඨින පුණ්‍ය මහෝත්සවයට මෙවර ශ්‍රී ලංකාවෙන් බැතිමතුන් දෙසියයදෙනකු සහභාගී වන බව මෙවර සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන දායකත්වය දරන අරණායක මෙත්දහර සදහම් වන්දනා සංගමයේ අමිදු ජයසූරිය ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ  ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

jkhdkljw| බානගල විමලතිස්ස නායක හාමුදුරුවෝ
ඒ අනුව ඔක්තෝම්බර් මස 25 දින සර්ව රාත්‍රික පිරිත් පින්කම සහ 26 වැනි දින සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පැවසූහ.

ශාසන නියමයන්ට අනුකූලව කඨිනාරාධනාව පසුගියදා අරණායක මෙත්දහර සදහම් වන්දනා සංගමය විසින් සාංචි පුද බිමේ දී සිදු කළ බව විමලතිස්ස හිමියෝ තවදුරටත් සඳහන් කළහ.

ශ්‍රී ලංකාවෙන් බැතිමතුන් දෙසීයකට වැඩි පිරිසක් ඉන්දියාවට

මෙම සාංචි චේතියගිරි කඨින පුණ්‍ය මහෝත්සවයට මෙවර ශ්‍රී ලංකාවෙන් බැතිමතුන් දෙසියයදෙනකු සහභාගී වන බව මෙවර සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන දායකත්වය දරන අරණායක මෙත්දහර සදහම් වන්දනා සංගමයේ අමිදු ජයසූරිය ප්‍රකාශ කළේය.

chfdrer| උඩුගම තපස්සි පොඩි හාමුදුරුවෝ
එසේම බෝපාල්, නග්පූර්, උජ්ජෙයින් ඇතුළු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් ඉන්දීය බෞද්ධ බැතිමතුන් දහසකට ආසන්න පිරිසක් මෙවර සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට සහභාගීවීමට බලාපොරොත්තු වන බවට දැනුම් දී ඇතැයි සාංචි චේතියගිරි විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සී හිමියෝ සඳහන් කළහ.

ඊට අමතරව ඉන්දියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ද විශේෂයෙන් සාංචි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය බෞද්ධ  සිසුන් ද මෙවර සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට එක්වීමට නියමිත බව උඩුගම තපස්සි හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාවේ සාංචි නුවර කඨින පුණ්‍ය මහෝත්සවය මෙවර අති උත්කර්ෂවත්ව පැවැත්වීමේ සුදානමක් | The Leader