The Leader News
BREAKING
Top Ad
පුවත්

නිළි වරම දෙන්න නිරුවත් රූප ගෙන්වා ගෙන සෝමරත්න දිසානායකට රඟපෑ තැපැල් සේවකයා රිමාන්ඩ්

T

The Leader Desk

August 8, 2025 • 6:02 AM

නිළි වරම දෙන්න නිරුවත් රූප ගෙන්වා ගෙන සෝමරත්න දිසානායකට රඟපෑ තැපැල් සේවකයා රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තැපැල් සේවකයෙකු වන පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකාර තරුණයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
  • අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොල්ගහවෙල ප්‍රදේශයේදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.
  • සෝමරත්න දිසානායක වශයෙන් පෙනී සිටි මෙම සැකකාර පුද්ගලයා චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බවට පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල වයස 20 හා 35 අතර වියේ පසුවන තරුණියන්ගේ හා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
  • කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර පුද්ගලයා මෙම මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


තැපැල් සේවකයෙකු වන පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකාර තරුණයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කිසියම් පුද්ගලයෙකු තමන්ගේ ඡායාරූපය යොදා සකස් කර ගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවට චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොල්ගහවෙල ප්‍රදේශයේදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.

සෝමරත්න දිසානායක වශයෙන් පෙනී සිටි මෙම සැකකාර පුද්ගලයා චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බවට පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල වයස 20 හා 35 අතර වියේ පසුවන තරුණියන්ගේ හා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර පුද්ගලයා මෙම මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළා ය.

( mawbima | Kumudu Upul Shantha)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...