The Leader News
BREAKING
Top Ad
පුවත්

තරුණ සේවා සභාව පිහිටුවීමේ අරමුණ ඉටු කරන්න හැම ආණ්ඩුවක් ම අසමත් වුණා - තරුණ පරපුර

T

The Leader Desk

August 6, 2025 • 2:33 PM

තරුණ සේවා සභාව පිහිටුවීමේ අරමුණ ඉටු කරන්න හැම ආණ්ඩුවක් ම අසමත් වුණා - තරුණ පරපුර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැඳවුම්කරු දුලාජ් මනතුංග පැවසී ය.
  • “1979 අංක 69 දරණ පනත යටතේ තමයි මේ තරුණ සේවා සභාව ආරම්භ වෙන්නේ.
  • ඒකට මුලික වෙච්ච කාරණාව තමයි 71 මේ තරුණයන් විසින් කරපු අරගලයක් පැවතුනා මේ රටේ.
  • මෙහෙවර විදියට සඳහන් කරන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කැඳවුම්කරු දුලාජ් මනතුංග පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ වර්තමාන මාලිමා ආණ්ඩුව විසින් යෞවන සම්මේලන දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

තරුණ සේවා සභාව පිහිටවුයේ ඇයි...?

“1979 අංක 69 දරණ පනත යටතේ තමයි මේ තරුණ සේවා සභාව ආරම්භ වෙන්නේ. එවකට ජනාධිපති වෙලා හිටපු ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව මේ පනත ගෙනල්ලා මේ තරුණ සේවා සභාව පිහිටුවන්නේ. ඒකට මුලික වෙච්ච කාරණාව තමයි 71 මේ තරුණයන් විසින් කරපු අරගලයක් පැවතුනා මේ රටේ. එවැනි අරගලයක් තවදුරටත් සිද්ධ නොවීමටයි මේ තරුණ සේවා සභාව පිහිටවන්නේ.

ඉන් පසුව බලයට ආපු රජයන් විසින් මේ තරුණ සේවා සභාව පිහිටුවීමේ අරමුණ ඉෂ්ට කරගන්න බැරිවුණා. ඒ ආණ්ඩු අඩු වැඩි වශයෙන් මේ තරුණ සේවා සභාව දේශපාලන පක්ෂ විසින් භාවිතා කරපු ආකාරය අපි දැක්කා. නමුත් මේ වනවිට තත්ත්වය උග්‍ර අතට හැරි තියෙනවා. තරුණ සේවා සභාවේ දැක්ම අපි ගත්තොත් බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්. මෙහෙවර විදියට සඳහන් කරන්නේ. දේශිය හා ජාත්‍යන්තර අවස්ථා උපයෝගී කර ගෙන ජීවිත අභියෝග සදහා මුහුණ දීමට ශ්‍රි ලාංකීක තරුණයා සවිබල ගැන්වීම සඳහා පහසුකම් සැපයීම යි.

හැමෝ ම වංචාකරුවෝ නෙවෙයි

තරුණ සේවා සභාව බිම් මට්ටමේ ඉඳන් දිස්ත්‍රික්ක මට්ටම සහ ජාතික මට්ටම දක්වා වූ ඉතාමත් දිගු ව්‍යුහයක් දක්වා පැතිරිලා තියෙනවා. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් ඉතා විශාල සිසුන් ප්‍රමාණයක් වසරකට පාසලෙන් එළියට එනවා. එහෙම තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය සඳහා විසඳුමක් ලෙසත් මෙන්න මේ තරුණ සේවා සභාව කටයුතු කරගෙන ගියා. ගම්වල හේන් කොටන අම්මලා තාත්තාලගේ දරුවන්ගේ සිට ඉදිරියේ දී නායක්තවය දරන්න කටයුතු කරන තරුණ තරුණියෝ මේකට එනවා. එතකොට ඒ හැමෝමටම තෝතැන්නක් වුණේ ජාතික තරුණ සේවා සභාව.

දැන් කරලියේ තියෙන මාතෘකාවක් තමයි ඔය නිල් බළකාය. ඒ වගේම තරුණ්‍යයට හෙටක් ඔය වගේ සංවිධානය දැන් කරළියට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම පැවති සියලුම ආණ්ඩු අඩු වැඩි වශයෙන් තරුණ සේවා සභාව අවභාවිතා කරා. එතකොට වත්මන් රජය බලයට එන්නේ ම ආපහු එවැනි දේවල් නොවෙන්න ඒ ආණ්ඩු කරපු වැරදි නිවැරදි කරනවා කියන තැනින් තමයි මේ මාලිමාව පත් වෙන්නේ.

දැන් මාලිමාව මේ මුලික අරමුණෙන් බැහැර වෙලා මේක වෙනස් කරන්න හදනවා කියන කරණාව පේනවා. මේ ආණ්ඩුවට කරන්න තිබ්බ දේ තමයි මේ යෞවන සම්මේලනවවල ඉන්නවා කාලයක් තිස්සේ මේකේ ඉඳලා කැපකීරිමක් කරලා මේකේ කට්ටක් කාලා ඉන්න හොද තරුණ තරුණියෝ. මොකද අර හැමෝටම මේකේ කාඩ් එක ගහන්න බැහැ වංචා කරලා තියෙනවා කියලා.

වර්තමාන ගැටලුවට හේතුව

අනාගතේ රටේ නායකත්වයට පත්වෙන්න ඉන්න තරුණ තරුණියෝ තමයි මේකේ ඉන්නේ. මාලිමාවට හරි විදියහට කරන්න තිබ්බේ මේ හැමෝම එකතු කරගෙන මේ වැඩේ කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න කියලා මෙතනට ඇවිල්ලා මේ එක පාරට මේ අලුතින් සිස්ටම් එකක් ගෙනල්ලා මෙතනට දාන එක නෙවෙයි හරියන්නේ. ගමෙන් පටන් ගත්ත තරුණ සේවා සභාවේ තරුණ සමිතියේ එකට හිටපු තරුණ තරුණියෝ අද දෙපැත්තකට වෙලා. දැන් මේක ද මාලිමාවට කරන්න ඕන වුණේ. එකට කාලා බීලා හිටපු තරුණ තරුණියෝ විරසක කරලා මේගොල්ලෝ මේ කරන්න යන වෙනස මොකක්ද?

මේ එකට හිටපු අය ඇයි මේකට සම්බන්ධ කර නොගන්නේ? ඇයි මේ අයව එකපාරටම මෙහෙම එළියට දාන්නේ? අන්න එතනින් තමයි මේ ගැටලුව පටන් ගන්නේ‍. මේ හිටපු අයත් එක්ක සාකච්චා කරලා, මේ අයගෙන් පිරිසක් අරගෙන මාලිමාවෙත් පිරිසක් දාලා මෙන්න මේ වගේ සියලු දෙනාම එකතු කරගෙන මේ වැඩේ කරන්න තිබ්බා. නමුත් එක පාරටම පැරෂුට් එකකින් ගෙනල්ලා බැස්සුවා වගේ සිස්ටම් එකක් මේකට දාලා මේ අපේ කට්ටිය මේකට දාගන්න ඕන කියලා කරන්න ගියාම මේ වගේ ප්‍රශ්ණ ඇති වෙනවා.

ස්වාධීනත්වයට ඉඩ දෙන්න

අපි පැහැදිලීවම කියනවා කරුණාකරලා මේකේ ගැටුම් ඇති කරන්න එපා, ගැටුම් ඇතිකරගන්න තැනට මේ තරුණ තරුණියෝ පත් කරන්න එපා. මොකද එහෙම වුණොත් රටේ අනාගතය භාරගන්න මේ තරුණ තරුණියෝ දෙපැත්තකට බෙදිලා ගැටුමක් ඇති කරගන්න ගියාම අපි කොහොමද ඉස්සරහට යන්නේ? තව අවුරුදු 10ක් විතර ඉස්සරහට යද්දී මේ අය තමයි රට භාරගන්න ඉන්නේ. කරුණකරලා මේ තරුණ සේවා සභාව ස්වාධීනව පවතින්න ඉඩ දෙන්න. මේ තරුණයාට ස්වාධීනව කටයුතු කරන්න අලුතෙන් හිතන්න ව්‍යවසායකයන් බිහිවෙන්න මේ තියෙන දේවල්වලට ස්වාධීනව තියෙන්න ඉඩ හරීන්න.

මාස හයෙන් හයට අලුත් වන පත්වීම්

ප්‍රාදේශියා ලේකම් කාර්‍යලවවල ඉන්නවා තරුණ සේවා නිලධාරීන්. මෙයාලව අනුයුක්ත කරලා තියෙන්නේ පුහුණු අභ්‍යාසලාභීන් විදියට. මෙයාලට දීලා තියෙන්නේ මාස හයෙන් හයට අලුත් වන පත්වීම්. මාස හයේ තියෙන පත්වීම්වලට කොන්දේසියක් දාලා කිසිදු මැදිහත් වීමක් කරන්න බෑ කියලා. මෙයාලව හිර කරලා තමයි මේ පත්වීම් දිලා තියෙන්නේ. මාස දෙක තුනක් ඉඳන් මේ අයගේ පත්වීම අලුත් වෙලා නෑ. කනින් කොනින් ආරංචි වෙනවා මේ පත්වීම අහෝසි කරලා මාලිමාවේ ආධාරකරුවන් පත්කරගන්න සුදානම් වෙනව කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් ස්ථිර තොරතුරු ලබා දීමේ හැකියාවක් නෑ.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරුණ සේවා සභාව පිහිටුවීමේ අරමුණ ඉටු කරන්න හැම ආණ්ඩුවක් ම අසමත් වුණා - තරුණ පරපුර | The Leader