The Leader News
BREAKING
Top Ad
පුවත්

නදුන් චින්තක (හරක්කටා) ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන බුද්ධි අංශයට තොරතුරු ලැබිලා

T

The Leader Desk

August 6, 2025 • 4:59 AM

නදුන් චින්තක (හරක්කටා) ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන බුද්ධි අංශයට තොරතුරු ලැබිලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් නිලධාරියකු, බන්ධනාගාර නිලධාරියකු හෝ මාධ්‍යවේදියකු ලෙසින් වෙස්වළාගත් පුද්ගලයකු විසින් එම ප්‍රහාරය එල්ල කිරීමට සූදානමක් පවතින බවට එම තොරතුරේ සඳහන් බව බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.
  • ඒ අනුව ඊයේ (8වැනිදා) අධිකරණ කටයුත්තක් සඳහා නඳුන් චින්තක හෙවත් හරක්කටා රැගෙන ආ අවස්ථාවේදී අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.
  • ඒ සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 100කට අධික ප්‍රමාණයක් යොදා ඇතැයි පොලිසිය පවසයි.
  • විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් පැවරූ අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනාපත්‍ර එලෙස බාර දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස් නිලධාරියකු, බන්ධනාගාර නිලධාරියකු හෝ මාධ්‍යවේදියකු ලෙසින් වෙස්වළාගත් පුද්ගලයකු විසින් එම ප්‍රහාරය එල්ල කිරීමට සූදානමක් පවතින බවට එම තොරතුරේ සඳහන් බව බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

ඒ අනුව ඊයේ (8වැනිදා) අධිකරණ කටයුත්තක් සඳහා නඳුන් චින්තක හෙවත් හරක්කටා රැගෙන ආ අවස්ථාවේදී අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.

ඒ සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 100කට අධික ප්‍රමාණයක් යොදා ඇතැයි පොලිසිය පවසයි.

එමෙන්ම කොළඹ මහාධිකරණ සංකීර්ණයට පැමිණිය හැකි ප්‍රදේශ සඳහාද ඒ ඒ කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට ද ආරක්ෂක අංශ කටයුතු යොදා තිබිණි.

හරක් කටාට - මිදිගම රුවන්ට අධිචෝදනා බාර දෙයි

රහස් පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා”, මිදිගම රුවන් සහ රහස් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක හමුවේ ඊයේ  (05) බාර දුන්නේය.

විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් පැවරූ අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනාපත්‍ර එලෙස බාර දුන්නේය.

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට අමතරව මෙලෙස චෝදනා පත්‍ර බාර දෙනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිදු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ නමැත්තන්ටය.

2023 සැප්තැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරියකුට පහර දී පලා යෑමට කුමන්ත්‍රණය කීරීම, ඒ අනුව පළා යෑමට තැත් කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විහේෂ ආරක්‍ෂාව යටතේ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ඔවුන්ට බාර දුන්නේය.

 

මේ අතර පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර කරුණු දක්වමින්, රහස් පොලිස් අත්අඩංගුවෙන් පළා යෑමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවට (අංක HC 4834/23) අදාළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

 

එම ඉල්ලීම පිළිබඳ සළකා බැලු විනිසුරුවරයා එම නඩුව පාදක කරගනිමින් විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් දීමට හැකියාවක් නැතැයි පැවසීය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන්හ.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමටද නියම කළ විනිසුරුවරයා සැප්තැම්බර් 24 වැනිදා නඩුව යළි කැඳවීමට නියම කළේය.

නඳුන් චින්තක අවුරුදු 2 මාස 5කට පසු රක්ෂිත බන්ධනාගාර ගතකරයි

මෙම නඩුව වසර 1යි මාස 5ක් තිස්සේ විභාග වූ අතර එම මුලු කාලය තුළම එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ කමල් ගුණරත්න විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15a(1) යටතේ නඩු විභාගය අවසන් වනතුරු රැදවුම් බාරයට පත් කිරීමට නියෝග කර තිබූ හෙයින් එම මුලු කාලයම ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටියේය.

 

අත් අඩංගුවට පත්වූ නදුන් චින්තක 2023 මාර්තු 1 වන දින සිට මාස තුනකට වරක් ලබාගත් රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි වසර 1 ක කාලය ඇතුළුව මේ වනවිට ඔහු රැඳවුම් භාරයේ සිටි කාලය වසර 2යි මාස 5කි.

 

ඊයේ දින අංක HC 5447/25 යටතේ ඉහත චෝදනා වලටම නැවත වාරය නඩුවක් පවරන ලදී. එම නඩුවටද පෙර පරිදිම නඩුව අවසන් වනතුරු රැඳවුම් නියෝගයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ආරක්ෂක ලේකම් වරයාගෙන් ඉල්ලා තිබුනද මෙවර එම නියෝගයට අත්සන් කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුයියකොන්තා ප්‍රතික්ෂේප කර තිබුණි.

එම නිසා නඳුන් චින්තක අවුරුදු 2 මාස 5කට පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය විසින් ඊයේ නියෝග කරන ලදී.

(මුලාශ්‍ර | aruna + lankadeepa)

සබැඳි පුවත් :

නදුන් චින්තක (හරක් කටා) රඳවා ගැනීමට අලුත් නඩුවක් ගොනු කරයි

නදුන් චින්තක (හරක් කටා) තවදුරටත් ත්‍රස්ත පනත යටතේ රඳවා තබා ගැනීමට අලුත් නඩුවක් !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නදුන් චින්තක (හරක්කටා) ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන බුද්ධි අංශයට තොරතුරු ලැබිලා | The Leader