වසර 2025 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීති සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ ටාප් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේදී ඩිජිටල් හදගැස්මේ නීතිය යන මැයෙන් පැවැත්වුණු අතර එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ආරාධිත අමුත්තන් ඩිජිටල් පහන දල්වමින් සම්මන්ත්‍රණය ආරම්භ කළ අතර ආචාර්ය සුනිල් අබේරත්න විසින් පැමිණ සිට සියලු දෙනා පිළිගැනීම සිදුකළ අතර සම්මන්ත්‍රණයේ අරමුණ පැහැදිලි කරන ලදී.
ඒ අතර සංසදය විසින් මෙතෙක් සිදුකළ සේවා හා සම්මන්ත්‍රණ පිළිබඳ කරුණු දැක්වීය. එය හුදෙකම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීතියේ අධ්‍යයන කටයුතු සහ එහි ශාස්ත්‍රතාවය කෘතිම බුද්ධය ආචාර ධර්ම පද්ධතියක් හමුවේ දියුණු කිරීමට සංසදය දරන වෑයම පැහැදිලි කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත, පොදු ඩිජිටල් භාණ්ඩ සම්බන්ධව ඇති තත්ත්වයන්, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වල අවශ්‍යතාවය මෙන්ම කෘත්‍රිම බුද්ධිය උත්පාදන යුගය පිළිබඳව කරුණු දැක්වූහ. ඒ හා සම්බන්ධ නව නීති සහ එහි ඇති වැදගත්කම පිළිබඳ ඔහු පෙන්වා දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය විසින් කෘත්‍රිම බුද්ධිය හමුවේ අධිකරණ කටයුතු වල වැදගත්කම මෙන්ම ස්වභාවක යුක්ති මූලධර්මය විකාශ නොකොට ගෙන එහි අදාළ කර ගැනීම මෙන්ම ඇතැම් දත්ත එකතු කිරීමේදී ඇතිවිය හැකි පෞද්ගලිකත්ව හානිය, පරිගණක ආශ්‍රිත මුදල් සොරකම කෘත්‍රිම බුද්ධියට අදාළව කටයුතු කිරීමේදී ප්‍රකාශන අයිතිය කඩ කිරීම පිළිබඳ කරුණු සම්බන්ධයෙන්ද සාකච්ජා කරන ලදී.

තවද නීතිපති විසින් සාමාන්‍ය කටයුතු අතර තොරතුරු දැනගැනීමේ ක්‍රියාවලියේදී ඇතිවන දුෂ්කරතා පිළිබඳ ඉදිරිපත් කරමින් කෘත්‍රිම බුද්ධය එයට අදාළ කරමින් එය අවම කර ගැනීම පිළිබද විස්තර කෙරුණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රධාන දේශනය පවත්වමින් ඉලෙක්ට්‍රොනික සාක්ෂිවල අවශ්‍යතාවය පිළිබඳ කරුණු දක්වමින් එය බෙත්වල එදිරි ශ්‍රී ලංකා ජනරජය අබුබකර් එදිරි රැජිත සහ නීතිපති එදිරි ධර්මසේන යන නඩු අදාළ කර ගනිමින් කරුණු පැහැදිලි කරන ලදී.
ඉන්පසු ප්‍රධාන දේශනය පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම් නවාස් විසින් ඉමේජස් එදිරිව කැබලිව Al නඩුව හුවාදක්වමින් අප විසින් මානවයා යන්ත්‍ර මගින් ස්ථාපනය කිරීමේ යුගයක සිටන බවත් දත්ත හුවමාරුවට අදාළ ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇතිවන කාර්යාවලිය පිළිබඳ දක්වන ලදී. වැඩිදුරටත් දත්ත මකා දැමීමේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද කෘත්‍රිම බුද්ධිය කළමනා කරණ කටයුතු වලදී අදාල කර ගැනීම පිළිබඳ පුලුල් විග්‍රහයක් ඔහු විසින් සිදු කරන ලදී.
ඉන්පසු සැසිවාර ආරම්භ කළ අතර පළමු සැසිවාරයේදී ඩිජිටල් තාක්ෂණය හමුවේ පෞද්ගලිකත්වය සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහ එහි ආරක්ෂාවන්ට නීතිය සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම සැසිය ආචාර්ය රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨාධිපති මහාචාර්ය තිස්ස හේමරත්න විසින් පෞද්ගලික දත්ත හා බුද්ධිමය දේපළ අයිතීන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හමුවේ තුලනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
දෙවන සැසිවාරයේ ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය බුද්ධිමය දේපළ සහ දත්ත ආරක්ෂණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යුගය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
දෙවන සැසිවාරය ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික වාණිජ නියාමතයේදී නීති රාමුව කාරයක්ෂමතාව පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් නීතියේ click crap සැපයුම් වලට අදාළ දුර්වලතාවය සහ පැහැදිලි කර ගැනීම සහ ඊට අදාළ සම්බන්ධතා නීතියේ ප්‍රමිතය සාකච්ජා කරන ලදී.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ අතිරේක සොලිසිටර් ජනරාල් සුසන්ත පටබැඳි ඉලෙක්ටොනික සාක්ෂි වල ආවේශ්‍යතාවය යුගයට පෙර සහ වරතමාන තත්ත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ වෙළඳ සම්මුති වල නීතියට අදාළ ආදරශ නීති හා සම්බන්ධ තත්ත්වය පැහැදිලි කරන ලදී. එමෙන්ම එක්සත් ජාතීන් විසින් සම්මත කර ගන්නා ලද කෘත්‍රිම බුද්ධිය ජතනයට අදාළ කරුණු ඉලෙක්ටොනික කරමාන්තයට අදාළ සාකච්ඡා කරන ලදී.

නීතීඥ වානක්‍ය විසින් සාකච්ඡාවට නගන ලද්දේ කර්මාන්තයට අදාළව දෙපස භාග සම්බන්ධව අන්තර් ජාතික නීතිය හමුවේ නොගැළපීම සම්බන්ධව ශ්‍රී ලංකාව ලෝක දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශත සම්මුතියේ හෝ එකී සංවිධානයේ ඊට අදාළ සම්මුතියට ඇතළත් නොවීම මත අන්තර ජාතික ලෙසට බලපාත රාජ්‍ය භාග සම්බන්ධයෙන් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා විය.
නීතීඥ ආචාර්ය පුජිත අබේසේකර විසින් Crypto Currency මුදල් සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික ගණුදෙණු පනත අපරාධ පනත ආවරණය කිරීම මෙන්ම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
මේ අවස්ථාවට ගෞරවණීය ආරාධිත අමුත්තන් ලෙසට අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම් ඩි නවාස්, අභියාචනාධිකරණ සභාපති ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය, නීතිපති පාරින්ද රණසිංහ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව අමරසූරිය, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති හේෂාන් කරුණාරත්න, ශ්‍රී ලංකා විද්වත් සංගමයේ සභාපති සුජීව ලාල් දහනායක, නීතීඥ කුසල් සුභසිංහ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ එකමුතු සංසදයේ සභාපති ආචාර්ය සුනිල් අබේරත්න ඇතුලු එම සංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(සටහන | ජේ.මුණසිංහ)




