The Leader News
BREAKING
Top Ad
පුවත්

වත්මන් රජය ව්‍යවස්ථා දායක සභාව අහෝසි කිරිමේ කුමන්ත්‍රණයක නියැළෙනවා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

August 6, 2025 • 3:16 AM

වත්මන් රජය ව්‍යවස්ථා දායක සභාව අහෝසි කිරිමේ කුමන්ත්‍රණයක නියැළෙනවා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විවාදයේ දී අදහස් දක්වමිනි.
  • සමගි ජන බලවේගය මේ යෝජනාවට පක්ෂයි ''දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පක්ෂ යි.
  • සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ක්‍රියා තුළින් වත්මනේ පමණක් නෙවෙයි අතීතයේ සිට මොහු පොලිස්පති ධුරයට නුසුදුසු බව කෙළින් ම පැවසූවා.
  • එදා ජනතා විමුක්ති පෙරමුණ අදහස් නොදැක්වා නිහඬව සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විවාදයේ දී අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

සමගි ජන බලවේගය මේ යෝජනාවට පක්ෂයි

''දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පක්ෂ යි. මෙහි දී සාකච්ඡා කරන විට වත්මන මෙන්ම අතීත ක්‍රියාදාම පිළිබඳව ද සිතා බැලිය යුතුයි. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ක්‍රියා තුළින් වත්මනේ පමණක් නෙවෙයි අතීතයේ සිට මොහු පොලිස්පති ධුරයට නුසුදුසු බව කෙළින් ම පැවසූවා.

මේ පොලිස්පති පත් කිරීමේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වූ පසු එහි දි සමගි ජන බලවේගයේ කබීර් හෂීම් මහතා සහ මම විරුද්ධ වුණා. ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සහ NPP එක නිහඬ ප්‍රතිපත්තියක සිටියා. අදහස් ඉදිරිපත් කළේ නෑ. එදා ව්‍යවස්ථාදායක සභාවේ දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කළා. එදා ජනතා විමුක්ති පෙරමුණ අදහස් නොදැක්වා නිහඬව සිටියා. සමගි ජන බලවේගය එදා ගරු අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගෙන ආ අවස්ථාවේ පවා වත්මන් රජය හැංගි හොරා ස්ථාවරයක සිට නිශ්ශබ්ද ව සිටියා.

මේ රජයේ සහ ගෝඨාභය රජය අතරේ කිසි වෙනසක් නැහැ

මේ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවට එරෙහිව සමගි ජන බලවේගය සිටියා. එදවස එවක අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තින්දුව කෙළෙසා අභියෝගයට ලක් කර කතාවක් කළා. එදත් NPP, JVP මන්ත්‍රීවරුන් තුන් දෙනා නිශ්ශබ්ද ව සිටියා.

එදා මෙවැනි සිදුවීමකට එරෙහිව කටයුතු කරන්න හැකියාව තිබුණේ ව්‍යවස්ථාව දායක සභාව ශක්තිමත් වීම නිසා වුවත් වත්මන් රජය ව්‍යවස්ථා දායක සභාවේ බලය අඩු කරන්න සැලසුම් සකස් කරනවා. එවැනි දෙයක් සිදුවුවාහොත් මේ රජයේ සහ ගෝඨාභය රජය අතරේ කිසි වෙනසක් නැහැ. එවැනි ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන මෙවැනි දේකට මුල පුරන්න එපා.''


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වත්මන් රජය ව්‍යවස්ථා දායක සභාව අහෝසි කිරිමේ කුමන්ත්‍රණයක නියැළෙනවා - සජිත් ප්‍රේමදාස | The Leader