The Leader News
BREAKING
Top Ad
පුවත්

බදු දැලෙන් රිංගමින් ආනයනික බදු පැහැර හැරීම දිගින් දිගටම සිදුවෙනවා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

August 7, 2025 • 10:03 AM

බදු දැලෙන් රිංගමින් ආනයනික බදු පැහැර හැරීම දිගින් දිගටම සිදුවෙනවා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ වාහන ආනයනයේ දී මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
  • ඊට අමතරව ඇති නිර්ණායක මෙන්ම එම සීමා මත පැනවෙන බදු වෙන වෙනම ඉදිරිපත් කරන්න.
  • භාවිත කරන ලද හෝ නවතම BYD විද්‍යුත් වාහන මෙරටට ආනයනය කරන ආයතන විසින් එම වාහන නිෂ්කාෂණය කිරීමේ දී බදු ගෙවා ඇත්තේ කුමන ධාරිතාවක් මත ද යන්න ඉදිරිපත් කරන්න.
  • ශ්‍රී ලංකාවට BYD දේශීය නියෝජිත ආයතනය විසින් ආනයනය කරන ATT3 හා අනෙකුත් විද්‍යුත් වාහනයක වාර්තා කර ඇති උපරිම ධාරිතාව හා ශ්‍රේණිගත ධාරිතාව ඉදිරිපත් කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ වාහන ආනයනයේ දී මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

විද්‍යුත් වාහනවල සැබෑ ධාරිතාව කොපමණ ද...?

''සරල හා විනිවිදභාවයෙන් යුතු වාහන ආනයන බදු ක්‍රමයක් හඳුන්වා දීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා රජයේ ආදායම අහිමි වී අසමතුලිත වෙළෙදපොළ තරගයක් හා පාරිභෝගිකයාද දැඩි අපහසුතාවට පත් කරනවා.

ආනයනික විද්‍යුත් වාහනවලට බදු අය කරන්නේ එම වාහනවල උපරිම ධාරිතාව මත ද නැතිනම් ශ්‍රේණිගත ධාරිතාව මත ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.

ඊට අමතරව ඇති නිර්ණායක මෙන්ම එම සීමා මත පැනවෙන බදු වෙන වෙනම ඉදිරිපත් කරන්න.

භාවිත කරන ලද හෝ නවතම BYD විද්‍යුත් වාහන මෙරටට ආනයනය කරන ආයතන විසින් එම වාහන නිෂ්කාෂණය කිරීමේ දී බදු ගෙවා ඇත්තේ කුමන ධාරිතාවක් මත ද යන්න ඉදිරිපත් කරන්න.

ශ්‍රී ලංකාවට BYD දේශීය නියෝජිත ආයතනය විසින් ආනයනය කරන ATT3 හා අනෙකුත් විද්‍යුත් වාහනයක වාර්තා කර ඇති උපරිම ධාරිතාව හා ශ්‍රේණිගත ධාරිතාව ඉදිරිපත් කරන්න.

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති විද්‍යුත් වාහනවල සැබෑ ධාරිතාව හඳුනා ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍යයි.

වරදක් සිදුව ඇත්නම් අහිමිවන බදු ආදායම නැවත ලබා ගත යුතු යි

හරියාකාරම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම නිසා එක් වාහනයකින් බදු ආදායම රු. ලක්ෂ 40ක් හෝ 45ක් අහිමි වෙනවා.

බදු අය කිරීමේ ව්‍යාකූලත්වය මත කොපමණ වාහන සංඛ්‍යාවක් රේගුවේ සිරවී ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.

මෙම බදු ව්‍යාකූලත්වය සඳහා විසදුම් ලැබෙන තුරු මේවා රේගුවේ ම තියා ගන්නවා ද නැත්නම් රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.

මේ නිසා රජයට අහිමි වූ බදු ආදායමත් එයට වගකිවයුතු පාර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක් ද...?

රඳවා ගත් වාහන බදුවල වෙනසකට වටිනාකමට බැංකු ඇපකරයක් තබා එම වාහන නිදහස් කර ගන්නට හදනවා යැයි වාර්තා වෙනවා. වරදක් සිදුව ඇත්නම් අහිමිවන බදු ආදායම නැවත ලබා ගත යුතු යි.

මේ ගැටලුව තුළින් ඉගෙනුම් ලබා වාහන ආනයනය සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනය රජය සතු යෝජනාමොනවා ද...?  ලෝකයේ දියුණු රටවලට හානි නොවන සූත්‍ර ඇති බැවින් එවායින් පාඩම් ඉගෙන ගෙන අප ද කටයුතු කළ යුතු යි.''


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...