The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ දේශපාලන සිරකරුවන්ට සමාව දීම ගැන අධිකරණ ඇමැති ‘හදවතින්ම’ කන් දෙයි

T

The Leader Desk

August 7, 2025 • 3:18 AM

දෙමළ දේශපාලන සිරකරුවන්ට සමාව දීම ගැන අධිකරණ ඇමැති ‘හදවතින්ම’ කන් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජුලි 30 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සිය සංවිධානය කළ ඉල්ලීම් වලට ‘හදවතින් ඇහුන්කම් දෙන බවක්’ පැවසුවේ යයි දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින උතුරේ සංවිධානයක් පවසයි.
  • දේශපාලන සිරකරුවන්ට පොදු සමාව ලබා දීම සම්බන්ධ කරුණු ජනාධිපතිවරයාගේ අධිකාරියට අයත් වන නිසා මම ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරලා සුදුසු පියවර ගන්නම්, කියලා ඔහු කිව්වා,” යි හඬක් නැතිවුන්ගේ හඬ`සංවිධානයේ සම්බන්ධිකාරක මුරුගයියා කෝමගන් ප්‍රකාශ කළේය.
  • එම සාකච්ඡාව සදහා මේ වන විටත් වසර 16-30 අතර කාලයක් සිරකොට සිටින දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, නුවර ආදී ප්‍රදේශයන්හි සිට පැමිණ සිටි බව මුරුගයියා කෝමගන් වැඩි දුරටත් සඳහන් කරයි.
  • දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම මානුෂීය පදනමක් යටතේ සිදු කරන ලෙස ‘හඬක් නැතිවුන්ගේ හඬ`සංවිධානය අධිකරණ අමාත්‍යවරයාගෙන් තව දුරටත් ඉල්ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


2025 ජුලි 30 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සිය සංවිධානය කළ ඉල්ලීම් වලට ‘හදවතින් ඇහුන්කම් දෙන බවක්’ පැවසුවේ යයි දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින උතුරේ සංවිධානයක් පවසයි.

“මම ඔබලාගේ ඉල්ලීම්වලට සවන් දෙන්නේ මගේ කන්වලින් නෙමෙයි, මගේ හදවතින්. නීතිය තුළ මෙම ගැටළුව විසඳීමට මට පියවර ගන්න පුළුවන්. දේශපාලන සිරකරුවන්ට පොදු සමාව ලබා දීම සම්බන්ධ කරුණු ජනාධිපතිවරයාගේ අධිකාරියට අයත් වන නිසා මම ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරලා සුදුසු පියවර ගන්නම්, කියලා ඔහු කිව්වා,” යි හඬක් නැතිවුන්ගේ හඬ`සංවිධානයේ සම්බන්ධිකාරක මුරුගයියා කෝමගන් ප්‍රකාශ කළේය.

උතුරේ දියත් කළ යුද්ධයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු එහි සාමාජිකයන් දොලොස්දහසකට අධික ප්‍රමාණයක්  රජයේ මැදිහත්වීමෙන් පුනරුත්ථාපනය කර නිදහස් කළ පරිද්දෙන් දහයක් පමණ වන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සදහාද දේශපාලන තීන්දුවක් ගන්නා ලෙස එම සාකච්ඡාවේදී ‘හඬක් නැතිවුන්ගේ හඬ` සංවිධානය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

එම සාකච්ඡාව සදහා මේ වන විටත් වසර 16-30 අතර කාලයක් සිරකොට සිටින දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, නුවර ආදී ප්‍රදේශයන්හි සිට පැමිණ සිටි බව මුරුගයියා කෝමගන් වැඩි දුරටත් සඳහන් කරයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම මානුෂීය පදනමක් යටතේ සිදු කරන ලෙස  ‘හඬක් නැතිවුන්ගේ හඬ`සංවිධානය අධිකරණ අමාත්‍යවරයාගෙන් තව දුරටත්  ඉල්ලා ඇත.

මුරුගයියා කෝමගන් පවසන්නේ ඔවුන්ට මෙම සාකච්ඡාව සදහා අවස්ථාව ලබා ගැනීමට හැකි වුයේ මේ වසර ආරම්භයේ සිට දරණ ලද මහත් පරිශ්‍රමයක ප්‍රතිපලයක් ලෙස බවයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙස 2025 ජනවාරි 8 වැනි දින ජනාධිපතිවරයාටත්, ජනවාරි 22 වැනි දින අධිකරණ අමාත්‍යවරයාටත්, 2025 මාර්තු මාසයේ මැද අගමැතිනියටත් ලිපි යොමු කළ බව අවධාරණය කරන ‘හඬක් නැතිවුන්ගේ හඬ`සංවිධානයේ සම්බන්ධිකාරක මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ අවසානයේ ඒ සදහා අධිකරණ අමාත්‍යාංශයෙන් අවස්ථාවක් හිමි වුයේ පසුගිය ජුලි මාසයේ අග දී  බවයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...