එම සංධානය මේ බව සඳහන් කර සිටින්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද පැහැදිලි වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය වෙත ලිපියක් ඉදිරිපත් කරමිනි.
"ඔබට ජන වරමක් ලැබි ඇත, එහෙත් එය දේව වරමක් යැයි නොසිතන්න"
ජන අරගල සංධානයේ ජාතික විධායක සභාව විසින් යොමු කරන ලද මෙම ලිපියට අනුව මීට පෙර ද, පසුගිය දශක කිහිපය පුරා ම විටින් විට මෙවැනි ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී ඇතත ඒවායේ නිෂේධනාත්මක කරුණු කෙතරම් පැවතිය ද එම හැම අවස්ථාවකම පැහැදිලි සංවාදයට බඳුන් කළ හැකි ලේඛනයක් තිබුණු බව ද ඔවුන් සඳහන් කරයි.
1981- අධ්‍යාපන ධවල පත්‍රිකාව, 1988 - කිංස්ලි වාර්තාව, 1993 - පාසල් සංවර්ධන පනත් කෙටුම්පත, 1997 - ජයතිලක කමිටු වාර්තාව, 1999 - පාසල් විචාරවත් කිරීමේ යෝජනාව (පාසල් 3000ක් වසා දැමීමට ආ සැලසුම), 2005 - තාරා හැරල්ඩ් වාර්තාව, 2007 - විශ්වවිද්‍යාල තත්ත්ව ඇගයීම් කොමිසම ආදිය ඒ අතර විශාල විවාදයන් පැන නැගුණු මුලුමනින්ම ක්‍රියාවට නැගීමට නොහැකි වූ යෝජනා බව සිහිපත් කරණ ජනඅරගල සංධානය ඉහත සෑම අවස්ථාවක ම කෙතරම් මහජන විරෝධයකට එම ප්‍රතිසංස්කරණ ලක් වුව ද සාකච්ඡාවට බඳුන් කළ හැකි නිශ්චිත නිල ලියවිල්ලක් තිබුනු බව ද සඳහන් කරයි'
අවසාන වශයෙන් ඔවුන් අවධාරණය කරන්නේ මෙවැනි ‘භාග ලියවිලි’ හරහා අධ්‍යාපනය බඳු, රටක දරුවන්ගේ අනාගතයට බලපාන බරපතළ ප්‍රතිසංස්කරණයක් සිදු නොකරන ලෙසයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ පළමුව අධ්‍යාපන අමාත්‍යවරිය ගේ සමස්ත ප්‍රතිසංස්කරණ යෝජනාව රට ඉදිරියේ තබන්නට පෙර ප්‍රමාණවත් කාලයක් සමාජ සංවාදයකට ඉඩ ලබා දෙන ලෙසයි. ඒසේ නොමැතිව අත්තනෝමතික තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. එවැනි විවෘත සංවාදයක ජනනාත්මක පාර්ශවකරුවකු ලෙස මැදිහත් වීමට ද ඔවුන් සුදානම් බව ද ඔවුන් සඳහන් කරයි.
මතු පළ වන්නේ ජන අරගල සංධානය විසින් අධ්‍යාපන අමාත්‍යවරිය වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපිය යි.




