The Leader News
BREAKING
Top Ad
පුවත්

වන්නියේ ප්‍රමුඛ මාධ්‍යවේදියකු ත්‍රස්ත පොලිසියට කැඳවයි

T

The Leader Desk

August 7, 2025 • 2:14 PM

වන්නියේ ප්‍රමුඛ මාධ්‍යවේදියකු ත්‍රස්ත පොලිසියට කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (CTID) ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් වන්නියේ ජනමාධ්‍යවේදියකු ප්‍රශ්න කිරීමට කැඳවා තිබේ.
  • මාධ්‍යවේදියකු සහ මානව හිමිකම් ආරක්ෂකයකු වන කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත විමර්ශනය කුමක්දැයි එම කැදවීමේ ලිපියේ සඳහන්ව නැත.
  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර සැලකිල්ලට යොමු වී පවතින චෙම්මනි හා කොක්කුතොඩුවායි සමූහ සුසාන කැනීම් කුමනන් විසින් මෑත භාගයේ ප්‍රධාන ධාරාවේත්, පලකොට ඇති ඡායාරුප අතර වැදගත් වෙයි.
  • ජාත්‍යන්තර පාඨමාලාවක් සඳහා ඔහු විදේශ ගතව සිටියදී ඉකුත් ඔක්තෝබරයේ නිවසට පැමිණි ත්‍රස්ත පොලිසියේ නිලධාරීන් ඔහුගේ වියපත් පියා හමුවේ චෝදනා කර තිබුනේ උතුරේ ඉඩම් කොල්ලය සහ අතුරුදහන් වීම් ඇතුළු සිද්ධීන් ගැන මාධ්‍යවේදියා ජාත්‍යන්තරයට තොරතුරු සපයන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

(CTID)  ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් වන්නියේ ජනමාධ්‍යවේදියකු ප්‍රශ්න කිරීමට කැඳවා තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මුලතිව් උප ඒකකයේ ස්ථානාධිපතිවරයා කනපතිපිල්ලෙයි කුමනන් වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ ඔවුන් විසින් සිදු කරමින් පවතින විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා 2025 අගෝස්තු 17 වැනිදා උදේ 10 ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ අලම්පිල් උප ඒකකය වෙත පැමිණෙන ලෙසයි.

මාධ්‍යවේදියකු සහ මානව හිමිකම් ආරක්ෂකයකු වන කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත විමර්ශනය කුමක්දැයි එම කැදවීමේ ලිපියේ  සඳහන්ව නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර සැලකිල්ලට යොමු වී පවතින චෙම්මනි හා කොක්කුතොඩුවායි සමූහ සුසාන කැනීම් කුමනන් විසින් මෑත භාගයේ ප්‍රධාන ධාරාවේත්, පලකොට ඇති ඡායාරුප අතර වැදගත් වෙයි.

ජාත්‍යන්තර පාඨමාලාවක් සඳහා ඔහු විදේශ ගතව සිටියදී ඉකුත් ඔක්තෝබරයේ නිවසට පැමිණි ත්‍රස්ත පොලිසියේ නිලධාරීන් ඔහුගේ වියපත් පියා හමුවේ චෝදනා කර තිබුනේ උතුරේ ඉඩම් කොල්ලය සහ අතුරුදහන් වීම් ඇතුළු සිද්ධීන් ගැන මාධ්‍යවේදියා ජාත්‍යන්තරයට තොරතුරු සපයන බවයි.


මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති ද වන, දෘශ්‍ය මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් යුද පීඩිත උතුරේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් ඇතුළු අපරාධ සහ දුෂණ වංචා ඡායාරුපයෙන් මෙන්ම ලේඛනයෙන්ද අනාවරණය කිරීමෙන් ජාත්‍යන්තර අවධානයට ලක්වූ මාධ්‍යවේදියෙකි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් 2024 මැයි 21 වැනිදා  පළ කරන ලද “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ උරුමය ශ්‍රී ලංකාවේ හොල්මන් කරයි” (Legacy of enforced disappearances haunts Sri Lanka) වාර්තාව සඳහා භාවිතයට ගෙන තිබුනේ ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් විසින් ගන්නා ලද පින්තුරයි.

යුද පීඩිත දෙමළ ජනජීවිතය පමණක් නොව ගෝල්පේස් අරගලයද කේන්ද්‍ර කොටගෙන මාධ්‍යවේදී කුමනන් විසින් ගන්නා ලද ඡායාරූප ඩේලි ටෙලිග්‍රාෆ්. වයිස් වර්ල්ඩ් නිව්ස්, ඊව්නින් ස්ටෑන්ඩර්ඩ්, ද ගාඩියන්, අල් ජසීරා, BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල පලවී තිබේ.

පොදුවේ වන්නියේත් විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරු වසර කිහිපයක සිට ජනමාධ්‍යයට වාර්තාකරණයේ යෙදී සිටින්නෙකු වන කනපතිපිල්ලේ කුමනන්ට  වාර්තාකරණයේ දී  ආරක්ෂක අංශ වල සමාජිකයන්ගෙන් එල්ල වන තර්ජන වලට අමතරව මීට තෙවසරකට ඉහතදී හොර ලී ජාවාරමක් හෙළිදරව් කිරීම නිසා සිය වෘත්තීය සගයා, ෂන්මුගම් තවසීලන් සමග දරුණු ප්‍රහාරයකටද ගොදුරු වීමට ද සිදුවිය.

වන්නියේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මෙන්ම, ඒ ගැනද තවමත් යුක්තිය ඉටුවී නැත.

drgvferdf

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...