එමෙන් තමන් සහ තම පක්ෂය සාක්ෂී ඇතිව ඉදිරිපත් කරන වර්තමාන ජාතික ජන බල වේග ආණ්ඩුවේ නිලධාරින් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් ද කඩිසරව නීතිමය ක්‍රියා මාර්ග ගන්නැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (06) මහරගම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගිෂ්වර බණ්ඩාර...
රංග දිසානායක ඉබි ගමනේ
''නව ජනතා පෙරමුණ විදිහට පසුගිය ජුලි මස 3වෙනි දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කථානායකතුමන් සිදුකරන වංචා දුෂණ අක්‍රමිකතා හා රාජ්‍ය දේපල අවභාවිතාව ගැන රටට කරණු හෙළි කළා. ඒවගේ ම අදට මාසයකට කලින් එනම් ජුලි මස 04 වන දින එම දුෂණ අක්‍රමිකතා ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළා. හැබැයි දැඩි ක්‍රියා කාරිව මේ දිනවල පසුගිය රජයේ බෝඩ් බෙදපුවා, ඇට බෙදපුවා, අල බෙදපුවා ගැන හොයන අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ රංග දිසානායක මහතා මාසයක් ගියත් අපි තොරතුරු ඉදිරිපත් කර තිබියදීත් අද වනතුරු කිසිම ක්‍රියාමාර්ගයක් මේ සම්බන්ධව අරගෙන නෑ.
අපි කියන්නේ පසුගිය කාලේ කරපු හොරකම් දූෂණ වංචා දුෂණ හොයන එක හොඳයි. ඒක කරන්න ඕන. ඒ වගේම අපි සාක්ෂී ඇතිව ඉදිරිපත් කරන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නිලධාරින් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් ද කඩිසරව නිතිමය ක්‍රියා මාර්ග ගන්න කියලා. අප විසින් කරුණු හෙළි දරව් කිරීමෙන් පසුව ජුලි මස 06 වන දින කතානායකතුමාගේ පාර්ශවයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අප විසින් යොමු කළ චෝදනා නීත්‍යානුකූල රාමුව තුළ පැහැදිලි කරමින් ලොරිස් නිවාස සංකීර්ණයේ 1/8 ක නිවාසයේ සිටින බවත් පෞද්ගලික ලේකම් තුමා ද එහි රැඳී සිටිමින් ආහාර ගන්නා බවත් ඒ සඳහා ගෙවීම් කරන බවත් භාවිතා කරනු ලබන වාහන සඳහා ඉන්දන ලබා ගන්නා බවත් අපි විසින් ඉදිරිපත් කල පරිදි වාහන 03 ක් භාවිතා කරන බවත් පිළි ගත්තා.
කතානායකවරයා වෙතින් බලපෑම්
ඉන්පසු පසුගිය ජුලි මාසයේ 09 වනිදා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරින්ගෙන් තොරතුරු දැනගැනිමේ පනත යටතේ කථානායකවරයා භාවිතා කරන වාහන, ඉන්ධන, නිවාස, ආහාර ආදිය පිළිබඳව තොරතුරු ඉල්ලුවත් අද වනතුරු එම තොරතුරු අපිට ලබා දී නෑ. අපිට තොරතුරු ලැබිලා තියෙන විදිහට කථානායකවරයා විසින් එම තොරතුරු ලබා දෙන්න එපා කියලා එම නිලධාරින්ට බලපෑම් කලනිසා මාස පෝයක් ගෙවී ගියත් අපිට එම තොරතුරු ලබා දීලා නෑ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා මේ චෝදනාවලට නිවැරදිකරු නම් ඇයි එම තොරතුරු රටට හෙළිකරන්න මෙච්චර බය වෙන්නේ? තමන් පාවිව්වි කරන වාහන, තෙල් ගහන විදිහ, ඉන්න ගෙදර, කන බොන විදිහ රටට කියන්න බය වෙන්න ඕන නෑනේ. මේ කල්මැරීමෙන් අපට තේරෙන්නේ එතුමා විසින් මේ චෝදනා සිදු කර තිබෙන දූෂණ, අක්‍රමිකතා හා අවභාවිතාවන් සිදු කර ඇති බව හා සිදු කරමින් සිටින බවයි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපතිතුමා තවම පත් කර නෑ. මෙතුමලා මේ තුළින් උත්සහා කරන්නේ තොරතුරු දැනගැනිමේ කොමිෂන් සභාව ස්වභාවික මරණයකට ලක් කරමින් රටේ සත්‍ය තොරතුරු මහජනතාවට දැන ගැනීම වැළැක්වීම යි.
මේ චෝදනාව සම්බන්ධයෙන් පැලවත්තේ ලොකු අයියා වන ටිල්වින් සිල්වා මහත්තයාට තරහා ගිහින් කතානායකවරයාට ලොරිස් නිවාස සංකීර්ණයේ තම පෞද්ගලික ලේකම් තියාගෙන ඉන්නේ ඇයි කියලා බැණ වැදි ඇති බව තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. පසුගිය අගෝස්තු මස 01 වන දින කතානායකතුමාගේ සන්නිවේදන අධ්‍යක්ෂක (වැඩබලන) රටටම හෙළි කරනවා රජමල්වත්තේ කතානායකතුමාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා කියලා. මේ තීන්දුව ගත් බව ප්‍රකාශ කරන්නේ අපි විසින් සිදු කළ චෝදනාවලින් පසුව හා පැලවත්තේ ටිල්වින් සහෝදරයා විසින් සිදු කළ බැණ වැදිමෙන් පසුව යි.
කතානායකවරයා ආයතන සංග්‍රහයත් උල්ලංඝනය කරලා
කතානායකතුමන්ගෙන් අපි නැවත ප්‍රශ්න කිහිපයක් අහන්න කැමතියි. එනම්;
කතානායකවරයාගේ නිල නිවස ආයතන සංග්‍රහයට අනුව උප ලේඛනගතව පවතින නිල නිවසක්. ආයතන සංග්‍රහයේ 18 වනි පරිච්ජේදය තුළ එය මැනවින් පැහැදිලිව සටහන් කරලා තියෙනවා. එවැනි නිල නිවසක් වෙනත් කටයුත්තකට යොදා ගැනීමට නම් ආයතන සංග්‍රහය සංශෝධනය කළ යුතුයි. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුයි. මෙය වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නිවස නෙවෙයි; මෙය කතානායකතුමාගේ නිල නිවස. තව වෙසක් පෝය දෙකකින් ගෙදර යන මේ ආණ්ඩුවෙන් පසු එන කතානායකතුමාට නතර වෙන්න වෙන්නේ වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ගෙදර තමයි. එලෙස කතානායකතුමාගේ නිල නිවස කාටවත් අවශ්‍ය පරිදි එක එක කාරණා සඳහා වෙන් කරන්න බෑ. ඒ ගැන තීරණ ගැනීමට ජගත් වික්‍රමරත්න මහතාට බැහැ. එලෙස වෙනත් කටයුත්තකට යොදවන්නේ නම් ආයතන සංග්‍රහය වෙනස් කළ යුතුයි; නැතිනම් කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතුයි.
නමුත් කිසිදු එවැනි නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාවේ දී කතා කර එම නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තිරණය කරලා. කතානායක නිල නිවස ගැන තීරණ ගැනීමට නම් කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතුයි. එම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව ස්ථාපනය කර ඇත්තේ 1953 අංක 9 දරණ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත යටතේ. එම පනතින් බලය ලබා දී ඇත්තේ කාර්ය මණ්ඩලය බදවා ගැනීම, ඔවුනේ වැටුප් හා දීමනා ගෙවීම හා විනය පාලනය සම්බන්ධයෙන් පමණයි. කරුණාකර මේ පනත හොඳින් කියවන්න කියලා අපි කියන්න කැමතියි. රටේ තුන්වන පුරවැසියා විදිහට මෙන්ම ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විදිහට කතානායකතුමන්ට කියන්න කැමතියි රටට බොරු තොරතුරු සපයන්නේ නැතිව ඔය තනතුරේ ගරුත්වය රැක ගනිමින් සදාචාර සම්පන්න ලෙස කටයුතු කරන්න කියලා. නිල නිවාස දෙකක් භාවිතා කිරීම ගැන කතානායකතුමාට අපි එල්ල කළ චෝදනාව නිසා තමයි හදිසියේ මෙවැනි තීරණයක් කතානායකතුමන් විසින් අරන් තියෙන්නේ.
කතානායකවරයා පොදු දේපළ අයථා පරිහරණයක
මේ වෙනකක් කතානායක නිල නිවස තුළ උපදේශන කාරක සභා රැස්වීම් පැවැත් වූවා, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරි හමු පැවැත්වූවා, රාජතාන්ත්‍රික හමු පැවැත්වූවා පසුගිය අගෝස්තු 01වෙනි දා දක්වා කතානායකතුමා මේ නිවාස දෙකම භාවිත කළා. ඒ නිසා කතානායකතුමා දැන දැනම රාජ්‍ය දේපළ අව භාවිත කරලා තියෙනවා. තමා පාර්ලිමේන්තු නිල නිවසේ පදිංචි නොමැති බව කතානායකතුමා කියනවා. එසේ නම් ඇයි නිල නිවසට තම පෞද්ගලික කාර්ය මණ්ඩලය පත් කරලා තියෙන්නේ, රැස්වීම් භෝජන සංග්‍රහා එහි පවත්වලා තියෙන්නේ, ඒ වගේ ම ලොරිස් නිල නිවසට අවශ්‍ය: බෙඩ්ශිට්, කොට්ට උර, ගෑරුප්පු හැඳි සියල්ල පාර්ලිමේන්තු නිල නිවසින් තමයි ලබාගෙන තියෙන්නේ. මේ පිළිබඳව ඔහු ලැජ්ජ විය යුතුයි. මෙයට ද පුනරුද ආණ්ඩුවට බලය දුන්නේ කියලා අපි අහන්න කැමති.
ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 4වන වගන්තිය අනුව කියනවා එකවර ගෙවල් දෙකක් තබා ගැනීම සම්පුර්ණයෙන් ම නීතිවිරෝධී බව. එය පොදු දේපළ අයථා පරිහරණයක්; පොදු දේපළ පනත යටතේ ඇප ලබා නොදිය යුතු වරදක්; අල්ලස් පනත යටතේ ඇප නොදන වරදක්; දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණයක්. එසේනම් කතානායකවරයා ලොරිස් පටුමගෙන් තවත් නිවසක් ලබා ගැනීම හා කතානායක නිල නිවස භාවිතා කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්.
බාල ගිරි දෝෂය අද නොවේ හෙට
ශානි අබේසේකර මැතිතුමනි, රවී සෙනවිරත්න මැතිතුමනි, රංග දිසානායක මැතිතුමනි, ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 4වන වගන්තිය හොඳින් කියවලා බලා එකවර නිවාස දෙකක් තබා ගැනීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වහාම අත්අඩංගුවට ගත යුතුයි. නමුත් අපි දන්නවා පුනරුද ආණ්ඩුව වෙනුවෙන් යොමු කරන පැමිණිලි සඳහා ගන්නා ක්‍රියාමාර්ග බාල ගිරි දෝෂය වගේ. අද නොවේ හෙට. තවද ආයතන සංග්‍රයේ 19 වන පරිච්ඡේදයේ 5.4 අනුව අඹු සැමි යුවළක් රජයේ නිල නිවසක පදිංචි වී සිටී නම් දෙදෙනාගෙන්ම කුලි අය කළ යුතුයි. එසේත් නැතිනම් 5.5 වගන්තිය අනුව හවුලේ පදිංචි නම් හවුල්කරුගෙන් ද කුලි අය කළ යුතුයි.
කතානායකවරයා තම පෞද්ගලික ලේකම් සමග මෙම නිවසේ පදිංචිව සිටින්නේ කුමන පදනමින්ද කියලා අහන්න කැමති. ලොරිස් පටුමගේ පදිංචි ව සිටින්නේ අඹුසැමියන් ලෙස ද , එසේත් නැතිනම් හවුල්කරුවන් ලෙස ද? අපිට ලැබි ඇති තොරතුරු අනුව කතානායකතුමාගේ පෞද්ගලික ලේකම්තුමාගේ වැටුපෙන් එක රුපියලක් වත් ලොරිස් මහල් නිවාස සංකිර්ණයේ 1/8 නිවාසය සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයට අයත් වන්නේ නෑ. කතානායකතුමා මේ සඳහා ගෙවීම් කරන බව බොහෝම පැහැදිලිව මාධ්‍යට ඉදිරිපත් කළ ලිපියේ තියෙනවා.
ඒ අනුව කතානායකතුමා තම නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කරන්න තීරණය කළේ කතානායකවරයා විසින් තම වරද වසා ගැනීමට කරන ලද හුදු නිර්ලජ්ජිත උත්සහයක් බව පැහැදිලියි. මේ අනුව අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මොහුව අත්අඩංගුවට ගැනීම සිදු කල හැකියි.





