ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක දි ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ මේ වන විට රජය ගෙන ඇති වෛද්‍යවරුන් ගේ සේවා ස්ථාන මාරුව සහ අනුයුක්ත කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් රෝගින්ට රජයේ රෝහල් වෙනුවට පෞද්ගලික රෝහල්වලට යෑමට සිදු වෙනු ඇති බවයි.
පිළිතුරු නොලැබෙන්නේ නම් විරෝධතා ක්‍රියාමාර්ගග ගන්නවා - වෛද්‍ය හංසමාල් වීරසූරිය
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගා වූ GMOA සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ රෝහල් පද්ධතිය දුර්වල කරන වෛද්‍ය ස්ථාන මාරු අර්බුදයට සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරු නොලැබෙන්නේ නම් විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව යි.
පසුගිය දිනක නිකුත් කළ චක්‍රලේකයට අනුව පිටතින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා රෝගියකුට නිර්දේශ කිරීම ද වෛද්‍යවරුන් අපහසුතාවට පත්වන කරුණක් බවට පත්ව ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මෙම මාධ්‍ය හමුවට අදාල වැඩිදුරටත් තොරතුරු
දිවයින පුරා රෝහල් වැසීයාමේ අනතුරක - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙළි කරයි




