The Leader News
BREAKING
Top Ad
පුවත්

අරගල සමයේ සිද්ධියකට ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

T

The Leader Desk

August 6, 2025 • 5:23 AM

අරගල සමයේ සිද්ධියකට ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙසේ ඔහුව අද උදැසන අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු අරගල සමයේ හානියට පත්වූ අනවසර දේපළකට වන්දි ලබා දීමට තම නිල බලය භාවිත කරමින් "දූෂණය" නමැති වරද සිදු කිරීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත ය.
  • හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනයක් නිකුත් කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙසේ ඔහුව අද උදැසන අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු අරගල සමයේ හානියට පත්වූ අනවසර දේපළකට වන්දි ලබා දීමට තම නිල බලය භාවිත කරමින් "දූෂණය" නමැති වරද සිදු කිරීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත ය.

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනයක් නිකුත් කර තිබිණි.

එහි මෙසේ සඳහන් විය.

'ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022.05.09 වන දින ඇති වූ ජනතා අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, වන්දි ලබා ගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන් ම මෙම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳව 5(1) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.'

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...